ජවිපෙ මැක්කන්ගේ කතාව රටටම කියමින් ගම්මන්පිල ඌරැ මාලු උගේ පිටම කපයි.. ‘20’ ආචාරියන් නන්නපෝල්..

September 21, 2018 at 3:00 pm | lanka C news
ජවිපෙ මැක්කන්ගේ කතාව රටටම කියමින් ගම්මන්පිල ඌරැ මාලු උගේ පිටම කපයි.. ‘20’ ආචාරියන් නන්නපෝල්..

මෙවර හිරු බලය වැඩසටහනේ මාතෘකාව වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

සංවාදය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර  යන මන්ත්‍රිවරුන් සහභාගී වූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන  මන්ත්‍රිවරුන් සහභාගී වූහ.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විවාදයට එක්වූ නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා දිගින් දිගටම ප්‍රකාශ කළේ  විධායක ජනාධිපති   ධුරය අහෝසි කිරීමට විරුද්ධ වන්නේ තනිව තරග කර පාර්ලිමේන්තු ඡන්දයක් ජයගත නොහැකි  දේශපාලන පක්ෂ බවත් ඔවුන් දේශපාලනික මැක්කන්  පිරිසක් බවත්ය.

එහිදී උදය ගම්මන්පිල  මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ සන්ධානගත දේශපාලනය හා විධායක ජනාධිපතිධූරය අතර සබඳතාවක් නොමැති අතර විධායක ජනාධිපතිධූරය නොමැති අවස්ථාවක වුව ද ලොව පුරා දේශපාලන පක්ෂ සන්ධානගත වී ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයාගේ මැක්කාගෙන් න්‍යයයෙන් සලකා බැලුවහොත් 2004 එක්සත් ජනතා නිදහස් සන්ධානය හා සන්ධානගත වූ,  2010දී ෆොන්සේකා හා සන්ධානගත වූ ජනතා විමුක්ති පෙරමුණ ද මැක්කන් පිරිසක් බවයි.

කුසලානයෙන් ෆොන්සේකා සමග තරග කළ දේශපාලන පෙරමුණේ මහලේකම් තමන් යැයි හඳුන්වා දෙමින්  ප්‍රශ්නයෙන් මිදීමට විජිත හේරත් මන්ත්‍රීවරයා උත්සාහ දැරුවද ගම්මන්පිල මහතා සඳහන් කළේ පක්ෂය කාගේ වුවත් ඡන්දය ඉල්ලුවේ පොන්සේකාගේ ඇඟේ එල්ලෙමින් බවයි.

මෙහිදී ජවිපෙ 20  පිලිබඳ ජනමත විමසුමකට යෑමට කැමැති බව රටට කීවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ජන මත විමසුමකට යොමු නොකරන මෙන් බැගෑපත් වුණු බව   පවසමින්, තමන් කරන්නේ ජනතාවට යහපතක් නම් ජනතාව ඉදිරියට යෑමට බිය වන්නේ ඇයි දැයි උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රශ්න කර සිටියේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සටන්පාඨය මුවාවෙමින් ජනතා විමුක්ති පෙරමුණ මේ සිදු කරමින් සිටිනුයේ ජයවර්ධන ජනාධිපතිවරයා 13 ට එරෙහිව තැබූ ව්‍යවස්ථා අඩ ඉවත්කිරීමේ කටයුත්ත බව සංවාදයට එක්වෙමින් ජයන්ත සමරවීර  මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ ය. ජනතා විමුක්ති පෙරමුණ රට වෙනුවෙන් ඉටුකළ ඓතිහාසික කාර්යභාරය වෙනුවට දැන් ඔවුන් ඉටු කරමින් සිටිනුයේ බෙදුම්වාදී අවශ්‍යතාවයන් බවටද ඒ මහතා චෝදනා කළේය.

 

33,367 Viewers

23 Comments to “ජවිපෙ මැක්කන්ගේ කතාව රටටම කියමින් ගම්මන්පිල ඌරැ මාලු උගේ පිටම කපයි.. ‘20’ ආචාරියන් නන්නපෝල්..”

  1. Love nature says:

    ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන 20 හීන් නූලෙන් බෙල්ල කැපීමක්

  2. Saradiel says:

    ජවිපෙ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ රනිල් අගමැතිට රට බෙදන්න බලය දෙන්න

    • RATAWESIYEK says:

      The present JVP seem to be a party funded by either a foreign agency or NGOs or UNP or all of them.They try accomplish the agendas and objectives of the NGOs,Collonial masters and Separatists.The patriotic people must understand their sinister moves and stay united to defeat them.

  3. citizen says:

    23% chanda thiyana unp ,6% chanda thiyana JVP monawa karannada ,mey gollo happenne Lanka ithihase bihiwecha visalathama thani pakshaya wena 47% chanda padanama thiyana mahindage slfp kiyana antha dakshinanshika viyaparika paksha ekka. Kalu gale oluwa gahagannawa wage wadak mey unp ,JVP wage mey misra arthika karana dupath minusu niyojanaya karana podi paksha karanne

  4. Love nature says:

    මාක්ස්, ලෙනින් සිටි රුසියාව බිදවැටීනි. ලෙනින් ග්‍රාඩ් නගරයේ ජනතාව ලෙනින්ගේ පිළිරුවට ගල් ගසා සුනු විසුනු කළේය අද ලෝකයේ මුන්ට තැනක් නැත

  5. sunimal says:

    ආගම අබිං යයි කීවෝ මාක්ස්වාදී වසලයෝය

  6. Deshapremiya says:

    Me katha karanne JVP nemei bandum kare sallyi.

