ජන සටන විරෝධය වලකන්න දන්න සෙල්ලං සියල්ල දමයි.. හදිසි සුනාමි පෙරහරුවකුත් කැදවයි…

September 4, 2018 at 6:26 am | lanka C news
ජන සටන විරෝධය වලකන්න දන්න සෙල්ලං සියල්ල දමයි.. හදිසි සුනාමි පෙරහරුවකුත් කැදවයි…

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

“අපේ ශක්තිය මැනිය හැක්කේ සතුරා අපට දක්වන ප්‍රතිචාරය මතයි“ කියා ලෝක ප්‍රකට යුද විශේෂඥයෙකු වන සුන් සු ප්‍රකාශ කළා.  ජන බලය කොළඹට ව්‍යාපෘතියට ආණ්ඩුව දක්වන බිය දෙස බැලුවාම අපේ ව්‍යාපෘතිය අතිශයින්ම සාර්ථකයි කියා කියන්න පුළුවන්.

“ජන බලය කොළඹට“ වැඩසටහනට සහභාගි වෙන්න සැප්තැම්බර් 5 දා ජනතාව කොළඹට පැමිණීම වලක්වන්න ආණ්ඩුව දන්න සෙල්ලම් ඔක්කෝම දානවා.  සමෘද්ධි නිලධාරින්ගේ සහ කෘපනිසලාගේ නිවාඩු අහෝසි කරලා විතරක් නොවේ ඒ අයට ක්ෂේත්‍ර රාජකාරි තහනම් කරලා.  ඔවුන් ජනතාව අතරට යෑම වැලැක්වීම තමයි මේ තහනමේ අරමුණ.  ඒ වගේම ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 05 දා උදේ සුනාමි පෙරහුරුවක් පවත්වනවා කියලා ජනතාවට ගෙදර ඉන්න කියලා දැනුම් දී තිබෙනවා.

ඒ වගේම බොරු මගී ප්‍රවාහන ආදර්ශ සතියක් ප්‍රකාශ කරලා ඒ සතිය තුල සියළුම බස් රථ තමන්ගේ බලපත්‍රයේ ඇති ධාවන මාර්ගයේ පමණක් ධාවනය කළ යුතු බවට චක්‍රලේඛයකින් දැනුම් දීලා.  සැප්තැම්බර් 1දා සිට මේ සතිය නම් කරන්න ඕනෑ කියලා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට මතක් වෙන්නේ අගෝස්තු 29 දා.  මේ ඊනියා ආදර්ශ සතියේ අරමුණ වී තිබෙන්නේ සැප්තැම්බර් 5 කොළඹට පැමිණෙන ජනතාවට බස් අහිමි කරන්න.  නුවර ඉඳන් කොළඹට පයින් ආපු අපට බස් රථ අහිමි කරලා අපිව නතර කරන්න පුළුවන් කියා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා.

යම් දේශපාලන පක්ෂයකට අවාසියක් කිරීමේ අදහසින් සිය රජයේ තනතුර භාවිතා කරනවා නම් එය දූෂණයක්.  අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දඬුවම් කළ හැකි වරදක්.  ඊනියා ආදර්ශ සතිය නම් කරලා බස් රථ හිමියන් බිය වැද්දීමට උත්සාහ කරපු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරින්ට එරෙහිව අපේ ආණ්ඩුවක් යටතේ දූෂණය පිළිබඳ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනවා කියන එකත් මතක් කරනවා.

– අරවින්ද අතුකෝරල

24,347 Viewers

13 Comments to “ජන සටන විරෝධය වලකන්න දන්න සෙල්ලං සියල්ල දමයි.. හදිසි සුනාමි පෙරහරුවකුත් කැදවයි…”

  1. Perera says:

    Janabalaya kiyanne antha jaathiwaadi sulu jaathinta erehi perahuruwak.

    Wahaa thahanam karanu.

  2. සීගිරි says:

    ජනතාව ලක්ෂ ගනනින් පාරට බහින එක දෙපැත්ත කැපෙන ආයුධක් … අවසානයේ මේ දෙගොල්ලනම විනාශ වෙන වැඩක් …රනිල් මෙෙත්‍රි -රාජපක්ෂ හවුල් ව්‍යාපාරය තම පංතියේ වල තමන්ම කපා ගනීවි කියලා හිතන්න අමාරැයි. පහල බෙනේ ඉන්න නයාව (යහපාලනය) විනාශ කරන්න තමන් ලගින වෘක්ෂය ලඟට මුගටියාට (ජනතාව) පාර පෙන්නපු කොකාට (එ්කාබද්ධ විපක්ෂය) වෙච්ච දේ මතක් කර ගන්න. වෙන්න වඩාත්ම ඉඩ තියෙන දේ තමා “බුදුන්ගේ රස්තියාදුව” වෙනුවට “රාජපක්ෂගේ රස්තියාදුව” අළුත්ම මාතෘකාව වෙන එක !!!

    • පූංචි අම්මා says:

      ජෙප්පගෙ තිස්සමහාරාම පන්නයෙ හීනයක්.

    • Amda says:

      චන්ද නැති ජෙප්පන්ගෙ රස්තියාදුව තමයි ඉතින්

  3. If the officially appointed leader of opposion is not accomplishing his obligations and duty properly, the real opposition f the people, the J. O . , has got to execute that role for the sake of the people and country’s welfare.The present leader of opposition act Ike a puppet and only talks about His people ‘s problems.

