ජනාධිපතිවරණයත් කල් දාන්න සූදානම්.. පාර්ලිමේන්තුව තුළ පාංශකූලයකටත් සූදානම්..

September 8, 2018 at 3:25 am | lanka C news
ජනාධිපතිවරණයත් කල් දාන්න සූදානම්.. පාර්ලිමේන්තුව තුළ පාංශකූලයකටත් සූදානම්..

20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත දක්වන දක්වන ලදී.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝණාර, ජාත්‍යන්තර කටයුතු ලේකම් රෝහණ තල්පාවිල යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගී විය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ SD 29 2018 අංකය යටතේ, ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අපි පෙත්සමක් අද ගොනු කළා. එම පෙත්සමෙන් විසිවන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4,30.2 යන වගන්ති වලට පටහැනි නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ විධිවිධාන වලට අනුව මෙය ජනමත විචාරණයකට යොමු නොකර සම්මත කළ නොහැකියි කියන ප්‍රකාශයක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අද අපේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කලේ.

ඇත්තෙන්ම එම ඉල්ලීම අප ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදු කළත් අප බලාපොරොත්තුවන්නේ නැහැ මෙය ජනතාවට ඉතුරු කරන්න. ජනමත විචාරණයකට යොමු කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් මෙම  විසිවන සංශෝධනය සම්මත විය යුතුයි. මේ වන විට විසි වන සංශෝධනයට සහාය පළ කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පමණයි. මෙය පරාජය කිරීම සඳහා අපට මන්ත්‍රීවරුන් හැත්තෑපස් දෙනෙකු ගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ සමග මන්ත්‍රීවරුන් හැත්තෑවක් දැනටමත් සිටිනවා. තව පස්දෙනයි අවශ්‍ය වෙන්නේ.  එය ඉතාම පහසු ඉලක්කයක්. විසිවන සංශෝධනය සම්මත නොවන බවට පත්කරන්න අප ඉතාමත්ම සැලසුම් සහගත ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා.

අප 20 සංශෝධනයට හේතු තුනක් තුනක්  නිසා විරුද්ධයි. නංගි පෙන්නලා අක්කා දීමේ න්‍යාය කථානායකතුමන් විසින් පාර්ලිමේන්තුවටත් හඳුන්වාදී තිබෙන්නේ. ඒ අනුව අප දැක්කා 2017 අංක 16 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත කාරක සභා අවස්ථාවේදී  එයට සම්පූර්ණයෙන්ම පටහැනි දේවල් පනත ඇතුලට ගෙනල්ලා සම්මත කළා. ඒ වගේම 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කරන වෙලාවේ කාන්තා අවම නියෝජනය සහතික කරන්නට ගෙන ආ පනත අවසන් උනේ කොට්ඨාශ ක්‍රමය හදුන්වා දීමෙනුයි.  ඒ නිසා විසිවන සංශෝධනය හරහා පෙඩරල් ව්‍යවස්ථාව ද සම්මත කර ගැනීමේ අනතුරක් තියෙනවා. කාරක සභා අවස්ථාවේදී  පෙඩරල් වගන්ති ඇතුල් කිරීම සිදුවිය හැකියි. එය අප මෙයට විරුද්ධ වීමට පළමුවෙනි හේතුවයි.

දැනටත් ආණ්ඩුව මැතිවරණ වලට බයයි.  පස්සේ නිදා ජනගඟ දැක්කට පස්සේ ආණ්ඩුව දැන් කොහොමත් බය වෙලයි ඉන්නෙ. ඒ නිසා පළාත් සභා මැතිවරණය පුංචි ඡන්දය අත් දෙකම ආණ්ඩුව විසින් කල් දමා ගත්තේ සීමානිර්නය ඉස්සරහට දමලා. ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණය කිට්ටු වෙද්දී එයටත්  සීමා නිර්ණය කොමිසමක් පත් කලොත් සීමා නිර්ණයට මුවා වෙලා පාර්ලිමේන්තු මැතිවරණය කල් දාලා මේ නායකයෝ හැමදාමත් කියනවා වගේ 2025 දක්වා බලයේ සිටි මේ කූට උපායකි ඔවුන් කටයුතු කරන්නේ. එයට ඇති එකම බාධාව තමයි ජනාධිපතිවරණය. ජනාධිපතිවරණයේ දී සමස්ත රටම එකම මැතිවරණ කොට්ඨාශයක් බවට පත්වන නිසා සීමා නිර්ණය පෙන්වමින් ජනාධිපතිවරණය කල් දමන්නට බැහැ. එනිසා තමයි ජනතා විමුක්ති පෙරමුණට කොන්ත්‍රාත්තුවක් බාරදී තිබෙන්නේ ජනාධිපති ධූරය අහෝසි කරන්නට. එවිට අනිත් ඡන්ද සීමා නිර්ණයට මුවාවෙමින් කල් දමා 2025 වනතුරු බලයේ සිටීම තමයි මේ ආණ්ඩුවේ උපාය මාර්ගය වී තිබෙන්නේ. එය අප මෙයට විරුද්ධ වීමට මේ මං දෙවෙනි හේතුවයි.

