ජවිපෙ පූසා අගලවත්තේ දී මල්ලෙන් එළියට.. කුපාඩි නූල් සූත්තරය හෙලිවේ…

September 10, 2018 at 1:20 pm | lanka C news
ජවිපෙ පූසා අගලවත්තේ දී මල්ලෙන් එළියට.. කුපාඩි නූල් සූත්තරය හෙලිවේ…

20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඊනියා සංවාදශීලී සම්මන්ත්‍රණයක් ඊයේ (2018 සැප්තැම්බර් 09 ඉරිදා) කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පැවත්වී ඇත. එහිදී දෙමළ ජාතික සන්ධානයේ MA සුමන්තිරන්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී සමසමාජ පක්ෂයේ ජයම්පති වික්‍රමරත්න අදහස් දක්වා ඇත.

තිදෙනාම 20ට පක්ෂව කතා කර ඇති බවක්ද දැනගන්නට ඇත. මෙහිදී වැදගත්ම දේ කටින් පැන ඇත්තේ ජයම්පති විශාරදයන්ගේ මුව කමලෙනි. “අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම අගනේ වුව ද ඒ අපහසුනම් 20 උනත් නරකම නැතැයි” වික්‍රමරත්න තෙමේ ප්‍රකාශ කර ඇත.

රටේ සම්මන්ත්‍රණ පවත්වන්නට ඕනෑ තරම් තැන් තිබියදී සිංහලයෝ සහ බෞද්ධයෝ 95% පමණ වෙසෙන [මා ද උපන්] පස්දුන් කෝරළයට මේ තිදෙනා පැමිණියේ කවර අරමුණකින්දැයි පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් දැන් එකක් සක්සුදක් සේ පැහැදිලිය.

20 යනු විධායක ජනාධිපතිගේ බලතල පාර්ලිමේන්තුවට දෙන, අහිංසක පාරිශුද්ධ සත්පුරුෂ යෝජනාවක් නොවේ. 2014 දී බටහිරට, ඉන්දියාවට, ජාතිවාදීන්ට, සිංහලවිරෝධීන්ට ලබා දුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමේ උවමනාවෙන් ගෙන ආ දේශද්‍රෝහී, ජාති ද්‍රෝහී, අශිෂ්ඨ, කුපාඩි, කපටි නූල් සුත්තරයකි; නව ව්‍යවස්වථාක් ගෙන ඒමට නොහැකි නිසා, ඒ නව ව්‍යවස්ථාවෙන් දීමට බලාපොරොත්තු වූ සියලු දොළපිදේනි සුක්ෂමව ලබා දීමේ අරමුණෙන් ගෙන ආ සැලසුම්ගහගත ලැජ්ජා නැති ලියවිල්ලකි.

එදා මව්බිම නැතිනම් මරණය නමින් දහස් ගණනක් සිංහල තරුණ ජීවිත බිලිදුන් ජවිපෙ අද මේ සැරසෙන්නේ මහා නිහීන කටයුත්තකට ය. 20 මල්ලේ ඇත්තේ කුමක්දැයි ජාති හිතෛශීහු වසරක පමණ සිට පෙන්වා දුන්හ. එහෙත් උගත්, ප්‍රබුද්ධ, බුද්ධිවාදී බොහෝ දෙනා කෝ තාම එහෙම එකක් නැතැයි කීහ; මල්ල ඇතුල දැක්කද දැක්කද විමැසීය; තර්කයෙන් අගතැන් පත්, විචක්ෂණශීලී බවෙන් මුහුකුරා ගිය ශ්‍රී ලංකාවේ විශාලම රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයෝ මල්ලේ මාක්ස්ගේ පිළිමයක් ඇතැයි සේ සලකා 20 පුජාසනයක නැංවූහ.

