ජනාධිපති කැබිනට් හමුවේදී එජාපයට බැන්න බලූ බැණුම මෙන්න..

January 17, 2018 at 10:40 am | lanka C news
ජනාධිපති කැබිනට් හමුවේදී එජාපයට බැන්න බලූ බැණුම මෙන්න..

ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කරමින් දොස් පැවරු ආකාරය අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත්තේ මෙසේය.

‘මම පසුගිය ආණ්ඩුවෙන් එලියට බැස්සේ හොරකමට දූෂණය විරුද්ධයි. එදා එළියට බැහැලා අලුත් ආණ්ඩුවක් හැදුවේ ඒ හොරකම් දූෂණ නැවත කරන්න ද කියලා මම අහනවා. එක්සත් ජාතික පාක්ෂිකයන් මට ඡන්දය දුන් බව ඇත්ත. මම ඔවුන්ට ගරු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මඩ ගහන්නේ මාව බය කරන්නද මාව එළවන්නද. මේවා ඒ අයගේ උවමනාවෙන් කරන ලද ඕනෑකමින් කරවනවාද කියල මම දන්නෙ නැහැ.

මම එදා එළියට බැස්සෙත් ජීවිත අවදානමක් නොතකායි. ඒ නිසා මට මේ විවේචන හොඳට පුරුදුයි. බැඳුම්කර කොමිසම පත්කළේ යූඑන්පියට ගහන්න කියලා සමහර මන්ත්‍රීවරුන්ට කියා යනවා. හැබැයි මම කොමිසන් සභාව පත් කළේ බැඳුම්කර ගනුදෙනුව ගැන හොයන්න. මට කා එක්කවත් පුද්ගලික ප්‍රශ්න නෑ.

මගේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා. මම මෙතන ඉන්න අාපු කෙනෙක් නොවෙයි. මම හෙට නෙවෙයි අද වුණත් යන්න ලැස්තියි. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවේ ඒ ගැන මත දෙකක් තිබුණු නිසයි. මම නිලධාරින් එකක් සාකච්ඡා කරලයි ඒක කළේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මා පිළිගන්නවා. නම් ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නෑ.

මම හොරු ගැන කිව්වම කවුරුත් කුලප්පු වෙන්න අවශ්‍ය නැහැ. මම එදත් හොරකමට විරුද්ධයි අදත් හොරකමට විරුද්ධයි. අපි ආවේ කුමකටද කියලා කල්පනා කරන්න ඕනෑ. අපි ආවේ ගිය ආණ්ඩු කරපුවම කරන්නද කියලා මම අහනවා.

එදා රවී කරුණානායක මහත්මයා මුදල් ඇමති කමට පත් කරද්දී මම විරුද්ධ වුණා. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව අධිපති කමට පත් කරද්දී මං විරුද්ද උනා. එදා මම කිව්ව දේ ඇහුවා නම් අද මේ ප්‍රශ්න නෑ. හොරකමට දූෂණයට විරුද්ධව මම දිගටම සටන් කරනවා. මට බැනලා ඒවා නතර කරන්න බැහැ. කවුරුවත් මාව විවේචනය කළත් මට කොපමණ පහර ගැසුවත් මගේ ගමන නතර කරන්නේ නැහැ. මාව බය කරන්නත් බෑ. මේ විදියට ආණ්ඩුව කරනවද නැද්ද කියල ඔයාලත් තීන්දු කරන්න’

– ලංකාදීප

49,134 Viewers

26 Comments to “ජනාධිපති කැබිනට් හමුවේදී එජාපයට බැන්න බලූ බැණුම මෙන්න..”

  1. Kolitha says:

    Kaduwa gedara daala giyanisa kattiya beruna…..

  2. Charuka says:

    ලංකාදීප වැනි පත්තර කඩමාලු සිරිසේනගේ මේ බොරු දූෂණ විරෝදී රගපෑම මේ තරමට හුවා දක්වන්නේ මේ හරහා යහපාලන ප්‍රෝඩවෙන් සිත් සසල කරගෙන සිටින හැට දෙලක්ෂයක් මී හරකුන්ගේ අනුකම්පාව දිනාගෙන ඉදිරි මැතිවරණයේදී නැත්තට නැතිව යන අවදානමක් ඇති සිරිසේනගේ ජන පදනම රැක ගනීමට නොවේද?

  3. රාහුල මල්ලී says:

    ඩියු ගුණසේකර කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න කලින් දවසේ පාර්ලිමේන්තුව විසුරුවලා ඒක නිෂ්ක්‍රීය කලේ කව්ද කියලත් කිව්ව නං තමයි හොඳ….

