ජනාධිපතිවරණයට නැවත එන්නට ජනපති මෛත‍්‍රීට සදාචාරාත්මක අයිතියක් නෑ… එජාපයට දැන් තේරේ..

January 10, 2017 at 5:30 pm | lanka C news
ජනාධිපතිවරණයට නැවත එන්නට ජනපති මෛත‍්‍රීට සදාචාරාත්මක අයිතියක් නෑ… එජාපයට දැන් තේරේ..

විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම පදවිය තවදුරටත් පවත්වාගෙන යාමට සදාචාරාත්මක අයිතියක් නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

ස්වාධීන දේශපාලන පක්ෂයක් ලෙසින් තමන්ට අවශ්‍ය තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් තිබෙන නමුත්, එම පක්ෂයේ පවා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිය මත දේශපාලනයේ යෙදුනු කණ්ඩායම්වලටත් එවැනි ස්ථාවරයක් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවත් ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ජාතික ගැටලුවට විසඳුම් ලෙසින් බලය විමධ්‍යගත කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගත යුතු යයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවට ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේදීය.

පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි තීරණයක් ගෙන ඇති නමුත්, ජනාධිපතිවරයා ඇතුළු පක්ෂයේ බහුතරයකට එවැනි අරමුණක් තිබෙන්නේ යයි තමන් විශ්වාස නොකරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා පැවසීය.
“පක්ෂය ඇතුලේ තිබෙන ගැටළු, බල අරගල නිසා ඔවුන්ට විවිධ දේ කියන්න සිද්දවෙනවා වන්නට පුළුවන්,” ඔහු පැවසීය.

කෙසේ නමුත් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ පැවති දේශපාලන වාතාවරණය වෙනස් වී තිබෙන බැවින් පක්ෂයේ නව ස්ථාවරය පිළිබඳව එජාපය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් සරත් අමුණුගම අමාත්‍යවරයා පැවසීය.

මීළඟ ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ.

– BBC

26,208 Viewers

11 Comments to “ජනාධිපතිවරණයට නැවත එන්නට ජනපති මෛත‍්‍රීට සදාචාරාත්මක අයිතියක් නෑ… එජාපයට දැන් තේරේ..”

  1. gadol says:

    29 පාරක් පැරදිලා තවමත් ලැජ්ජා නැහැ.

    • ඇත්ත says:

      අනේද කියන්නේ ලංකාදීප ඇතුළු විජය පත්තර කන්තෝරැව කරන්නේ රනිල්ට අවශ්‍ය දේ…..කූඩැල්ලන් ඉන්නේ පන තියෙන මස් ඇති තැන්වලයි. 2020 දී මෛත්‍රී ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැති බව කීවොත් මේ කූඩැල්ලන් අලුත් මස් කුටිට් හොයයි. මෙය වැළක්වීම සදහා මෛත්‍රී 2020 ජනාධිපතිවරණයට ඉල්ලන බවට බොරැවට කියයි.

    • alaya says:

      රටේ උන්ට බදු ගහල කන්ඩ නැතුව මැරෙන්න පන අදිනවා ….මුන් මේ මඟුලක් කතා කරනවා …..යකෝ 2020 ට කලින් .. රටේ මිනිස්සු බඩගින්නේ මැරෙන්නේ නැතුව ජිවත් කරන්නේ කොහොමද කියල හිතපල්ලා

  2. kamasiri Kuruwita says:

    දෙන්න දෙපිලේ බයිලා ගහනවා ! මෝඩ පොන්න පොන්සි රෑන හුරේදානවා !
    සාගත මලු කරේ දමන් මහජනයා සාප කරනවා ! සාප වැදී මේ හොර රැල…………….!

  3. යුක්තිය says:

    යකෝ මූ කාටවත් එහෙම කියන්නෙ කොහොමද මුන්ට අාණ්ඩුවක් කරන්නවත් සදාචාරාත්මක අයිතිය ක් නැති කොට…

    • kamasiri Kuruwita says:

      සිරිසේනගේ රෙද්ද ට මුවාවෙලා බලයේ ඉන්න ගමන් මේ යකා කියන කතාවලට ජනතාවන් හූ කියන එක විතරයි කරන්නේ. අම්මප සිරිසේනට කොන්දක් නැහැනේ මේ ගුණමකු අමන කතා කියන එකාව ගෙදර එලවන්න .

      • asaranaya says:

        This Pambaya (or Beri Kalla) can not understand single word in English as all the paper work printed
        in English. So he is playing fool.

      • රටවැසියා says:

        එලවන්නෙ කොහොමද මුන් ඔක්කොම එකට බෙදාගෙනනෙ රට කන්නෙ

  4. වොක්ස්වැගන් පෝනියා says:

    ඕකට දාපංකො ටොමියො ෆුට් නෝට් එකක්.

  5. එජාප තරුන රිලවුකැල says:

    ඇර ටොමියා, ඇර! සිරා දෙන්ඩම එපා!
    ඊලඟ අවස්ථාව අපේ නායක රනිල් ව්ක්කාම සිංහ මැතිතුමාටම
    ලබා දෙමු.

  6. යමපාල says:

    ඇද්ද සිරයිය දීල අහගත්තා. සතුටුයි ද දැන්?

Main News