ජවිපෙ මියගිය සාමාජිකයන්ගේ සොහොන් කොත් මතට මලපහ කරති..

September 15, 2018 at 1:20 pm | lanka C news
ජවිපෙ මියගිය සාමාජිකයන්ගේ සොහොන් කොත් මතට මලපහ කරති..

අද ‘විධායක ජනපති ධුරය අහෝසි කිරීම’ නැමැති ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨය තොරොම්බල් කරමින් බෙදුම්වාදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ජවිපෙ, 2010 දී සරත් ෆොන්සේකා නැමැති මිලිටරි නායකයා විධායක ජනාධිපති කිරීමට දඟලද්දී ඉහත සටන් පාඨය සඟවා තිබුණේ කොහේදැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්නකර සිටී.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ප්‍රශ්නකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“පසුගියදා උතුරු පළාත් සභාව ඉතාමත් භයානක, අන්තවාදී, ජාතිවාදී යෝජනාවක් සම්මත කරගනු ගනු ලැබුවා. එම යෝජනාව ගෙන එනු ලැබුවේ උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් විසිනුයි. ‘උතුරු පළාත ද්‍රවිඩ ජනතාවගේ නිජබිම බැවින් එහි සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කිරීම තහනම් කළ යුතුයි ’ කියලයි එම යෝජනාවේ සඳහන් වෙන්නේ. 2015 ජනවාරි 8 වැනි දා සිටම ඊනියා සහජීවන වැදි බණ අස්සේ මෙවැනි අන්ත ජාතිවාදී, ජාතික සමගිය බිංදුවටම ඇද දමන යෝජනා උතුරු පළාත් සභාව තුළ නිරන්තරයෙන් සම්මත වෙනවා. එවැනි මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, ජාතිවාදී මරා ගැනිල්ලකට පාර කපන යෝජනා උතුරු පළාත් සභාව තුළ සම්මත වුවත් ඒවාට එරෙහි වීමක් හෝ ඒවා සම්බන්ධයෙන් රජයේ නිල ස්ථාවරය දැක්වීමක් හෝ මේ වඳ බැහැපු ආණ්ඩුව විසින් සිදු කරන්නේ නැහැ.

‘උතුරු පළාත් සභාවේ ජාතිවාදයට එරෙහිව හීන් කෙඳිරියක්වත් නැහැ’

2015 පෙබරවාරි 10 වැනිදා උතුරු පළාතේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් ගෙනා යෝජනාව ඔබට මතක ඇති. ශ්‍රී ලංකාවේ සියලු රජයන් දමිළ ජනතාව සමූලඝාතනය කළ බවත් ඉතා සැලසුම් සහගත ලෙස දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවත් එමගින් කියවුණා. ඒ විතරක් නෙවෙයි වතුකරයේ දෙමළ කාන්තාවන් වඳභාවයට පත් කිරීමට සැලසුම් සහගත ලෙස කටයුතු කළ බව ද එකී ජාතිවාදී, අන්තවාදී යෝජනාවේ සඳහන් වූවා. නමුත් මෙම බරපතළ චෝදනාවන් සහිත යෝජනාවට එරෙහිව මේ යහපාලන ආණ්ඩුව හීන් කෙඳිරියක්වත් නැගුවේ නැහැ.

‘පූර්ණ බලතල දුන්නොත් කොහොම හිටී ද?’

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මකකර නැති තත්ත්වයක් තුළයි උතුරු පළාත් සභාව තුළ මෙවැනි අන්ත ජාතිවාදී, වර්ගවාදී යෝජනා සම්මත වෙන්නේ. ඊළම වෙනුවෙන් පෙනී සිටි කොටි ත්‍රස්තවාදය පැරදවීමෙන් පසු ඔවුන්ගේ ඒ පටු අරමුණ වෙනුවෙන් පෙනී සිටියේ දෙමළ ජාතික සන්ධානයයි. උතුරු පළාත් සභාව තුළ බලය හිමිව ඇත්තේ ද ඒ පක්ෂයටයි. ඒ නිසා එදා ප්‍රභාකරන්ට තුවක්කුවෙන් කිරීමට බැරි වුණු දේ අද මේ බෙදුම්වාදී, ජාතිවාදී පිරිස උතුරු පළාත් සභාව තුළ තමන්ට ලැබී ඇති බලතල යොදා ගනිමින් සිදු කරනවා.

දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරය තුළත් දෙමළ ජාතික සන්ධානය මේ රට තුළත් පෙනී සිටින්නේ ප්‍රභාකරන්ගේ අරමුණ වෙනුවෙන්. ප්‍රභාකරන්ගේ අරමුණ වුණේ ඊළම හැදීමයි. 2012 පැවති දෙමළ ජාතික සන්ධාන සමුළුවේදී එහි නායක ආර්. සම්බන්ධන් ඉතා පැහැදිලිව පැවසුවා, ‘අපි අපේ ඊළාම් අරමුණ කිසිසේත්ම අත්හැර නැහැ. ඊළම දිනා ගැනීමේ උපක්‍රම පමණක් වෙනස්කර තිබෙනවා. අවිහිංසාවාදී විරෝධතා සහ ජාත්‍යන්තර බලපෑම් ඔස්සේ ඊළම ලබා ගැනීමට අපි සටන් කරනවා’ කියලා. ඒ විදිහට ඊළම ලබා ගැනීම තම අරමුණ කරගත් දෙමළ ජාතික සන්ධානය අද උතුරු පළාත් සභාවේ බලය ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව තමන්ට කීකරු විපක්ෂයක් හදා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 16ක් පමණක් තිබෙන දෙමළ ජාතික සන්ධානයට විපක්ෂනායක ධුරය ලබා දී තිබෙනවා. දැන් ආපසු හැරී බලන විට දෙමළ ජාතික සන්ධානය, උතුරු පළාත් සභාව හරහා සහ පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස ලැබී තිබෙන සියලු අවස්ථාවන් යොදා ගනිමින් ක්‍රමානුකූලව ඊළම වෙත ගමන් කරන බව ඉතා පැහැදිලියි.

‘පූර්ණ වශයෙන් බලය බෙදීම’

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එ්. සුමන්තිරන් පවසනවා, ‘අපට ඒකීය, ෆෙඩරල් කියන වචන වැදගත් නැහැ. අපට වැදගත් පූර්ණ වශයෙන් බලය බෙදනවා ද? නැද්ද? යන්න’ කියලා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාවලිය මගින් නිර්දේශ කර තිබෙනවා, ‘දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කර උතුරේ දෙමළ ජනතාවට බලය බෙදිය යුතුයි’ කියා. මෙවැනි සන්දර්භයක් තුළයි ජනතා විමුක්ති පෙරමුණ බෙදුම්වාදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ආවේ.

‘හොර සහතික ඉදිරිපත් කරන්නෙක්’

දැන් ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායකලා, විජිත හේරත්ලා කියනවා ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් වීමක් හෝ බෙදුම්වාදය පෝෂණය වීමක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුවන්නේ නැහැ’ කියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ දැන් ජනතාවට ලබාදෙන සහතික පුස් කාපු ඒවා බව පෙනෙන්නට තිබෙනවා. 2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු දින 100ක ආණ්ඩුවක් හදන්න මුල් වුණු ජවිපෙ එදා ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් ඉහළින් තැබූ ජාතික විධායක සභාවට ගියා. ගිහිල්ලා ජනතාවට සහතිකයක් දුන්නා, ‘අපි දින 100න් රටට තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය රැගෙන එනවා, ජනතාවට ආර්ථික සහන දෙනවා.’ කියලා. නමුත් මෙතෙක් ලැබුණු දෙයක් නැහැ. ඒ වගේම තමයි, ‘2018 ජූලි 31ට ප්‍රථම පළාත් සභා ඡන්දය ලබා දෙනවා’ කීවා. නමුත් ඒකත් බොරු වුණා. අද ජවිපෙ, ‘හොර සහතික ඉදිරිපත් කරන්නෙක්’ බවට පත් වෙලා ඉවරයි.

ජවිපෙ දුන් මෑතකාලීන සහතික සියල්ල පුස්සක් වී තිබෙනවා. ඒ නිසා ‘20 වැනි සංශෝධනය හරහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් වීමක් හෝ බෙදුම්වාදය පෝෂණය වීමක් සිදු නොවන බවට, ජවිපෙ දෙන සහතිකය කිසිසේත්ම පිළිගන්න එපා’ කියා අපි ජනතාවට කියනවා. ජවිපෙ දැන් දෙන සහතික ‘සිරිකොතේ අභිලාෂයන්’ තහවුරු කරන සහතික මිස ජනතා අභිලාෂයන් ඉටු කරන ඒවා නොවෙයි.

