ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් කල් දමයි..- මෛත‍්‍රී කියයි..

October 12, 2018 at 3:50 pm | lanka C news
ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් කල් දමයි..- මෛත‍්‍රී කියයි..

මෙම ආණ්ඩුව යටතේ මැතිවරණ බලාපොරොත්තු නොවන්නැයි ඉල්ලා සිටින බව එක්සත් ජාතික නිදස් පෙරමුණේ නායක මෛත‍්‍රි ගුණරත්න මහතා පවසයි.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණයද කල් දමනු ඇති බවට සැකයක් ඇතැයිද ඔහු සදහන් කරයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

11,972 Viewers

8 Comments to “ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් කල් දමයි..- මෛත‍්‍රී කියයි..”

  1. Gayantha says:

    කොහොමත් චන්ද පහු කරපු සිරිමවෝලා හෝදන් ගියා වගේ හිටන්ගේ ශ්‍රී ලනිපෙයි රනිල්ගේ එජාපයයි හෝදගෙන යන්නේ කවදා හරි චන්දයක් තිවුන වෙලවක. දැන් අහන්න ඔන බටහිර තානාපතිලගෙන් මේ චන්ද නොතියන එක මොන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්ද කියලා. මහින්ද මෙහෙම පහු කරා නම් බලන්න තිවුනා තානාපතිලගෙ දැගලිල්ල.

    • නාලක says:

      මහින්දට, රනිල්ට, මෛත්‍රීට, බැසිල්ට, ගෝඨාභයට, අනුරට සහ සජිත් (හතේ කල්ලියට) ජනාධිපති විය නොහැකි හෙයින් බටහිර ඔත්තු සෙවා සහ බෙදුම්වාදී සැළසුම අනුව ජනාධිපතිවරණය නීති පොතෙන් කටුගා දැමීමේ සැළසුමක්…..?

  2. Ananda says:

    සිංහලයන් සතු විධායක බලය සුලු ජාතින් අත්කර ගැනීමේ අනතුරක රට තිබේ…

    • Mekka says:

      ඒකනන් ඇත්ත…මොකද විධායක ජනාධිපති ධූරය අයින් කරනව කියන්නෙ පාර්ලිමේන්තු සුලු ජාතික ඔලු ගෙඩිවලින් විධායක බලය ක්‍රියාත්මක කරනව කියන එකනෙ…

  3. Love nature says:

    සිරිසේන හා රනිල් අගමැති එකම කාසියේ පැතිදෙක. ඒ නිසා ඔබ සිරිසේන මැතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණට දෙන හැම චන්දයක්ම ඔබ දෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් සමග ගැටගැහිලා ඉන්න යහපාලනයට.

    අමතක කරන්න එපා මේ පළාත් පාලන චන්දයේදී ඔබ සිරිසේන තුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණට හෝ සන්ධානයේ පුටුව ලකුණට දෙන හැම චන්දයක්ම දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බව.

  4. Nandasoma says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුව, මැතිවරණ කල් දැමීමට කිසිවකුටත් නොහැකිය…..

    මැතිවරණ කොමිසමට ඒ සඳහා පුර්ණ බලතල ඇත…..

    උසාවියේ හෝ පාර්ලිමේන්තුවේ කුමන පනත් සම්මත වූවද, කුමන නීති පැනවූවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ජනමත විචාරණයකින් සම්මත කොට අහෝසි කරණ තුරු මැතිවරණ නොපත්වා සිටීමට කොමිසමට නොහැකිය…..

    වර්තමාන මැතිවරණ කොමිසම බොරු හේතු ඉදිරිපත් කරමින් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුවට සහයෝගය දෙයි…..

    එබැවින්, මැතිවරණ නොපැවැත්වීම මුලුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි…

  5. rathne says:

    දන්නවනේ සිරිමාවෝ මැතිනියට ජේ ආර් කලදේ . එයදං නීති ගති වෙලා ඉවරි .
    එහෙමෙ උනොත් නීතියේම උසාවියකින් ම්ය්ත්‍රී ගස් .

  6. david milibanda says:

    Yes. මැතිවරණ walata passe gedara yanna, gamata yanna behe ne.
    Wife lath munwa elawanawa.

Leave a Comment

Main News