ඕන් ජවිපෙ පූස් පැටියා අගලවත්තේදී එළියට පැනල; විගහට බලා ගන්න. මතුගම නලින්ද ජයතිස්ස (ජවිපෙ පරිමේන්තු මන්ත්‍රී ) කියනවා පූස් පැටිය හරී ප්‍රියමනාපයි, අහිංසකයිලු .

– fb චන්න ජයසුමන

40,844 Viewers

12 Comments to “ජවිපෙ පූසා අගලවත්තේ දී මල්ලෙන් එළියට.. කුපාඩි නූල් සූත්තරය හෙලිවේ…”

  1. මේ තිදෙනා පැමිණියේ අරමුණ says:

    හදත් ලමයි සිංහලයා දෙකකි
    වදත් දුසිම් දරු මුස්ලිම් කතකි
    එදත් ප්‍රජාව රට තුනෙන් එකකි
    අදත් සිහල රට වඳවී යන එකකි

  2. john says:

    There is no real JVP now… its branch of UNP…..They just try to survive in politics….Everyone of JVP leaders and well provided now but showing they are poor.

    Pls guys do it straight……

    • මාල රෝහිත says:

      ජෙප්පො තරම් දෙබිඩි ජීවිත ගෙවන කුහක ගැන්ග් එකක් මම ජීවිතේට දැකල නැහැ.

  3. EX JVP says:

    JVP is doing a contract from western…. JVP is just a label of the party….There policies are as same as UNP….

    They will do anything for money , alcohol or girls…….Even sell their families for prostitution if they pay well…They are the bloodiest bastards in the country….

  4. sarath pitigala says:

    out of which who read this article can understand,may be i donot know much.but at least Mr Channa jayasumane try to present something in a simple manner,
    sarath

  5. fernando says:

    In late 1960s Rohan Wijeweera expelled from Lulumba University, Russia because he worked for CIA. it was the root of JVP.

    • Sirithekku says:

      That is why in early as 1970, Mr. G.I.D. Dharmasekera said,
      “Che Guevara Kalliya Dhanapathi Puwathpath Magin Pumbanu Labu American Pilliyaki”.

  6. සංඝරතන හිමි says:

    ජවිපෙට සහ පෙරටුගමීන්ට සහය දෙන හාමුදුරුවරුත් ඉන්නවා. සියල්ලට පළමුව මාක්ස්වාදය පිලිගන්නවායැ යි කියන භික්ෂුන් වහන්සේලා සසුනෙන් නෙරපා දැමිය යුතුයි. බුදු සසුනත් සිංහල ජාතියත් විනාශ වීමට මූලික හේතුව ස්වාමීන්වහන්සේලා විශ්වවිද්‍යාලයට පැමිණිවිට මාක්ස්වාදයේ සරණ යැවීමයි.

  7. mali says:

    This is exactly true JVP has no vote power at all .this their last chance to be in a parliamentary seat so they are angry and against sinhal majority .their only strategy is to fulfill western power led agendas and get the asylum in one of the western countries where most of their wives or ex- wives live.

  8. ඇත්ත says:

    ජෙප්පො, යූඑන්පී බත් ගොට්ටො, සහ කොටි ඩයස් පෝරාව යනු කතෝලික පල්ලිය සහ බටහිර අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙයවනු ලබන එකම සංගමයක වෙනත්, වෙනත් ශාඛා.

    • සිරිතේක්කු says:

      ඒකනෙ, 1970 දි පමණ ජී. අයි. ඩී. ධර්මසේකර, “චේ ගුවේරා කල්ලිය (දැන් ජවිපෙ) ධනපති පුවත්පත් මගින් පුම්බනු ලැබූ ඇමරිකන් පිල්ලියකි” නමැති ග්‍රන්ථයෙන් මුලින්ම ජෙප්පන්ව හෙලිදරවු කලේ.

      එම කථාව කොතරම් දුරට සත්‍යද යන්න දැන් ඔවුන් විසින්ම සාක්ෂි සහිතව හෙලි දරවු කර තිබේ.

Main News