ජනාධිපති කැබිනට් හමුවෙන් නැගිට ගියේ ‘අරක’ කරන්නයි.. අපිත් ඉදහිට ගිහින් ඒක කරලා එනවා..- රාජිත

January 18, 2018 at 12:05 am | lanka C news
ජනාධිපති කැබිනට් හමුවෙන් නැගිට ගියේ ‘අරක’ කරන්නයි.. අපිත් ඉදහිට ගිහින් ඒක කරලා එනවා..- රාජිත

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා (ජනවාරි 16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඇතැම් ප්‍රකාශවලට විරෝධය පළකරමින් නැගිට ගිය බවට පළවන වාර්තා අසත්‍ය බව රජය පවසයි.

රජය වෙනුවෙන් බදාදා (ජනවාරි 17) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශකවරුන් වන රාජිත සේනාරත්න හා දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් පැවසුවේ ජනාධිපතිවරයා “වේදනාත්මක” ප්‍රකාශයක් කර “ස්වභාවික අවශ්‍යතාවයකට” කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගිය බවය.

පසුව නැවත පැමිණ ඔහු කැබිනට් මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන ගිය බව ඔවුන් කියා සිටියේය.

අඟහරුවාදා කැබිනට් මණ්ඩල හමුව ආරම්භයේදීම ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමා විවේචන කිරීම ගැනත් තමාට නොදන්වා ආණ්ඩුවේ ඇතැම් තීරණ ගැනීම ගැනත් දැඩි අප්‍රසාදය පළ කරමින් විශේෂ ප්‍රකාශයක් කර ඉන් අනතුරුව කැබිනට් මණ්ඩල රැස්වීමෙන් නැගිට ගිය බව වාර්තා විය.

එහෙත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමන් විවේචනය කිරීම ගැන විශේෂ ප්‍රකාශයක් කළ බව පිළිගත් අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ එයට විරෝධය පළකරමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව නොගිය බවය.

“අපි හැමෝම අපිට ස්වභාවික අවශ්‍යතාවක් එහෙම ඇති වුනාම යනවා කැබිනට් එකෙන් එළියට. ඊයේ මමත් ගියා,” යනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය.

“ජනාධිපතිතුමා ප්‍රකාශය කළා හැබැයි නැගිටලා ගියේ අරකට.”

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා “වේදනාවෙන්” ප්‍රකාශයක් කළ බව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ අමාත්‍යවරුන් දෙපළම පැවසූහ.

“පිටින් ගහනකොට වේදනාව නැහැ. ඇතුලේ ඉඳන් ගහනකොට තමයි වේදනාව,” රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියේය.

එසේ ජනාධිපතිවරයා විවේචනය කළ අයට අවවාද කරන්නේ යයි අගමැතිවරයාඑහිදී ප්‍රකාශ කළ බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අගමැතිවරයා විවේචනය නොකළ යුතු බවට එහිදී එකඟතාවක් ඇතිවූ බව අමාත්‍ය සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

– BBC

11,032 Viewers

22 Comments to “ජනාධිපති කැබිනට් හමුවෙන් නැගිට ගියේ ‘අරක’ කරන්නයි.. අපිත් ඉදහිට ගිහින් ඒක කරලා එනවා..- රාජිත”

  1. "මොන්ටිසෝරි" says:

    ටීචර්:– මොකද ලමය ඔය විදියට පංතියෙ හැසිරෙන්නෙ?
    ලමය:- මට චූ බරයි.. !
    ටීචර්:- ඉක්මනට දුවල යනව එහනම්..!!
    ලමය:- තැංකිවු ටීචර්… !
    ( මචං මම ගිහිල්ල ඉක්මනට එනකම් මගේ සීට් එක බලාගනින් ලඟම යාලුවට කියල ගියේය. )

    • චමිලා නංගිගේ මනුස්සයා says:

      අද දවසේ කැබිනට් මණ්ඩලයේ තියෙන බරපතල අභියෝග හමුවේ, ජනාධිපති තුමන්ගේ බඩ බුරුල් වීම අතිශය සාධාරනයි…..රට හමුවේ පවතින දැවැන්ත අභියෝග ජය ගැනීමට, දුරදක්නා නුවන ඇති අප ජනපති උතුමාණෝ රට සුපතල වැසිකිලි පෝච්චි කීපයක්ම එනම්, රාජිත, එස්බී, ඩිලාන්, ෆොන්සේකා, හැරිසන් වැන්නවුන් කැබිනට් මණ්ඩලයේ අසුන් ගන්වා සිටිනා පසුබිමක, එතුමන් ගේ වැසිකිලි පහසුකම සප්පායම් වීමට පිටතට යෑම ජනතාවට විසින් අනුමත නොකරනු ඇත.

