ජනාධිපති-පාර්ලිමේන්තුව අතර ගැටුම විසදන්න සරලම ක‍්‍රමය දිල්ෂාන් කියයි.. [Video]

December 8, 2018 at 10:40 am | lanka C news
ජනාධිපති-පාර්ලිමේන්තුව අතර ගැටුම විසදන්න සරලම ක‍්‍රමය දිල්ෂාන් කියයි.. [Video]

ක්‍රිකට් ක්‍රීඩාවේ දී පිටියේ සිටින විනිසුරන් දෙදෙනාට තීරණයක් ගත නොහැකි අවස්ථාවල තුන්වැනි විනිසුරුට තීරණය ගැනීම අපහසු වුවහොත් තුන්වැනි විනිසුරුට බාර කරන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් මහතා පවසයි.

ඒ ආකාරයෙන් ම මෙරට මේ වන විට ඇතිව තිබෙන ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමේදී ද සිදු කළ යුතුව ඇත්තේ තුන්වැනි පාර්ශවය වන ජනතාව හමුවට ප්‍රශ්නය ගෙනගොස් විසඳීම බව ඒ මහතා සඳහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තද ඉදිරි මැතිවරණයට තරඟ කරන්නේද නැද්ද ගැන මේ වන තෙක් තීන්දුවක් ගෙන නැති බව ද ඔහු සඳහන් කළේය.

නමුත් මහින්ද රාජපක්ෂ දැවැන්ත චරිතය පසුපස තමන් සිටින බවක් ඔහු මේ රටට ඵලදායි කාර්යයන් රැසක් කළ පුද්ගලයෙකු බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට තිස් අවුරුදු යුද්ධය නිමා කළ නිසා ඔහුට තමන් තුළ විශාල ගෞරවයක් ඇති බවත් රටට හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් දෙවරක් නොසිතා ඔහු සමග එක්වන බවද දිල්ෂාන් තව දුරටත් කියා සිටියේය.

23,143 Viewers

8 Comments to “ජනාධිපති-පාර්ලිමේන්තුව අතර ගැටුම විසදන්න සරලම ක‍්‍රමය දිල්ෂාන් කියයි.. [Video]”

  1. Design Department says:

    Jayawewa

  2. ane me arjuna santh wage nondi novee thamange thathwaya thiya gena gedarata wela inna me rate janathawa oyata godak ardarei

    • සුනෙත්‍රා වීරසිංහ says:

      දැනට ශ්‍රීලංකාවේ පමණක් නොව ලෝකය පුරාම දේශපාලනඥයන් පිලිඹඳව කල කිරීමක් ඇති බව සැබෑවකි. විශේෂයෙන් රටේ පවතින වර්තමාන දේශපාලන අර්බුදය මෙම කලකිරීම වැඩි වීමට හේතුවකි. එසේ නමුත් රටක් සහ එහි ජනතාවට යම් පාලන ක්‍රමයක් තිබිය යුතුය​. මේ සඳහා දැනට ඇති එකම ක්‍රමය නම් ප්‍රජාතන්ත‍රවාදීව මහජන ඡන්ඳය මගින් ආණ්ඩු තෝරා ගැනීමයි. එමනිසා ජනතාවට නායකත්වය දිය හැකි බුද්ධිමත් චරිත දේශපාලනයට එක්වීම අත්‍යාවශ‍ය කරුණකි. ඔවුන් අවංකව ජනතා සේවයක් කිරීම යුගයේ අවශ්‍යතාවයයි. කරුණාකර ඔවුන් දිරිමත් කරන්න​.

  3. රත්නසේන says:

    පලයං බං යන්න නොදන්න මගුල් කථා නොකර! තමන් දන්න දෙයක් කථා කරපල්ලා! – උඹලා වගේ එවුන් ඇවිල්ල තමයි රට කැවේ , උදහාරණයක් හැටියට කිව්වොත් අර අරජුන රණතුංග කියන ක්‍රීකට්කාරයා – අනිත් එකා සනත් ජයසුරිය… මේ රටට මාර නස් පැත්තියක් වෙලා තියෙන්නේ මාධ්‍යයේන පුම්බපු එවුන් හැම එකාම හදන්නේ දේශපාලනයට එන්න! – යකෝ මේ රට අයාලේ යන එවුන්ට දේශපාලන ගුබ්බැයමක් වෙලා නේ?

  4. Sadarana Kotaa says:

    Undercover Muslim agent…..?

    • Donald Isuru Wilegoda says:

      Tuan Mohamed Dilshan converted to Buddhism over 2 decades a ago, he is a good Buddhist now. He is not like the cricketer who is hiding his Tamil heritage and acting on behalf of the diaspora

  5. kavirathna says:

    dan meya enava apita desapalanya uganwanna, yako issella thamange lain upan daruwata salakapan, salli nisa agama venas karapu tho honda bayyanta thamai

  6. desha diyani says:

    Oba wani desha preminta ape pranamaya.
    Kata Sathya amathaka uwath eya yali ratata Mathak Kara dee nida sitina helayan avadi karannata peramuna ganna !

Main News