ජනාධිපති අපේක්‍ෂකයා නොව මීලග ජනාධිපති නම් කරන්න මහින්ද සූදානම්..[Video]

August 4, 2018 at 12:02 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකයා නොව මීලග ජනාධිපති නම් කරන්න මහින්ද සූදානම්..[Video]

කොළඹ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේ පැවති ජන බල සේනා රැළියට එක් වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

මහින්ද රාජපක්ෂ මැතිතුමනි තවත් නුදුරු දිනකින් ඔබතුමා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම්කරන්නට නියමිතයි. එදාට ඔබතුමා නම් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක නොවෙයි රටේ ඊළඟ ජනාධිපති වරයා කියන එක අපි සිහිපත් කරන්නට ඕනෑ.

අද මේ රටේ ජනතාව මේ වැඩබැරි හොරු පිරි බොරු කියන ආණ්ඩුව එලවා ගන්න ඇඟිලි ගනිමින් බලාගෙන ඉන්නේ. අද මේ වන විට කම්කරුවන්ට වැඩ නැහැ. ගොවියාට පොහොර නැහැ. ධීවරයාට තෙල් නැහැ. ලෙඩුන්ට බෙහෙත් නැහැ. උපාධිධාරීන්ට රැකියා නැහැ. හොරුන්ට නඩු නැහැ. නායකයන්ට මේවා වගේ වගක් නැහැ.

මේ රටේ අද ආණ්ඩුවක් නැහැ. ජනාධිපතිවරණය සඳහා තවත් මාස පහළොවක් තියෙනවා. හැබැයි මේ වැඩ බැරි ආණ්ඩුවට තව මාස පහළොවක් මේ රට කන්න ඉඩ දීලා අපි නිකං බලා හිටියොත් මිත්‍රවරුනි මාස 15 කින් භාරගන්න රටක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ ජනාධිපතිවරණය තියෙන ලබන අවුරුද්දේ නෙමෙයි. මේ අවුරුද්දේ මේ මොහොතේ දීම මේ ආණ්ඩුව ගෙදර යවන්න අපි පෙළගැසෙන්නට ඕනෑ.

උතුරේ මහ ඇමතිට පොලිස් බලතල දියයුතු ද?

අද වන විට උතුරු පළාත එකම ලේ විලක් වෙලා. එකම ගිනි ගොඩක් වෙලා. හැමතැනම මරා දානවා. කප්පම් ගන්නවා. පොලිස් නිලධාරීන් මරා දමන තත්වයටම උඩු දුවා තියෙනවා. උතුරේ මහ ඇමතිතුමා ඊයේ ප්‍රකාශ කරනවා පොලිස් බලතල උතුරට දුන්නොත් සති දෙකෙන් අපි මේ ඝාතන සියල්ල නතර කරලා ආවා කල්ලිය වානා කරලා දානවා කියලා. එහෙම සති දෙකෙන් අපරාධ නතර කරන්න නම් මේ සිදුවන සෑම අපරාධයක් පිටුපසම විග්නේෂ්වරන් සිටිය යුතුයි මිත්‍රවරුනි. අපි දකුණේ මහ ඇමතිවරුන්ට පොලිස් බලතල දීලා නෙවෙයි 2013 වසර අග එද්දි පාතාලය බින්දුවට වට්ටලා කප්පම් ගැනීම නැත්තටම නැති කරලා මේ රටේ අපරාධ මර්දනය කරලා තිබුණේ. අපරාධ මර්දනය කරන්නට උතුරේ මහ ඇමතිට පොලිස් බලතල දෙන්න අවශ්‍ය නැහැ. 2015 ජනවාරි 09 ට කලින් ඔය උතුරේ වෙඩි හඬක් තියා රටට එරෙහිව රතිඤ්ඤා කරලක් පත්තු කරන්න කිසිවෙක් හිටියෙ නැහැ කියන එක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරවයක් විදියට සිහිපත් කරන්නට අවශ්‍යයි.