‘සරත් ෆොන්සේකා සමඟ කළ බොරුව’

මෙහිදී මතක් කළ යුතු තවත් වැදගත් කාරණාවක් තිබෙනවා. අද මේ ජනතා විමුක්ති පෙරමුණ ‘දූෂිතයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි’ කියා කියන විධායක ජනපති ක්‍රමය 2010 කර තබා ගෙන ගියේ ඔවුන් විසින්මයි. සරත් ෆොන්සේකා නමැති මිලිටරි නායකයා ජනාධිපති කරන්න ජවිපෙ එදා උත්සාහ කළේ ‘විධායක ජනපති ධුරය අහෝසි කිරීම’ කියන එයාලගේ ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨය විසිකර දමලයි. මෙමගින් තහවුරු වන්නේ ජවිපෙ දෙබිඩි පිළිවෙතයි. අද ජවිපෙ ඉටුකර දෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ, ඉන්දියාවේ සහ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවයි.

‘නූතන ප්‍රභාකරන්ලාට වේදිකා හදන ජවිපෙ’

ඒ වගේම ඔවුන් අද ප්‍රභාකරන්ගේ නූතන ප්‍රකාශකයන් වන සුමන්තිරන්ලාට වේදිකා තනන්නන් බවට පත්ව අවසන්. පසුගියදා කළුතර දී බෙදුම්වාදී සුමන්තිරන්ලාට, ජයම්පති වික්‍රමරත්නලාට වේදිකා හැදුවේ ජවිපෙයි. එදා රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි දුන් තම සාමාජිකයන්ගේ සොහොන් කොත් මත අද ජවිපෙ පහරමින් සිටිනවා.”

මෙම මාධ්‍ය හමුව සඳහා ජානිපෙ මොරටුව මහ නගර සභා මන්ත්‍රී සුරේෂ් ඉන්දික සහ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ලියනගේ යන මහත්තුරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

9,440 Viewers

4 Comments to “ජවිපෙ මියගිය සාමාජිකයන්ගේ සොහොන් කොත් මතට මලපහ කරති..”

  1. Saradiel says:

    ’20 අකුලනු.. ව්‍යවස්ථා සංශෝධන එපා..- ත්‍රෙනිකායේ නායක හිමිවරුන් සංඝ ආඥාවක් නිකුත් කරති..

  2. Love nature says:

    මේ මොහොත වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින්නේ රටේ ජාතික අවශ්‍යතාවයක් නොවන බව ඉතා පැහැදිලිය.විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම පිලිබදව රට තුල කිසිදු උත්ඝෝෂණයක් හෝ මැසිවිල්ලක් නොමැත.13 වැනි සංශෝධනය ගෙන එන ලද්දේ ඉන්දියානු අවශ්‍යතාව අනුව වන අතර මෙම 20 වැනි සංශෝධනයද එවැනිම රට පෙඩරල් කිරීමේ මුලික සැලසුමක ආරම්භයක් බව ඉතා පැහැදිලිව කිව යුතුය.මේ පිටුපස සිටින්නේ ඉතා ප්‍රබල රටට එරෙහි අධිරාජ්‍යවාදී සංවිධාන හා ඉන්දියානු ඔත්තු සේවා බව නම් ඉතා පැහැදිලිය.

    මේ වන විට සමස්ත ශ්‍රී ලාංකික සංඝයා වහන්සේලාද මිට එරෙහිව නැගී සිටීමට තීරණය කොට ඇති අතර මෙම ජාති ද්‍රෝහී යෝජනාව උපන්ගෙයිම විනාශ කර දැමීම ජාතිය හමුවේ ඇති අභියෝගයකි.

  3. Nuwan says:

    ජ්විපෙ යනු අද ඉතිහාසයේ කුනු කූඩයට වැටී ඇති පක්ශයක් . ජවිපෙ බලයට පත් නොවීම ලංකාවේ වාසනාවකි. සමාජවාදය නිසා කාලකන්නි උන වෙනුසුවේලා වැනි රටවල් අතරට ලංකාව එකතු නොවුනේ පිනට නොවෙද ?

  4. Ratnamalala says:

    තාජුදීන්ලගේ මරණ ගැන කතාකරන ජෙප්පෝ තමන්ගේ නායකයාව පන පිටින් පුච්චපු මිනීමරුවන් ගැන හොයන්නේ, කතාකරන්නේ නැත්තේ ඇයිදැයි රටේ ජනතාවට කියා දෙනවනම් මරු.

Main News