  4. point blank says:

    sunami hora colambata enawa kiyala tsunami kulunu sakriya karana eka vidyathmakada? Mona vihiluwakda eka?
    mewa yahapalana thakathiruwange gon part.

  5. සීගිරි says:

    සමස්ත ජාතියේම බෙල්ල ණය උගුලක හිර වෙලා … හැම දවසකම ඊට කලින් දවසට වඩා තොණ්ඩුව ගෙල හිර කරනවා.
    මහින්ද ,රනිල්-මෙෙත්‍රි,චන්ද්‍රිකා කියන චරිත පැත්තකන් තියලා විදේශ ණය කියන විෂය අපක්ෂපාතිව පරීක්ෂා කිරීමෙදි දශක කීපයක් තිස්සේ ණය ගැනීමත් ණය ගෙවීමත් දල වශයෙන් එකම ආකාරයෙන් කෙරීගෙන යන වග පැහැදිලි වෙනවා.විදේශ ණය මගින් රටවල් හසුරවන ,කොල්ලකන IMF, world bank වැනි බලවේග මේ කොයි පාලකයත් මේ කොයි ආණ්ඩුවත් තම ග්‍රහණයේ තබාගත් බව මනාව ඔප්පු වෙනවා.
    (The official estimate of what Sri Lanka currently owes its financiers is $64.9 billion — $8 billion of which is owned by China. The country’s debt-to-GDP currently stands around 75% and 95.4% of all government revenue is currently going towards debt repayment.
    Between 2009 and 2014 Sri Lanka’s total government debt tripled and external debt doubled, as the country engaged in a number of costly undertakings. But this doesn’t necessarily mean that Sri Lanka’s current administration is doing much better,under President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe. Sri Lanka may be in a debt trap that it can’t get out of. – Fobes)
    මේ බලවේග අබිභවා ජනතාව බේරාගත හැක්කේ ජනතා විප්ලවයකින් බිහි වන නව රාජ්‍යයකට (පවතින රාජ්‍යය බටහිරන් බිහි කල උන්ගේ අතවැසි යටත් විජිතයක් හෙවත් කොලනියකි !!! ) පමණි.
    “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුව” බිහි කිරීමට සටන් වදිමු !!!!!!

    • නුවන් අයියා says:

      සිගිරි ජනතා විප්ලවයකින් බිහිවෙන “”මහජන ශ්‍රී ලංකා ෆෙඩරල් ආණ්ඩුව “ට සහය දෙන්නේ උඹේ ඇමෙරිකාවේ සහ බටහිර ආණ්ඩු වෙන්න ඇති නේද ?අනේ බොල උඹ හිතුවද මේ රටේ ඉන්නේ මෝඩයෝ කියල .මේ රටේ තමයි ලෝකේ තියෙන අමුතුම කොමියුනිස්ට් වාදී පක්ෂ තියෙන්නේ .උන් හැමෝම උපදෙස් ගන්නේ ආධාර ගන්නේ අමෙරිකාවෙන් සහ යුරෝපයෙන් .උන් කඩේ යන්නේ ඇමරිකානු ගැති ආණ්ඩුවලට .රෑට රෑට හොරෙන් රැස් වෙලා ඔය කියන විප්ලවයට කුමන්ත්‍රණය කරන්නේ බටහිර තානාපතිලාගේ නිල නිවාස වල .තුහ් නොදකින් තොපි වගේ තක්කඩි .
      පවු මු හිතාගෙන ඉන්නවා මු මේ ලියන මෝඩ කතා වලට මේ රටේ මිනිස්සු වශී වෙන්ව කියල .
      මුන්ට එන්ජීඔ කාරයෝ ගෙවන සල්ලි වලින් ඔය එන්ජිඕ එකේ ඉන්න බල්ලොන්ට කෑම අරන් දුන්නනම් පිනක්වත් සිද්ද වෙනවා
      අනික ඉතින් උඹේ ඔය මහජන ෆෙඩරල් හෙවත් සමුහ ආණ්ඩුවට අපිට සටන් වදින්න දෙයක් නෑ නේ බන් උඹේ ඇමරිකන් උත්තමයලා ඒ ජොබ් එක කොටින්ට බාර දීලා ගොඩක් කල්නේ බන්

      • පොඩි එකා says:

        අයියේ චීනය,රැසියාව,වියට්නාමය,කියුබාව කියන රටවල් ඔක්කොම සමූහාණ්ඩු…..අයියා පංති පහෙන් එහාට ඉගෙන ගෙන නෑ වගේ.අපි වගේ පොඩි එකාලා දන්න දේවත් අයියා දන්නේ නෑ නේ.

        • පොඩි එකාගේ මල්ලි says:

          අයියේ සමූහාණ්ඩුව කියන එක එක වචනයක්. සමූහ ආණ්ඩුව කිව්වහම වචන දෙකක්…අයියා කොමියුනිස්ට් කියන වචනය ජවිපේ,පෙරටුගාමි කියන ඒවත් එක්ක පටලවගෙන…අයියා එන්න මාත් එක්ක මොන්ටිසෝරි යන්න…

    • don katugampala says:

      gedara indan ganan balapan Rs 130/ thibuna doller eka ada Rs 162/ k unama me avurudu 3ta gaththa nayavalata keeyak gevanna venavada kiyala,

  6. Hari says:

    Thathage kale dapu salam dan danna baha keyala therum ganna mayka MODA BALAYA

Main News