ජනාධිපතිවරයාට රිසි පරිදි කිසිවෙකු නෙරපන්න බෑ.. විජේදාස ඉවත් කල ඓතිහාසික ගැසට් පත්‍රයෙන් හෙලිවේ..

August 31, 2017 at 10:36 pm | lanka C news
ජනාධිපතිවරයාට රිසි පරිදි කිසිවෙකු නෙරපන්න බෑ.. විජේදාස ඉවත් කල ඓතිහාසික ගැසට් පත්‍රයෙන් හෙලිවේ..

බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා තමන් දරන අමාත්‍ය ධූරයන්ගෙන් පසුගිය 24 වෙනිදා “අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3) අ ව්‍යවස්ථාව යටතේ එතුමා වෙත පැවරි ඇති බලතල ප්‍රකාර 2017 අගෝස්තු මස 23 වෙනි දින සිට ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබු බව මෙයින් දැනුම් දෙනු ලැබේ” අතිගරු ජනාධිපතිගේ නියමය පරිදි, ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ලෙස අංක 2034/11 ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කොට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3) අ ව්‍යවස්ථාව යනු “අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත්” ලෙස සඳහන් වේ.

මේ අනුව බලන කල 1972 ජනරජ ව්‍යවස්ථාව අනුව එවකට සිටි ජනාධිපති විලියම් ගොපල්ලව මහතා සහ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලතල බැලු බැල්මට එක සමාන වනුයේ එදා සහ අද ජනාධිපතිවරුන් දෙදෙනාම අගමැති හා ඇමතිවරු පත්කිරිම සහ ඉවත්කිරිම දෙකම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා සිදු කල යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බැවිනි.

ඒ අනුව 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ක්‍රියාත්මක වනුයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත බවට මෙයට කදිම සාක්ෂියකි. ඒ අනුව කිසිකලක ජනාධිපතිවරයාට තමා නියෝජනය පක්ෂයක් ජයග්‍රහණය නොකොට අගමැතිවරයා ඉවත් කොට නව අගමැතිවරයෙකු පත් කරනවා තබා අමාත්‍යවරයෙකු පත්කිරිමට හෝ ඉවත්කිරිම අගමැතිවරයාගේ උපදෙස් නොමැතිව ක්‍රියාත්මක කල නොහැකිය. එසේ ජනාධිපතිවරයා සිදු කලහොත් ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කල පුද්ගලයකු බවට තීරණය වනු ඇත.

40,966 Viewers

3 Comments to “ජනාධිපතිවරයාට රිසි පරිදි කිසිවෙකු නෙරපන්න බෑ.. විජේදාස ඉවත් කල ඓතිහාසික ගැසට් පත්‍රයෙන් හෙලිවේ..”

  1. පඹයා says:

    ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු අපහාස කරන ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු සියලුම නරකක් වේවා කියල මුළු හිතෙන්ම ශාප කරන ජනපති කවුද ?
    එයට හේතුව මොහු මේ රටේ මිනිස්සු මුලා කර ඉතාම කැත ජඩ පහත් විදියකින් බලයට පත්වීම සහ මොහු එම බලය රැකගැනීමට කරන ජඩ පහත් තුට්ටු දෙකේ නොහොබිනා වැඩ
    උදාහරණයක් වශයෙන් “කවුරු චන්ද ගත්තත් මට ඕනා කෙනා තමා අගමැති වෙන්නේ “කියා චන්ද දැන්වීම් සහ කටයුතු නැවැත්වූ රාත්‍රියේ ඉතාම නීච ලෙස ලජ්ජා නැතිලෙස ප්‍රකාස කිරීම .දැනුත් දිනපතා කරන්නේ ඔවැනි ප්‍රකාශම තමා .මේ කොමෙන්ටුව පලකරන්න .මේ කියන්නේ ඇත්ත

  2. chatu says:

    dasaka 3na 4rakata kalin polonnaruwe janathawa
    HORAKAMATA
    MERAKAMATA
    SALLALAKAMATA wiruddhwa

    ,axe, porawa pawicchi kalaanam
    ,MR, yuddhayen dinaadun rata lassanata idiriyata genayanta tibuna.

  3. Bora says:

    Yes, Mr Wijedasa has been removed from his post as a Minister by President on the advice of the PrimMinister!

Main News