  4. Mohammed says:

    මේවා බොරු දෙන්න දෙපැත්තේ ශාන්ති මැද්දේ

  5. Sriaiyya says:

    Mema chitrapatiyata kawuda director?okkama Katong yana hulang!degollama viveachana karagannea feb10 wenakam lmpassea ………..

  6. Shiva says:

    Hi
    Please clear your name from Australian scandal Australian has already black listed the company and it is reported you have asked bribe from this company and you are working with very corrupt politicians such as S.B. Zoysa Siripala Anura Yapa etc You appointed defeated politicians and it is an insult to the voters

  7. daham says:

    ethakota DEW cope report eka parliament ekata daanna thibunu daata kalin daa parliament eka visuruwala ohe mokakda kivve prasiddhiye. ranilwa bera ganna mama ehema kalaa kiyala neda? ethakota eda ohe kale horakama wahapu eka saha horunwa bera gaththa eka nemeyida. ovata kiyanne kate nariwadam redda pallen berenawa kiyala. eda laksha 62 harakungen samahara ayata dan mole padila thiyenne. Februwary 10 wanidata eka dkinna puluwan weyi.

  8. Jaya says:

    මම හොරකමට විරුද්ද නිසානෙ හිටන් රුපියල් බිලියන 3ක් වටින frequency කිලී මහරාජට නිකම්ම දුන්නෙ. මගෙ කෙලි පොඩ්ඩගේ advertising agency එකට ආණ්ඩුවේ කොන්ත්‍රාත් දෙන්නෙත් හොරකමට මම විරුද්ධ නිසානෙ හිටන්.

  9. නයා.... says:

    මේ ඔක්කොම පොහොට්ටුවට වැටෙන ඡන්ද උපරිමෙන් කඩාගෙන යූ එන් පිය ට ප්‍රාදේශීය සභා ටික දිනවල දෙන්න පිටපත් ලියලා රඟ පාන නාට්ටි.

    මේවට රැවටෙන පිරිසක් ඉන්නවා අන්න ඒකයි අවාසනාව.

  10. Samarapala says:

    හොරා කනකන් එකට ඉදල මාට්ටු උනාම යාළුවාව පාවල දෙනවා නේද කටිං.

    රනිල් රෝයල් ගියාට කටිං ගිහිං තියෙන්නෙ වල් රෝයල් එකටනෙ. වෙනස ඒකයි

  11. Suneth says:

    Australia දුශන නඩු විභාග වෙන්නෙ වෙන සිරිසෙන කෙනෙක්ට වෙන්න ඈති…ගිය අන්ඩුවෙ දුශන ගෑන කතා කරන ග්‍රමසෙවකගෙ වත්කම් ටික බලුවොත් තරු පෙනෙවි..

  12. S kumara says:

    These are today’s episode of this mega teledrama

    Next one coming soon.

  13. Amarapaala says:

    Kiyana Kota Ehemaai Karanakot Mehemaai neda Hitan ?

  14. BARCARDI says:

    Can UNP rule the country without ‘Horakama’ ? Only Ranjan can do this.

    • Jelly Fish says:

      Is Ranja a clean person? He was caught taking a TV set from the duty free shop without paying the duty?
      No matter the amount involved. Robbery is robbery!

  15. HUNA says:

    Owa Mona Banumda.? Owa Awawada

  16. sama says:

    “දොස් පැවරු ආකාරය අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත්තේ මෙසේය.” Of all papers it`s Wijewardana`s Lankadeepa reporting this!!!

  17. Nandasoma says:

    ඩියු ගුණසේකර කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න කලින් දවසේ පාර්ලිමේන්තුව විසුරුවලා ඒක නිෂ්ක්‍රීය කලේ කව්ද කියලත් කිව්ව නං තමයි හොඳ….
    මේ ඔක්කොම පොහොට්ටුවට වැටෙන ඡන්ද උපරිමෙන් කඩාගෙන යූ එන් පිය ට ප්‍රාදේශීය සභා ටික දිනවල දෙන්න පිටපත් ලියලා රඟ පාන නාට්ටි.

    මේවට රැවටෙන පිරිසක් ඉන්නවා අන්න ඒකයි අවාසනාව.

  18. sarath says:

    He nor UNP wanted to eradicate corruption. They made this as a slogan for the election. They never think of development. So far no work only talk and mush corruption.

Main News