ජනාධිපති නොමග ගිහින්.. සයිටම් උත්තරේට GMOA විරුද්දයි.. වෘත්තීය සමිති සියයක් සමග යලි සටනට..

April 21, 2017 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
ජනාධිපති නොමග ගිහින්.. සයිටම් උත්තරේට GMOA විරුද්දයි.. වෘත්තීය සමිති සියයක් සමග යලි සටනට..

සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා ලබාදී ඇති විසඳුමට එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ විසඳුම සම්බන්ධව සයිටම් ආයතනයට එරෙහි වෘත්තීය සමිති සියය සමඟ ඊයේ සාකච්ඡා කළ බව ද එහිදී එකී විසඳුමට එකඟ නොවීමට සියලු දෙනා ඒකමතිකව තීරණය කළ බව ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

සයිටම් සඳහා වෙනම පාලක මණ්‌ඩලයක්‌ පත් කළ යුතු බවට ජනාධිපතිවරයා කර ඇති යෝජනාවෙන් පෙනී යන්නේ දැනට තිබෙන සයිටම් පාලනය වැරැදි බව ජනාධිපතිවරයාම පිළිගෙන තිබෙන බව යෑයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

සයිටම් සිසුන්ට පුහුණුව ප්‍රමාණවත් නොමැති බව සහ ඔවුන් විභාගවලට පෙනී සිටිය යුතු බව ද ජනාධිපතිවරයා පිළිගෙන ඇතැයි කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සයිටම් අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයා යම්තාක්‌ දුරට කරුණු තේරුම් ගෙන ඇතැයි කීය.

එහෙත් සෞඛ්‍ය ඇමැතිවරයා සහ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයා නොමඟ යවා ඇති බව ජනාධිපතිවරයාගේ විසඳුම් තුළින් පැහැදිලි වන බව ද වෛද්‍ය සොයිසා මහතා කීවේය.

සයිටම් සඳහා පාලක මණ්‌ඩලයක්‌ පත්කිරීම නොව ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ එය රජයට පවරා ගැනීම බව ද කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා එසේ නොකරන්නේ නම් සියලු වෘත්තීය සමිති සමඟ කළ අරගලය තවදුරටත් අඛණ්‌ඩව සිදුකරන බව ද කීවේය.

– දිවයින

6,337 Viewers

10 Comments to “ජනාධිපති නොමග ගිහින්.. සයිටම් උත්තරේට GMOA විරුද්දයි.. වෘත්තීය සමිති සියයක් සමග යලි සටනට..”

  1. RW says:

    President is not a baby to be misled by two ministers. People will come to the streets and hammer these GMOA buggers very soon. Mark my word.

    • BARCARDI says:

      This man cannot remember past, he has this proved several times. Cannot see the future. Do idiotic things whatever he feels correct in the present. This is a dangerous situation.

  2. Arjuna says:

    No need to take it back. Proposal is good. But public offer should be 50.5%

  3. Notthischange says:

    Sirisenata therena de unP amathilata notherenawa kiyanne un kochchara modayo wenna onada…

  4. White Shark says:

    ජනාධිපතිතුමාගේ තීරණය හරි. මේක ප්‍රශ්නේ විසඳන්න ගත්ත පලවෙනි පියවර විදියට සලකනවා.

    GMOA එක කියන්නේ වෘත්තීය සමිතියක් බව ඇත්ත. හැබැයි මේක දොස්තරලගේ ප්‍රශ්නයක්ද?

    SAITM පෙළපාලිය දිහා අපි මෙච්චර කල් බලා හිටියා. මේ තමයි SAITM පෙළපාලිය. ඔන්න බලා ගන්න.

    ඉස්සෙල්ලම යන කස කාරයෝ set එක හෙවත් GMOA එක කරන්නේ අනුන්ගේ දරුවෙක් උදුරාගෙන, බලෙන් වඩාගෙන, දරුවාගේ කිරි බෝතලේ වීසි කරලා, පාරේ අරන් යන එක. දරුවා තමන්ගේ නෙමෙයි හින්දා දරුවට සැරවැර කරනවා, බනිනවා, ගහනවා, කොනිත්තනවා, දරුවා කිරි ඉල්ලලා අඬන සද්දේ වහන්න දොස්තරලා කෑගහලා නැළවිලි ගී කියනවා.

