ජයම්පති සහ චාපා එකට තබා දමනය කර උදය 360 දික්විජය කරයි…

November 2, 2018 at 6:23 am | lanka C news
ජයම්පති සහ චාපා එකට තබා දමනය කර උදය 360 දික්විජය කරයි…

පසුගිය දා පැවති (2018.10.29) දෙරණ 360 හා එක්වු පිවිතුරු හෙළ උරුමයේ නායක නීතඥ උදය ගම්මන්පිල මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කිරීමට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ඉඩක් නැතැයි, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසන කරුණු සියල්ල පදනම් විරහිත බව ව්‍යවස්ථාවේම වගන්ති උපුටා දක්වමින් පැහැදිලි කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48.(1)වගන්තිය යටතේ අගමැති වරයා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇති බව උදය ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙන ලදී.

(48.1 වගන්තිය පහලින්)

48.(1) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධූරය දැරීම නතර වූ විට, 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. එසේ වූ විට ජනාධිපතිවරයා විසින් 42 වන, 43වන, 44වන සහ 45 වන ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයෙකු ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් ද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් ද නියෝජ්‍ය අමාත්‍යවරයන්ද පත් කළ යුත්තේ ය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතෙහි සහ ඉංග්‍රීසි පිටපතෙහි බරපතළ වෙනස්කම් පවතින බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

48. (1) On the Prime Minister ceasing to hold office by death, resignation or otherwise, except during the period intervening between the dissolution of Parliament and the conclusion of the General Election, the Cabinet of Ministers shall, unless the President has in the exercise of his powers under Article 70, dissolved Parliament, stand dissolved and the President shall appoint a Prime Minister, Ministers of the Cabinet of Ministers, Ministers who are not members of the Cabinet of Ministers and Deputy Ministers in terms of Articles 42, 43, 44 and 45:

සිංහල පිටපතේ ඇති ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් යන්න වෙනුවට ඉංග්‍රී පිටපතේ death යන්න සදහන් කර ඇති බව ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් සිංහල හා ඉංග්‍රීසි පිටපත් දෙකම ඉදිරිපත් කරමින් පෙන්වා දෙන ලද අතර මෙහිදී සිංහල හා ඉංග්‍රීසි පිටපත් අතර අනනුකූල තාවයක් පවතින්නේ නම් සිංහල පිටපත බල පවත්වන නිසා එම පිටපතේ සඳහන් වන පරිදි අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කරනු ලැබීම සිදුකල හැකි බව මන්ත්‍රිවරයා විසින් පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් පැවති ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර 40ක් පැවති බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ජාතික ආණ්ඩුව බිඳවැටෙන බවත්, ඒ අනුව ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි හතළියක අමාත්‍ය මණ්ඩලය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බැවින් එම අමාත්‍ය මණ්ඩලය විසිර යන බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.(2) වගන්තිය අනුව අමාත්‍යමණ්ඩලය විසිර යාමේදී අග්‍රාමාත්‍යධූරයද පුරප්පාඩු වීම මෙහි දී සිදු වු බව මන්ත්‍රීවරයා පැහැදිලි කර සිටියේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.(2) වගන්තිය

අග්‍රාමාත්‍යවරයා –

(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මඟින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වූ වුවහොත් හෝ

(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවහොත් හෝ

මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍යමණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය.

එලෙස පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ධූරය සඳහා නව අගමැතිවරයකු පත් කර ගැනීම සිදුවනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති තුමාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුත්තේය යන 42.(4) වගන්තියට අනුව බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේය.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ජාතික ආණ්ඩුව පත් කිරීමට පෙර බැවන් ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර අහෝසි වෙද්දී අග්‍රාමාත්‍ය ධූරය අහෝසි වන බවට නැගෙන තර්ක පිළිගත නොහැකි යැයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ගොඩනගන තර්ක සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා ජාතික ආණ්ඩුව විසිර ගිය හොත් ජාතික ආණ්ඩුවට පෙර සිටි අග්‍රාමාත්‍යවරයාට නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ හැකියි බවට විව්‍යවස්ථාවේ සදහන් වන තැන පෙන්වන්න යැයි අභියෝග කලේය. මේ සම්බන්ධයෙන් වූ විවාදයකට මන්ත්‍රිවරයා විසින් ජයම්පතී වික්‍රමරත්න මහතාට ආරාධනා කර සිටීමද මේ අවස්ථාවේදී සිදුවිය.

වැඩසටහන ආරම්භයේ දිගින් දිගටම ගම්මන්පිල මන්ත්‍රීවරයාට බාධා කරමින් හරස් ප්‍රශ්න විමසූ මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා මන්ත්‍රීවරයා ලබා දුන් පිළිතුරු හමුවේ ශ්‍රාවකයෙකු සේ මන්ත්‍රිවරයා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලබාදුන් ගැඹුරු අර්ථ කථනයන් අසා සිටිනු පසුව දක්නට ලැබිණි.

