ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී අත්අඩංගුවට ගෙන ඇත්තේ අගමැතිගේ මෙහෙයවීමෙන්…- විදෙස් මාධ්‍ය කියයි..

May 7, 2018 at 10:40 am | lanka C news
ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී අත්අඩංගුවට ගෙන ඇත්තේ අගමැතිගේ මෙහෙයවීමෙන්…- විදෙස් මාධ්‍ය කියයි..

රුපියල් මිලියන 540 ක් පගාව ඉල්ලා පසුගිය සිකුරාදා සවස එයින් රුපියල් මිලියන 20 ක අත්තිකාරමක් ගනිද්දි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානි අල්ලස් හා දූෂණය කොමිසමේ නිලධාරින් විසින් අතටම කොටුකර ගැනිම සඳහා අවශ්‍ය උපදෙස් අදාළ ඉන්දීය සමාගමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය මගින් ලබාදුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

මීට මාස කිහිපයකට පෙර කන්තලේ සීනි සමාගම ගැනීමට මිල ඉදිරිපත් කල ඉන්දීය සමාගම වසර 30 කට ලබාගැනිමට අවශ්‍ය මිල ගනන් ඉදිරිපත් කලේ 2015 සැප්තැම්බර් මාසයේදී බවත් ඒ අනුව සීනි සමාගමේ පාලන අයිතිය ඉන්දීය සමාගමට ලැබුනු බවත් එහෙත් ජනාධිපතිවරයා විසින් පත්කල එවකට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ආචාර්ය අයි එච් කේ මහානම දිගින් දිගම එම ආයතනය ඉන්දීය සමාගමට පැවරිමට හරස් කැපු බවත් ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුවේදි ජාත්‍යන්තර බේරුම්කරනයට ගොස් නියෝගක් ලබා ගත් බවත් එහෙත් ඔහු විසින් තවදුරටත් කෝටි 540 ක් අල්ලසක් එය නිදහස් කිරිමට ඉල්ලූ බවත් එම වාර්තාවේ සඳහන් වේ.

පසුගිය පලාත් පාලන මැතිවරණය සඳහා කන්තලේ ගිය අගමැතිවරයා මුණගැසී අදාළ ඉන්දීය සමාගමේ නිලධාරින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බවත් ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ ගැටලුව සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ඉඩම් ඇමතිවරයා දැනුවත් කරන ලෙසය

එහෙත් ඊට ද ප්‍රතිචාරයක් ජනාධිපති හෝ එම කාර්යාලය මගින් නොලැබුණු බවත් ඊට පසුව අදාළ දූෂිත නිලධාරියා ශ්‍රීලංකාවේ ඉහළම රාජ්‍ය නිලධාරි තනතුරක් වන ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා ලෙස මාස දෙකකට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කල බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඉන්පසු ඔහු විසින් ඉහත අතිවිශාල පගාව ඉල්ලා සිටි බවත් ඒ අනුව නැවත අදාළ සමාගම විසින් අගමැතිවරයා දැනුවත් කලහ.

එහිදි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉතා රහසිගතව අල්ලස් කොමිසමේ නිලධාරින් ලවා මෙම වැටලීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බැව් චීනයේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන නිව්ස් ඉන් ඒසියා newsin asia වාර්තා කොට ඇත.

එම වාර්තාව අනුව සඳහන් වනුයේ අදාළ ඉන්දීය සමාගමට රුපියල් මිලියන 540 න් අත්තීකරම් මුදල පාර්සල් දෙකකට වෙන් කොට ගෙනෙන ලෙසත් අල්ලස් කොමිසමේ උපදෙස් අනුව රුපියල් 5000 නෝට්ටු එක පාර්සලයක බහා ගෙනා බවත් එහිදි ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි අයි එච් කේ මහානාම එම මුදල ජනාධිපති කාර්යාලයට අයත් ඔහුගේ නිල රථය තුල සිට පාර්සල දෙකකට ගනන් කොට වෙන් කිරිමට පටන් ගත් අවස්ථාවේදී ඔහු අත් අඩංගුවට ගත් බවයි.

link

25,290 Viewers

13 Comments to “ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී අත්අඩංගුවට ගෙන ඇත්තේ අගමැතිගේ මෙහෙයවීමෙන්…- විදෙස් මාධ්‍ය කියයි..”