ලිප්ටන් වටරවුමේ සිට අරලියගහා මන්දිරයට

ඒ නිසා අද මේ ජාතිය බලාගෙන ඉන්නේ මේ රට කන ආණ්ඩුව ගෙදර යවලා ජාතියේ ස්වර්ණමය යුගය රාජපක්ෂ යුගය යළි ඇති කරගන්නයි. මේ මාස 15 ඇතුලේ මේ ආණ්ඩුව සැලසුම් කරලා තියෙනවා මිත්‍රවරුනි සුමන්දිරන්, ජයම්පති, සුරේන් ප්‍රනාන්දු කියන තුන් බෑයන් එකට එකතු වෙලා හදපු පෙඩරල් ව්‍යවස්ථාව අනුව රට කෑලි නමයකට කඩල ජනාධිපතිවරුන් නම දෙනෙක් වගේ බලතල සහිත මහ ඇමතිවරුන් නම දෙනෙක් පත්කරන්න.

ඒ වගේම රටේ තියන ජාතියේ වටිනාම මරමස්ථාන ටික තුට්ටු දෙකට නොරටුන්ට දීලා දාන්න. එහෙම කළාට පස්සේ මේ රට බාර ගෙන ඇති වැඩේ මොකක්ද. අනාගතයේ පත්වන ජනාධිපතිතුමා හම්බන්තොට යනකොට වරායේ ලෙලදෙන චීන කොඩිය පෙන්නලා චීනුන් කියාවි මේ පැත්තට එන්න එපා මේක අපේ කියලා. උතුරට යනකොට කන්කසන්තුරේ වරාය පලාලි ගුවන්තොටුපළ අත්පත් කරගෙන සිටින ඉන්දියානුවා කියාවි තමුසෙට මෙහෙට වරමක් නෑ මේ කෑල්ල අපේ කියලා. ත්‍රිකුණාමලයට යද්දි ඒකෙ අධිපතිකම තියෙන්නේ සිංගප්පූරුවට නම් කොළඹට එද්දි ඒකෙ අයිතිය තියෙන්නෙ ඇමරිකාවට නම පත්වෙන ජනාධිපතිට ජනාධිපතිකම් කරන්න වෙන්නේ කොහෙද? අපිට පාලනය කරන්න රටක් ඉතිරි කරලා යන්නේ නැහැ මිත්‍රවරුනි. ඒ නිසා අපි මීළඟ පාර කොළඹට එන්නේ ලිප්ටන් වටරවුමේ ඉඳන් මේ එළිමහන් රංග පීඨයට එන්න නොවෙයි. ලිප්ටන් වටරවුමේ ඉඳන් අරලියගහ මන්දිරයට යන්න. එහි ගොස් පලයව් හිටියා ඇති රට නොකා පලයව් කියලා රනිල් වික්‍රමසිංහ කනින් ඇදලා එළියට දාන්න.

අන්තිම කැමති පත්‍රය ලියලා ඊලග පාර කොළඹ එන්න

මිත්‍රවරුනි ආණ්ඩුවක් පෙරලන්න වෙන්නේ ඡන්දෙන් තමයි. හැබැයි මේ ආණ්ඩුව ඡන්දවලින් පෙරළන්න බෑ. පළාත් සභා ඡන්දයට බාලගිරි දෝෂය. ඡන්දය අද නොවෙයි හෙට. පුංචි ඡන්දයට කළෙත් ඔය ටික තමයි. ඒ නිසා මිත්‍රවරුනි මේ අය පළාත් සභා ඡන්දය තියන්නේ නැහැ. තියන්නේ නැහැ නෙවෙයි තියන්න බැහැ. තියන්න බැරි පරදින බව දන්න හින්දයි. ඒ නිසා පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියන්න පුළුවන් උනත් මේ ආණ්ඩුව නම් ඡන්දයකට ගෙනියන්න බැහැ. ඡන්ද නොතියෙන ආණ්ඩුවක් ගෙදර යවන්න පුළුවන් එකම ක්‍රමය ජන බලයෙන් පමණමයි. මේ ආණ්ඩුවට අපි කියනවා නිල බලය තොපේ. ධන බලය තොපේ. මැර බලය තොපේ. බටහිර බලයත් තොපේ. ඒත් ජන බලය අපේ. ඒ ජන බලය අරගෙන අපි පාරට බැස්ස දාට තොපිට අකුලගෙන යන්න වෙනවා කියන පණිවිඩය අපි දෙනවා. ඊළඟ පාර අපි කොළඹ ආවම අපි එන්නේ ගෙදර යන්න නෙමෙයි. අපි එන්නේ ආණ්ඩුව ගෙදර යවන්න. අපි පාරේ නිදියමු. පාරේ උයමු. පාරේ කමු. මුන් යනතුරු අපි ඉමු කියන යෝජනාව කරමින් ඔබත් මේ මව්බිමට ආදරේ නම් ඊළඟ වතාවේ කොළඹට එන විට අන්තිම කැමති පත්‍රය ලියලා ඇවිත් හරි මේ ආණ්ඩුව ගෙදර යවන අරගලයට එකතු වෙන්න කියලා තමුන්නාන්සේලාට ආරාධනා කරමින් අපගේ ආදරණීය මාතෘ භූමියට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.

