ජනාධිපති ධූරයේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිට සදාචාරාත්මක අයිතියක් නෑ.. ඔහු දිවුරා ආවේ එය අහෝසි කරන්නයි.. ශ‍්‍රීලනිපයට දරුණුම අපරාධය කලේත් ඔහුයි..

January 14, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපති ධූරයේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිට සදාචාරාත්මක අයිතියක් නෑ.. ඔහු දිවුරා ආවේ එය අහෝසි කරන්නයි.. ශ‍්‍රීලනිපයට දරුණුම අපරාධය කලේත් ඔහුයි..

වර්තමාන ජනාධිපතිවරයා පත්වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමටයි. එමෙන්ම ඔහු විසින් ගෙනා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තම ධූර කාලය වසර 6 සිට 5 දක්වා අඩුකර පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්හ.

එහෙත් එම ජනාධිපතිවරයාම තම ධූර කාලය නැවත වසර 6 දක්වා දීර්ඝ කර ගැනිමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතිම සදාචාරාත්මක නොවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිනපතා ඉංගිරීසි පුවත්පතක් වන ඩේලිමිරර් සමග පවසා ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලදී පොදු අපේක්ෂකයා ලෙස විධායක ජනාධිපතිවරයාගේ වසර 6 ක ධූර කාලයක් තමාට රැදි සිටීමට අවශ්‍ය නොමැති බවත් ඒ නිසා ධූර කාලය අවුරුදු හතරක් දක්වා අඩු කරන බවටත් සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ දෙවන ධුර කාලය තුළ ජනාධිපතිවරයා ලෙස වසර හතරක් පමණක් සේවය කර ඇති බව මතක තබා ගත යුතුයි මෙන්ම සිව්වන වසර වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයක් සඳහා ගියේය.

කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන මහතා වසර හතරකට පසුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිව තිබියදීත් 19 වැනි ව්යවස්ථා සංශෝධනය මගින් ධූර කාලය වසර 5 ක් දක්වා දීර්ඝ කර තිබේ.

දැන් සිරිසේන මහතා එම ධූර කාලය නැවත වසර 6 ක් දක්වා දීර්ඝ කිරීමට උත්සාහ කරමින් සිටී.

නීතිමය පසුබිමක් නොතකා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පූර්ව මැතිවරන පොරොන්දුවට පයින් ගසා එසේ උත්සහ කිරීම සදාචාරාත්මකව ඔහුට සුදුසු නොවන බව බැසිල් රාජපක්ෂ කියා සිටියේය.

“මෙම තත්ත්වය පිළිබඳ නීතිමය පසුබිම අධිකරණය විසින් තීරණය කරනු ලබන අතර අපි එය සම්පූර්ණයෙන්ම විශ්වාස කරමු. කෙසේ වෙතත්, එම ධූර කාලය දීර්ඝ කිරීමට නීතිමය ඉඩකඩක් නොමැති බවක් විශ්වාසය,

මේ අතර ශ්‍රිලනිප නායක එක්සත් ජාතික පක්ෂයෙන් පුද්ගලයෙකු අගමැති ධුරයට පත් කිරීම යනු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙන්ම එහී හිටපු නායක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට කල බරපතල නින්දාවකි.

” බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ලේ තැවරුණු පක්ෂයක්, වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට මැතිවරණයකින් ජයග්‍රහණය කොට අගමැති වීමට කොහෙත්ම අවස්ථාවක් තිබුනේ නැහ, එහෙත් ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කලේ ශ්‍රිලනිප නායකයායි” යයි ඔහු චෝදනා කළේය.

එමෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායිකා හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කලේ එක්සත් ජාතික පක්ෂයයි, එහෙත් ඒ පක්ෂයෙන් අයෙකු අගමැති ලෙස පත් කිරීම වර්තමාන ශ්‍රිලනිප නායකත්වය එතුමියට කර ඇති දරුණුතම අසාධාරණය බව ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඩේලි මිරර් පුවත්පත් වාර්තාව මෙතනින්

11,184 Viewers

9 Comments to “ජනාධිපති ධූරයේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිට සදාචාරාත්මක අයිතියක් නෑ.. ඔහු දිවුරා ආවේ එය අහෝසි කරන්නයි.. ශ‍්‍රීලනිපයට දරුණුම අපරාධය කලේත් ඔහුයි..”

  1. Basil Rajapaksha WELL SAID jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!

    • සමිත හිමි says:

      අපරාදේ මාදුළුවාවේ සෝභිතයා අන්තිමේ රොටි තැටියත් එක්ක කරවෙච්ච එක පමණයි සිදු වුනේ,

  2. පොදු ජනතාව says:

    මෛත්‍රීපාල සිරිසේනට චරිත සහතික ලිව් සියලු දෙනාම අනාථයි.

  3. අපුල්ලන්නා says:

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරම් රටට සේවය කල තවත් අයෙක් නැති බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

  4. සමරසේකර බණ්ඩාර says:

    මෛත්‍රීපාල සිරිසේන නිහඬ කලේ මෙරටේ ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසයි , එය සුපුරුදු කපටි දේශපාලන නරුමයෙකුගේ විලාශය විදහා දැක්වීමක් මිස මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තැබූ අහිංසක ජනතාවගේ ක්‍රියාවේ වරදක් නොව, අනාගතයේදි ඔහුට මේ වෙනුවෙන් ජනතාවට වන්දි ගෙවීමට සිදුවනු ඇත.

  5. කොඩිප්පිලි says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පිටිපස්සේ සිට පිහියෙන් ඇන්න එකා ජනතාවගේ පපුවට පිහියෙන් ඇන්නා.

  6. Jonaa'S Brother says:

    බැසිල් මහත්තයෝ 8 පාස් උදවියට නීතිය සුදුද කලුද කියා තේරෙන්නේ නැහැ.

    • Bra Sira says:

      Do you know whether it is black or white?

      Read the statement and make comments rather than barking like a mad dog!

  7. nipun says:

    well said sir

    rajapaksha family you all loved our country and served your best .people can understand now what happened and who are you jayawevaaaaaaaaaaaaaaaaaaaaaaa

Main News