  7. Deshapremiya says:

    Me katha karanne JVP nemei bandum kare sallyi.

  8. Nuwan says:

    . එජාප පාක්ශිකයන්ගෙ ලේ හොලවපු ජවිපෙ මිලට අරගෙන වහල් සේවයේ යෙදවීම රනිල්-මලික් දෙපල තම පක්ශය වෙනුවෙන් කරපු පූජාවක් ද?

  9. RW says:

    20 වන සංශෝධන මල්ලෙන් බළලා එළියට ගැනීම
    ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය එම පක්ෂය දේශපාලන වශයෙන් ඇද වැටී තිබෙන ඛේදජනක හා අවාසනාවන්ත තත්ත්වයේ ගැඹුර පෙන්නුම් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජවිපෙ වුවද එය ඔවුන්ගේ දර්ශනය හෝ අදහස් අනුව සකස් කළ ව්‍යවස්ථා සංශෝධනයක් නොවන බව පහසුවෙන්ම තේරුම් ගත හැකිය. එම සංශෝධනයේ එන දර්ශනය සේ ම විධිවිධානද අගමැතිවරයාගේ දේවල් බව තේරුම් ගැනීමට අමාරු නැත. එයින් හමන අගමැති සුවඳ පහසුවෙන් හඳුනාගත හැකිය.
    September 17, 2018 / වික්ටර් අයිවන්

  10. RW says:

    ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය එම පක්ෂය දේශපාලන වශයෙන් ඇද වැටී තිබෙන ඛේදජනක හා අවාසනාවන්ත තත්ත්වයේ ගැඹුර පෙන්නුම් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජවිපෙ වුවද එය ඔවුන්ගේ දර්ශනය හෝ අදහස් අනුව සකස් කළ ව්‍යවස්ථා සංශෝධනයක් නොවන බව පහසුවෙන්ම තේරුම් ගත හැකිය. එම සංශෝධනයේ එන දර්ශනය සේ ම විධිවිධානද අගමැතිවරයාගේ දේවල් බව තේරුම් ගැනීමට අමාරු නැත. එයින් හමන අගමැති සුවඳ පහසුවෙන් හඳුනාගත හැකිය.
    September 17, 2018 / වික්ටර් අයිවන්

  11. Kalawedda says:

    Rata kana Kalakanni inna ekama thena JVP

  12. Nim says:

    JVP AKA ADA KARANNE
    JVP AKA VENUWAN MEYA GIYA
    JANATHA WAGE MENEEE WALAWAL
    WALA TA TH NIGARU KIREEMAK.

  13. REAL MAN USSR says:

    Pls do not believe what JVP’s are telling… They are in different ball game of directing peoples attention to other side to protect government…

    Is this 20th amendment is the burning problem of the country ?????.. Can anyone tell ???. No people are having more problem..

    1. Cost of living is high
    2. Low and order is not in place
    3. Security situation is bad
    4. Underworld gangs are in action
    5. GDP is getting lower every day
    6. Stock market is finished

    What JVP and it leader Anura kumara is telling about it…. Nothing but pasting posters…They pre plan everything and coming to the parliament… Just see body language of JVP’s when they question the government ministers….Just like puppies…Specially Anura Kumara is like young lover when he asked questions…Also they enjoy all the benefits as opposition organizer post having 4 or 6 parliaments.

    JVP People are just puppets of the game… Pls do not accept them or vote them…

  14. Examinar says:

    The two people represent JVP is rear crooks….So call Dr. Jayatissa is real jealousy fellow…He hate middle class.. Other one is reputed Bebadda…..

    Their cry face is just fake…. they are real rich , double agents…

    • ලාල් කනත්ත says:

      ඇත්ත! මුන් දෙන්න දෙබිඩි ජීවිත ගෙවන උන්!

  15. Gunaratne banda says:

    Jeppo wahal sevaye weds.

  16. lanka says:

    These are double agents of LTTE diaspora.They visit Ireland although no proper JVP base there.They meet LTTE diaspora agents in the secret places in Ireland we heard from some eyewitnesses.Srilankan sinhalese should reject these fellows whenever they get the chance as these people are destroyers of sinhala buddhist nation.They mislead newcomers to the universities destroying their whole future.Brilliant students got into their trap and ended the education even without a degree sometimes.

  17. ranjan says:

    JVP ගැන කියන්න දෙයක් නැහැ මුන්ට කවදාවත් දිනන්නට බැහැ

  18. darshana says:

    ජෙප්පො දන්න උප්පරවට්ටි ඔක්කෝම දානව මේ ජඩපාලන UNP ජුන්ටාව පුලුවන් තරම්කල් බලයේ තියාගන්ඩයි,
    ඊලඟ ඡන්දෙදි ආයෙත් UNP ආණ්ඩුවක් බලයට පත් කරන්නයි.

  19. W.Milton says:

    JVP very inception was anarchist political outfit , movement was directed against left political ideology .It was seems to “Left-wing Communist ” it role was right wing trend of left politics in Ceylon in 1965! PDN Wjiweera was founder member back by UNP time of 1971 April revolt. It happen 1988/89. JVP has no accountability or responsibility at all?
    Lost of thousand of life JVP has no accountability? What else that JVP ?

    • On looker says:

      It is high time to dissolve the party and mind their own businesses,if they cannot come back to their normal senses and try to do politics in line with the wishes of majority people in this Country.

  20. Ireland kuma says:

    අද ජවිපෙය එදා වේල හොයං කන එහෙමත් නැත්නම් අලියගෙන් ඉල්ලන් කන පක්‍ෂයක්. එහි නායකයින් යැයි කියා ගන්නා අය ඇත්තටම රටට බරක්.

Main News