– අරවින්ද අතුකෝරල

16,198 Viewers

10 Comments to “ජනාධිපති අපේක්‍ෂකයා නොව මීලග ජනාධිපති නම් කරන්න මහින්ද සූදානම්..[Video]”

  1. විතාරන්දෙණියේ සුමංගල හිමි says:

    මහින්ද මහත්තය මෙි රටට විශාල සේවයක් කළ අයෙක්. ඒත් දැන් වයසයි. මෙතුමා දිනපතා පන්සල් වලට කැඳවාගෙන ගිහින් වෙහෙස කරල රෝගියෙක් කරන්න එපා.
    මෙතුමට විවෙිකයෙන් නිදහසේ ඉන්න දෙන්න.
    මොන තරමි දේවල් කළත් රජෙක් උනත් ලෙඩෙක් නමි වැඩක් වෙන්නෙ නැහැ. මෙතුමා වෙහෙසට පත්කරන ආකාරයට එහෙමත් වෙන්න පුළුවන්.
    තෘෂ්ණාව අතහැර උපේක්ෂාවට පුරැදු වෙන්න.

    • එක්නැලිගොඩ says:

      මහින්ද මහත්ය බලෙන් පන්සල් යන් නෑ හාමුදුරුවනේ. පන්සල් ගියාම රෝගී වෙනවනම් අපේ හාමුදුරුවනේ පන්සලේම ඉන්න ඔබවහන්සේ දැන් හොදටම රෝගී ඇති. දිනපතා පන්සල් ගියාම රෝගී වෙනව වගේ කතා කියල සසුනට අපහාස නොකර ඉන්නවද

    • TMK says:

      Ethakota oyage RANIYAI, MOODA SIRAI fitda?

  2. Prabath says:

    Moda joke

  3. Champa Kumari says:

    දහනවවැනි ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන යටතේ මහින්ද රාජපක්ෂට නැවත ඡන්දේ ඉල්ලන්න බෑ එතුමා කොහොමද ආයෙත් වරක් ජනාධිපති වෙන්නේ.මේවා ඇත්තටම විහිලු කතා.

  4. එක්නැලිගොඩ says:

    විමල් උදය දිනේශ් වාසු හතරදෙනෙක් සෙන්පතියෝ……….. ජයවේවා !

  5. manthree una amathi una aga mathai una vipakksha nayaka unaa 2 paaraka janaadi pathi uana de 73 jeewithe sadakalaya gedarata wela suwen gatha karanna thawath me rate ugath minisin innawa e kata hari thana denna pinsidda wei

  6. Saradiel says:

    යමපාලන හරකා පන්නන්නට සැරසෙව්

    https://www.youtube.com/watch?v=M5iHgT8Z02U

  7. ජයවේවා අපේ වර්ථමාන දුටු ගැමුණු, අපි හුස්ම ගන්නේ දෙනෙත් විවරකර ගෙන මහමග යන්නේ ඔබතුමා හා ගොඨාභය මැතිඳුන් මෙන්ම ත්‍රිවිධ හමුදාව නිසා මුල අමතක අපිට නැවත ඔබ අවශ්‍යයයි අපේ ජනාධිපතිතුමණි. විනාශවෙලා නෂ්ඨාවශේෂ වීමට ආසන්න ශ්‍රි ලංකා මාතාව නැවත ජීවය දෙන්න පැමිණෙන්න ජනාධිපතිතුමණි

Leave a Comment

Main News