අපි ප්‍රතිපත්තියක් විදියට ජනාධිපති ක්‍රමයට පක්ෂයි. ලෝකයේ තිබෙන නවීනතම විශිෂ්ටතම සහ ජනප්‍රියතම ආණ්ඩු ක්‍රමය තමයි ජනාධිපති ක්‍රමය. එවැනි ක්‍රමයක් අහෝසිකළ යුතු යැයි ශ්‍රී ලංකාව තුල පමණක් මතය හදා ගන්නට පුළුවන් වීමෙන් අපේ රට තුළ එන්ජිඕ කාරයන්ගේ ඩොලර් සහ පවුම් කෙතරම් බලවත් ද කියන එකයි පේන්නේ. ලොවම පිලිගන්නා දෙය මේ රට ප්‍රතික්ෂේප කළ යුතු යැයි ජනප්‍රිය මතයක් හදාගන්නට එන්ජිඕ ඩොලර් සහ පවුම් වලට පුළුවන් වී තිබෙනවා. නමුත් අප ජනමතය එනතුරු බලා නොසිට පාර්ලිමේන්තුව තුළම විසිවන සංශෝධනය අවසන් කරලා පාංශුකූලය ද පාර්ලිමේන්තුව තුළ දීලයි පස්ස බලන්නේ.

– අරවින්ද අතුකෝරල

13,438 Viewers

5 Comments to “ජනාධිපතිවරණයත් කල් දාන්න සූදානම්.. පාර්ලිමේන්තුව තුළ පාංශකූලයකටත් සූදානම්..”

  1. Ratawesiyek says:

    All the patriotic people in this country back you up and bless you for taking steps on the behalf the Nation , to avert such a disastrous act , which is very obviously , detrimental to the country’s Sovereignity .

  2. tiika says:

    ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් මේ රටේ සිංහල බහුතරයට තිබෙන සහ තිබිය යුතු සාධාරණ බහුතර බලය අහෝසි වෙනවා.. දැන් වෙලා තියනව වගේ සියලු බලතල පාර්ලිමේන්තුව තුල මුදලට බලයට කූට උපක්‍රම හරහා සුළු ජාතීන්ට පමණක් වාසි වීමටත් සිංහලයා ඇද වැට්ටවීමටත් භාවිතා වේවි. එවිට නැවත සිවිල් යුද්දයට ආරම්භයක්ද විය හැකියි.

    • ජනක says:

      අනිවාර්යෙන්ම වෙන්නේ එකයි
      1)ඔන්න පාර්ලිමේන්තුවට යම් පනතක් ගේනවා සම්මත කරගන්න එක බෙදුම් වාදීන්ට අහිතකරයි
      2)ඔන්න මහරාජා කාරයා /සහ බටහිර කොටි ඩයස් පොරාව සල්ලි කොටි ගණන් අපේ ගොන්ජලාට පොම්ප කරනවා
      3)පනත වැඩි චන්දයෙන් පරාදයි
      4) බෙදුම් වාදීන් දිනනවා

      සරලයි සැහැල්ලුයි සිංහලයා ඉවරයි ඔන්න ජේවීපී 20 වන ශාන්සොදනය

  3. PoorCitizen says:

    BRAVO

  4. Nandasoma says:

    සමස්ත රටත්, ජාතියත් පාවා දීමේ දේශද්‍රෝහී අරමුණ සමග පරගැති ජ වි පෙ ත් රටින්ම තුරන් කරමු…!

Main News