ජලභීතිකා රෝගය යළි හිස ඔසවයි.. මේ වසරේ මරණ 13යි.. ගිය වසරේ 23යි.. මෙරට බලූගහනය ලක්‍ෂ විස්සයි.. එන්නත් කර ඇත්තේ ලක්‍ෂයයි..

September 23, 2018 at 4:40 pm | lanka C news
ජලභීතිකා රෝගය යළි හිස ඔසවයි.. මේ වසරේ මරණ 13යි.. ගිය වසරේ 23යි.. මෙරට බලූගහනය ලක්‍ෂ විස්සයි.. එන්නත් කර ඇත්තේ ලක්‍ෂයයි..

ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

සුනඛ එන්නත් කිරීමේ ක්‍රියාවලිය වසර 02 සිට අඩපණ වීම ඊට හේතුව බව ඔහු පැවසීය.

ජලභීතිකා රෝගය වැළඳීම හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ මරණ 13ක් වාර්තා වි ඇති අතර පසුගිය වසරේ ජලභීතිකාව වැළදීමෙන් පුද්ගලයන් 23 මියගොස් ඇති බව සභාපතිවරයා පැවසීය.

මේ වසරේ සුනඛයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පමණ එන්නත් කර ඇතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට සුනඛ ගහණයෙන් 80% එන්නත් වියයුතු බව ඔහු කියයි.

මෙරට සුනඛ ගහණය ලක්ෂ 20 අධික බවද ඔහු පැවසීය.

මේ පිළිබඳව අපකර විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ මීට වසර 02 පෙර කැබිනට් පත්‍රිකාවක් මගින් සුනඛ එන්නත් කිරීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතට පත්කර ඇති බවයි.

එන්නත් කටයුතු සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වීම මේ තත්වයට හේතුව බව පැවසීයග

– නාගොඩ සුමන උදයන්ත

2,441 Viewers

8 Comments to “ජලභීතිකා රෝගය යළි හිස ඔසවයි.. මේ වසරේ මරණ 13යි.. ගිය වසරේ 23යි.. මෙරට බලූගහනය ලක්‍ෂ විස්සයි.. එන්නත් කර ඇත්තේ ලක්‍ෂයයි..”

  1. සකලජන says:

    දඩාවතේ යන බල්ලො බදාගෙන ගෑණු සෙට් එකක් පිස්සු කෙලිනවනේ!. කරන්න ඕන දේවල් නොකර…

    • බන්ඩා says:

      තමන්ග‌ෙ අම්මා තාත්තග‌ෙ ල‌ෙඩට දුකට න‌ොබලන ලමයිත් නැති උන් බල්ලන්ට ලක්ෂ ගනන් වියදම් කර ඒ ගැන ද‌ෙ‌මව්පියන්ට කය්වාරුත් ගහන උන් තමය් අද ලංකා ව‌ෙ සුපිරි කියන පැලැන්තියට නැගපු ඉන්න‌ෙ. සත්තය් අතුදුටුවය්.

    • බන්ඩා says:

      තමන්ග‌ෙ අම්මා තාත්තග‌ෙ ල‌ෙඩට දුකට න‌ොබලන ලමයිත් නැති උන් බල්ලන්ට ලක්ෂ ගනන් වියදම් කර ඒ ගැන ද‌ෙ‌මව්පියන්ට කය්වාරුත් ගහන උන් තමය් අද ලංකා ව‌ෙ සුපිරි කියන පැලැන්තියට නැගපු ඉන්න‌ෙ. සත්තය් අත්දුටුවය්.

  2. Jamis says:

    Pissu Gawa rogayath langadeema …

    • Asaranaya says:

      බලුකජු කාපු එකාටත් ජලභීතිකා රෝගය වගෙයි

  3. neutral man says:

    Judging by the way MY3 and Ra-nil duo behave in and out of paliament, I am pretty sure that this duo have not been vaccinated against any form of phorbia and there are ample indications to suggest that the dicese is fast spreading to rest of the UNP JVP SLFP members and those who closely associate with them.

  4. පුෂ්ප කුමාර​ says:

    දඩාවතේ යන බල්ලො ගැන බලන ලොකු නෝන මහත්තුරු පාර්ලිමේන්තුවෙ ඉන්න තමුන්ගෙ මහත්තය ගැන බලන්නෙ නෑ.ඒකෙන් උනේ ඒ මහත්තුරු යන යන තැන නිදි කිරා වැටෙන එකයි.බල්ලො අවදි උනා ,මහත්තුරු නිදා ගත්ත​.

  5. kalu baju says:

    බලු කජු,කජු බලු පිස්සු හැදෙන සඳ​?

Main News