අදාල වීඩියෝව මෙතනින්

67,497 Viewers

10 Comments to “ජයම්පති සහ චාපා එකට තබා දමනය කර උදය 360 දික්විජය කරයි…”

  1. Ranarala says:

    chapa oba kochchara hithagena hitiyath, oba thawamath pasal kaalaye vivada thararanga karapu nomeru manasikathwayen midunu kenek newei. den newatha muhukurayantath kalayak ne, wayasa beluwama. Derana karuna karala mohuwa askaradanne. chapa hithane vidiyata prasna mathukarakara ohe hitiyama ethi. prayogikawa amarukam yatathe benum aha aha wedakarane kisima desapalagnayekuta mohu hondak kiyanta ida denne ne, unp, slfp, jvp, pohottu yana monapaksayen hari.

    • කෑරලා says:

      මටත් හිතෙනව. දවසක මෙයා රනිල් ලඟ නැවතුනොත් පුදුම වෙන්න දෙයක් නැහැ.

  2. Jeevika Gunathilake says:

    very good . Well done

  3. එක්නැලිගොඩ says:

    අයිසේ ඡාපා අපි 360 බැලුවෙ උදය ගම්මන්පිල මන්ත්‍රීත්‍රමන් දක්වන අදහස් දැන ගන්න මිසක් තමුසෙගෙ පූච්චානම් අහන්න නෙමෙයි. පැත්තකට වෙලා ඉන්නවකො පොඩ්ඩක් කරනු පැහිදිලි කරන්න දීලා.

  4. Manel says:

    Absolutely agree. I sad the same thing long time ago. Chapa is not a balanced, matured journalist. He goes with his emotions and ego but not able to look into substance. Sad to see this type of people are running important debates.

  5. මැදමුලනෙ මුත්තා says:

    නීති තර්ක දෙපැත්තටම ඉදිරිපත් කළ හැකියි. අධිකරණයට ඒවා අර්ථ දක්වමින් තීන්දු දිය හැකියි.
    අධිකරණයත් විවිධ අර්ථකතන දෙමින් වැරදි තීන්දු දුන් අවස්ථා තිබෙනවා.
    සදාචාරාත්මකව බැලුවොත් අගමැති ඉවත්කිරීමෙි ක්‍රමවෙිදය ප්‍රජාතන්ත්‍රවාදයට එකඟද?
    මෙි ලෙසම ජනාධිපතිවරයා විසින් මතු යමි දිනෙක මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත් කළොත්, එයත් ව්‍යවස්ථාවට එකඟද?

    • කොලුකාරයා says:

      දි මු ව ඉවත් කරල රනිල් ව පත් කරනකොට ඒ සදාචාරය තිබුණ ද ?
      හිටපු අග විනිසුරු මොහාන් පීරිස් පත් කරනකොට පත් කරනකොට ඒ සදාචාරය තිබුණ ද ?
      කාන්තා අයිතිවාසිකම් පනතට ඡන්ද කල්දාන්න සංශෝධන ගෙනෙද්දි ඒ සදාචාරය තිබුණ ද ?

      • 1. ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයකට පසුව නව අගමැති පත්කිරීමයි එහිදි වුනේ. ඒ කාලයේදී තිබුනු 18 ව්‍යවස්ථාව අනුව ජනපතිට ඒ සඳහා පූර්ණ බලතල තිබුනා. ඒ වගේම දැන් මහලොකුවට දැඟලුවාට ඒ සඳහා දිමු වත් කිසිම විරෝධයක් පලකලේ නෑ.
        2.මොහාන් පීරිස් පත්කලේ හෝ ඉවත්කලේ එජාපය නොවේ. ඒ සඳහා හේතු ඇසිය යුතු වන්නේ ජනාධිපති ගෙනි.
        3.අදාල පනතට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ කැමැත්ත හා අනුමැතිය පලකලා. ඒ අය දැන් ඒ ගැන අහන්නේ උන් එයට අතඉස්සුවේ නොදැනුවත්වද? උන් බබ්බුද?

        • don katugampala says:

          mole koloppanda milibandage”yanne koheda malle pol talk denne, dimu askarala neme agamethi pathkale chande thibbe augest vala, sirisenaya divurum deela vinadi 5n agametrhi namkale kisima “sistabavayakin neve,

    • Ajith says:

      Once SLAP become a partner to the last government that government became a National Government and previous government become powerless, so Ranil Wickramasinghe became the Prime Minister of the National Government and when SLAP depart form the National Government, there is no more any National Government, so what will happen to the Prime Minister of that National Government. That is obvious there should not be any Prime Minister and the Prime Minister post will be vacant.

Main News