ජනාධිපතිවරයා අධිකරණයට ඇගිලි ගහන්නෑ කියුවත් ජනාධිපති කාර්යාලය ඇගිලි ගහලා.. අභියාචනාධිකරණය සභාපති පත්කිරීමෙන් එය සනාථයි..

April 18, 2017 at 11:20 am | lanka C news
ජනාධිපතිවරයා අධිකරණයට ඇගිලි ගහන්නෑ කියුවත් ජනාධිපති කාර්යාලය ඇගිලි ගහලා.. අභියාචනාධිකරණය සභාපති පත්කිරීමෙන් එය සනාථයි..

රටේ ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් පත්කරනු ලබන අභියාචනාධිකරණ සභාපතිවරයා පත්කිරීමට ජනාධිපතිවරයා මැදිහත් නොවන බව තමන්ට පෑවසු බව මාධ්‍යම පලාත් සභා මන්ත්‍රී අසාත් සාලි ප්‍රකාශ කොට ඇත.

එහෙත් එම තීරණයට සම්පූර්ණයෙන්ම පටහැනිව යමින් ව්‍යවස්ථාදායක මණ්ඩලයත් රටේ අධිකරණයේ ස්වාධීනත්වය පසෙකලා ජනාධිපති කාර්යාලය ඉල්ලිමක් කොට ඇත්තේ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ජේෂ්ඨත්වය නොසලකා ලැයිස්තුවේ ඇති තුන්වෙනි පුද්ගලයා ඊලඟ අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත් කරන ලෙසයි.

ඒ අනුව දැනට අභියාචනාධිකරණයේ සභාපති ලෙස සිටින විජිත කේ. මලල්ගොඩ විනිසුරුවරයා පසුගිය සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබ යෑමේදී ඇතිවන පුරප්පාඩුව සඳහා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ජේෂ්ඨත්වය අනුව තුන්වෙනි ස්ථානයේ පසුවන පී.ආර්. වල්ගම විනිශ්චයකාරවරිය පත්වනු ඇත.

මෙම ජනාධිපති කාර්යාලයෙ ඉල්ලීම සම්පූර්ණයෙන්ම රටේ ස්වාධීන අධිකරණයට මෙන්ම අධිකරණ සේවා කොමිෂමට කරනු ලැබු විශාල හානියක් බව අසාත් සාලි ප්‍රකාශ කල බව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

සම්පූර්ණ විස්තරය මෙතනින්

6,913 Viewers

2 Comments to “ජනාධිපතිවරයා අධිකරණයට ඇගිලි ගහන්නෑ කියුවත් ජනාධිපති කාර්යාලය ඇගිලි ගහලා.. අභියාචනාධිකරණය සභාපති පත්කිරීමෙන් එය සනාථයි..”

  1. Sajith says:

    Malalgodalath udin paathwelaa abiyachanadikarana vinisuru waru wechchi karriyagen ekken vitharai. neethipathi eke indan kelimma udin pandamata paath una bawa danne nedda? Mara ge kaale thamaa ehema aawe udin bada pinumak gahala. Walgama nona Judge kenek weddi Malalgodala sooppuwen kiri bonawa.

    • Hamza says:

      Maybe, but therefore people voted Mauthreepala Sirisena for a change, and Yahapalnana Government introduce 19th amendment to the Constitution for the better independence of judiciary,

Main News