  1. සීගිරි says:

    උන් උන් මරාගන්න එක රටට හොඳයි…..

  2. Aurora says:

    මෙතන එලියට නොආපු රහසක් තියනවා. වැඩේ කරන්නේ අල්ලස ගත්තට පසු නිසා එතනම මුදල් ගණන්කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. පගාව දෙන එකා නියම ගාන දෙනවා නැතිනම් පොරොන්දු ප්‍රකාර තමුන්ගේ වැඩේ කෙරෙන්නේ නැහැ, විශ්වාසය බිඳ වැටෙනවා එතකොට වැඩෙත් නැහැ මුදලුත් නැහැ එතකොට තමයි පාතාලේ සේවාව ලබන්නේ. ඕක දෙපැත්තම දන්නවා එනිසා මුදල් ගනුදෙනුවලදී හොරබොරු නැහැ. අල්ලස් කට්ටිය එනකම් බොරුවට කෙකර ගගා හිටිය. ඕක තමයි චන්ද්‍රිකාගේ ජනාධිපති චන්දෙ නගරසභා බෝම්බෙ. අනුකම්පාව ගත්ත චන්දේ දිනුව. මේ සැරේ යහපාලනේ නීතිගරුක බව, කාටත් නීතිය එකවගේ සලකනවා කියල ඔප්පු කරනවා චන්ද ගන්නවා.අපි යහපලකයෝ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වගේ නොවෙයි යහපාලන අපි සුද්ධවන්තයෝ කියල මහජනතාව තුල මතයක් ඇතිකරලා 2018 පෙබරවාරි වලදී ඇතිඋන පසුබෑම සමනය කරලා UNP යට වාසියක් ගෙනදෙනවා. සිරිසේනගේ ලේකම් ඩබල ඇතුළු UNP යට යන කට්ටියත් ඒකෙන් ආරක්ෂිතයි. මේක සිරිසේනයි රනිලුයි දෙන්නම එකතුවෙලා දුන්න ගේමක් රටම අන්දනවා. රැවටෙන්න එපා.

    • Dhanapala Nanayakkara says:

      එක එක කතා ඕන නෑ… මේ ආන්ඩුවේ කොයිතරම් වැරදි තිබුනත් මහින්දගෙ කාලෙට වඩා නීතිය ක්‍රියාත්මක වෙනව… මොනව උනත් මහ බැන්කුවෙ සීන් එකෙන් ටික දෙනෙක් හරි හිරේ… අර්ජුන් ටත් ජීවත් වෙනකම් ගොඩ යෑමක් නෑ… ඇත්ත කතාව මේ වගේ එකක් වත් අපි මහින්දගෙ කාලෙ දැක්කෙ නෑ නේ… ඒකෙ ගවුරවය මේ ආන්ඩුවට දෙන්න ඕන…

      • Mongel sajith putha says:

        Then you say big thief is out and small ones in jail. Meeharakta can not understand.mahindage kale katha wedak neha.