    ඊට පස්සෙන් SAITM දරුවාගේ නියම අයිතිකාරයෝ, ඒ කියන්නේ A/L වයස් සීමාවේ ඉගෙන ගන්න දරුවන්ගේ දෙමව්පියන්, SAITM දරුවන්ගේ දෙමව්පියන්, A/L පාස් වුනත් විශ්ව විද්‍යාලවල ඉඩ නැති හින්ද වැඩිදුර අධ්‍යාපනය හදාරන්න බැරිවුණු දරුවන්ගේ දෙමව්පියන් තමන්ගේ දරුවාව බලෙන් උදුරගෙන, දරුවාට කිරි බොන්න ඉඩ නොදී බඩගින්නේ අරන් යන දොස්තරලා දිහා තූෂ්නිම්භූත වෙලා බලා ඉන්නවා.

    ඊටත් පිටිපැස්සෙන් ඉස්පිරිතාලවල තමන්ගේ රාජකාරිය කරන්නේ නැතිව පාරේ දරුවෙක් නළවන දොස්තරලා දිහා ගම්බද නගරබද ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට යන රෝගීන් වික්ෂිප්ත වෙලා බලා ඉන්නවා.

    ඊටත් පිටිපැස්සෙන් අපි වගේ ඉතුරු ජනතාව බලා ඉන්නවා. ලංකාවේ ලෙඩ්ඩු 1400කට ඉන්නේ එක දොස්තරයි. ලංකාවේ වෛද්‍යවරුන්ගේ ලොකු හිඟයක් තියෙනවා. මේ හිඟය පුරවන්න ඕනේ. ඒකට නිසි ක්‍රමවේදයක් හදලා SAITM ළමයින්ව Sri Lanka Medical Council එකේ විභාගෙකට හෝ EPRM එකට ඉන්දලා mainstream එකට ගන්න බැරි මොකොද කියලා සාමාන්‍ය ජනතාව ප්‍රශ්න කරනවා. එතකොට පිටරට ඉඳන් දොස්තර විභාගේ කරලා එන අයට EPRM පාස් වුනාම ආණ්ඩුවේ දොස්තර කෙනෙක් විදියට පිලිගන්නවා නම් ඒ විදියටම GMOA එකට SAITM එකේ ළමයින් ගැනත් හිතන්න බැරි මොකොද කියලා මිනිස්සු අහනව.

    GMOA එක අනුන්ගෙන් උදුරා ගත්ත දරුවා බලෙන් අරන් යන ගමන් වීසි කරපු කිරි බෝතලේ ජනාධිපතිතුමා අහුලාගෙන අඬන දරුවට කිරි ටික දීලා නලවලා දරුවාව නියම අයිතිකාරයන්ට දෙන්න හදන එකේ කිසි වැරැද්දක් මට නම් පේන්නේ නැහැ.

    It is time for the President to put his foot down and take action to solve SAITM issue once and for all.

    • DOLPHIN says:

      Too Much emotional. Use brain. SAITUM doctors also will not do what you expect.

    • AluthKade Saita says:

      SAITM එකට කඩේ යන තුන් ගොල්ලක් ඉන්නවා
      1. නෙවිල් ප්‍රනාන්දුගෙන් පඩි ගන්න අය
      2.SAITM ආවාම දොස්‌තර ලට කෙලවෙයි කියල හිතන අය
      3. නිදහස් අධ්‍යාපනයේ අරමුණ නොදන්නා ඉහත සඳහන් 1 හා 2 අයගේ කථාව අන්ධව පිළිගන්නා අය

  5. ExUNPer says:

    ජනාධිපති නොමග ගිහින් ?
    එතුමාව නොමග යවල තමයි ජනාධිපතිවරණයට ඉන්න කැමති කෙරෙව්වෙ !
    දැන් එතුමාට ගැලවීමක් නැහැ..

  6. Dushantha says:

    Sri Lanka doesn’t need private medical collages. Already there are eight properly established state medical faculties and those produce nearly 1500 doctors per year. Still If there is a shortage then start the proposed Sabaragamuwa and Wayamba medical faculties. The idiots who cannot get good results in A/L exam request SAITM. We don’t need quack doctors. Abolish SAITM. Its the only answer. This is not just a problem of GMOA. Thousands of Students and all most all trade unions are against this. Lets see who will win.

    • Gona says:

      @ Dushhantha, The government exercise the will of the people. To establish a private Uni for that matter the governmen does not need to heed to GMOA or trade union mafia. The so called self cocieted doctors are egoist and so are the supporters.

      The need of the hour is to open many such private Unis for the the people who have brain and whellth to be in what ever profession they wish for. There is no need super duper IQ to become a doctor.

Leave a Comment

Main News