  2. රනිල් says:

    ජනාධිපති නැති හැම වෙලේම මේ රටේ ආරක්‍ෂක ඇමතිකම මටයි බාර දෙන්නෙ!!
    අනාගත අගමැති- රාජිත

  3. Sunil says:

    ජනාදිපතිතුමා නම් කිව්වෙ එතුමා නැගිටලා ගියේ තේ එකක් බොන්ඩ කියලයි. දැන් එතකොට මෙතන ඇත්ත කියන්නෙ එතුමාද නැතනම් දන්ත වෛද්‍යවරයාද?

  4. Saradiel says:

    මේ දෙගොල්ලම කරන්නේ රග පෑමක් මහජනයා රැවටීමට

  5. Chethiyasena says:

    He he he!
    🙂

  6. Wijebahu says:

    දැන් රඟ දක්වනවා සැමුවෙල්, බර්ටි, ඇනස්ලි සමගින් විනෝද
    සමය.

  7. Rohitha says:

    kakkussi katak langa thibiyadi aei ehema kale?

  8. Nandasoma says:

    මේ වගේ හරක් හිතන්නෙ මුන් කියන හැම දේම විශ්වාස කරන්න තරම් අනික් මිනිස්සුත් හරක් කියලයි…!

    ජනාධිපති කියනව මම තේ එකක් බොන්න ගියා කියල….

    මෙයා කියනව හදිසි ගමනක් ගියා කියල අරක කරන්න….

    උඹේ කටට ඒ වැඩේ කළා නම් තමයි හොඳ…

    මිනිස්සු දන්නව මොකක්ද උනේ කියල…

  9. Boo says:

    “පිටින් ගහනකොට වේදනාව නැහැ. ඇතුලේ ඉඳන් ගහනකොට තමයි වේදනාව,” රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියේය.

    එතකොට පඹපතියි , නැවු හොරායි දෙන්නත් ඇතුලේ ඉඳන් ගහනකොට හිටපු ජනාධිපතිට කොච්චර වේදනාවක් දැනෙන්න ඇත්ද හැබෑට?

  10. රාහුල මල්ලී says:

    කැබිනට් රැස්වීමකට එන්න කලින් ඔය තියෙන බරවල්වලින් නිදහස් වෙලා එන්න එපැයි…කැබිනට් එකේදී එක එක්කෙනාගේ කුණු ගොඩවල් ඇදෙන කොට තමයි ඉතින් ආයේ බරවල් හැදෙන්නේ…

  11. Leon Ma says:

    Big one or Small one?

  12. Kings says:

    මුං හිතං ඉන්නෙ මේ කාලකන්නි දේශපාලුවො ඇරුනහම ලංකාවෙ ඉන්න අනිත් සේරෝම මෝඩයො කියල. ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා උසයි කියන්නෙ ඕකට තමයි. ඇති තරම් බොරු කියපල්ල. හැබැයි කවද හරි ඔය සැප සම්පත් අතහැරල කුනුවෙනව. පනුවො ගහනව. එදාට මතක් වෙයි මම කියපු තරමක් කිව්වෙ බොරු. කරප්ය් තරමක් කරේ හොරකනුයි මරි වැඩයි කියල.

  13. KAMAL says:

    මොරාජි දේසායි. you are great මොරාජි. may be that is the reasion. may be Rajitha is doing some time.as he told.

  14. KAMAL says:

    ඊයේ මමත් ගියා,” යනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න — අරක කෝප්පෙකට කරල, ඒක බීල ඇවිත් වගේ

    may be rajitha is doing that always.

  15. Rabok says:

    Mae Kalakani modaya thinks other are also idiots like him to believe his utterances –

  16. Rabok says:

    Kalakani Buruwo – Then why PM and some other senior ministers went to MY3’s office to bring him back to the meeting – Why MY3ta chuuhirawelada

  17. Dr Lakshman Fernando says:

    ANNE BOLALATA LAJJA KILLA EKKAK NEDDA.

Main News