      • කුකුලා says:

        වැටත් නියරත් ගොයම් කනකොට කියන්නේ කාටද බන් ?උඹ ඔය යහපාලන බයිලා කියන්නේ කාව රවට්ටන්නද ?අපි මේ ජනපති පත්කරන්න චන්දෙ දුන්නු අය එනිසා අපිට අයිතියක් තියෙනව මේ ගැන ප්‍රශ්න කරන්න .ඔය ගනදේනුවට සම්බන්ද පියසේන දිසානායකගේ පුත්‍රයා බිරිඳ සහ ජනපතිගේ පුත්‍රයා සහ බෑනා රට රටවල එක්ව සංචාරය කරන අතරතුර ගන්නා ලද පින්තුර වෙබ් අඩවි වල තිබෙනවා .
        අපේ ප්‍රශනය
        1)ජනපතිගේ සමීපතම ඥාතින් හා ඔය දිසානායකගේ පුත්‍රයා ගේ සම්බන්දය කුමක්ද ?
        2)මොවුන් දෙදෙනාම ප්‍රෂනකාරි නිලධාරින් බව දැන දැන්ම තම කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස මහානාම පත්කළේ ඇයි?
        මේ අතයට ගනදෙනුව සිදුවන විට මේ එක් ඥාතියෙක් එම හෝටලයේම ලොබියේ වෙනත් තැනක සිටි බව වෙබ් අඩවි වල පළවුනා වහාම මෙම හෝටලයේ සිසිටිවී දර්ශන මාද්‍ය වේදීන් ලබානොගන්නේ මන්ද ?
        මේවා මඩ නොවේ රටේ ජනපති පත්කරන් චන්දය දුන් අපේ සාධාරණ ප්‍රශ්න වේ .
        මේ සිද්දිය යහපාලනය පෙන්වා යට ගසා අදාළ නිලධාරින් පමණක් හිරේ යැවීම හෙලා දකිමු මෙය පිටුපස සිටින අනෙක් පුද්ගලයන් සොයාගනිමු .මාද්‍ය මේ ගැන ගවේෂණය කරනු සත්‍ය සොයා ගමු

        • සිදු says:

          ජ්නාදිපතිගේ බෑණා නොයෙකුත් ඩිල් කරනවා කියල කියන්නේ ඇත්තද ?මේ ගැන විශේෂ පරීක්ෂණයක් අවශයි .ඔහු රාජ්‍ය දේපල අවබාවිතා කරනවද ?සොයා බැලීම අත්යාවෂයි

          • Horaa says:

            කෝ මේ දූෂණ විරෝධී පෙරමුනේ ක්‍රියාකාරියෝ?

      • Trumph says:

        True

      • Amda says:

        dhanapala paw oya

  3. Wijebahu says:

    Jarapaksage kale mewwa kocchara siddhawunada? Eva gana liyapu evun okkoma wala palle. Dan e athin kocchara Hondada?

    • Kadiya says:

      රාජපක්‍ෂ රජය වැරදි කලානම් ඊට විකල්පයක් ලෙස පත්වූ යහපලන ආණ්ඩුව අවරුදු 3 ක් තිස්සේ ගලේ පහරපු බළලා වගේ ඉන්නේ ඇයි? හොරු අල්ලලා නඩු අහල හිරේ යවන්න තිබුනනේ. අයි අවරුදු 3 ගතවෙලත් නඩු අහල ඔප්පුකරගන්න බැරිවෙලා. එකෙන් ඔප්පුවෙන්නේ චෝදනා බොරු බවයි. වාචාල කමට හොරු හොරු කිව්වට වැඩක් නැහැ. මේ නොහැකියාව නිසා ඔප්පු වෙන්නේ යහපාලන කාරයෝ බොරු කාරයෝ බවයි.

  4. චුටි says:

    හොරා කන එකද හොඳයි කියන්නේ මෝඩයා ?උඹලා මහා බැංකුව ගිල්ල එක ගැන මොනවද කියන්නේ ?උඹල හොරා කන්නේ නෑ කියල නේද ආවේ ?ඒ මදිවට පවුල් පාලනේ එපා කියල නේද ආවේ ?දැන් ඒ ගැන මොකද කියන්නේ ?අන්න උඹලගෙම වෙබ් අඩවි වල යනවා පින්තුර පවුලේ පින්තුර ගිහිල්ල බලපන්

  5. daminda says:

    hawlae hora kaa ekata horu alleema…………..

Main News