ජවිපෙ 20ට එරෙහිව ගිහිපැවිදි ජාතිමාමකයෝ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට..

September 15, 2018 at 6:26 am | lanka C news
ජවිපෙ 20ට එරෙහිව ගිහිපැවිදි ජාතිමාමකයෝ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට..

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ සභාගත කළ 20 සංශෝධන කෙටුම්පත, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් ගිහි පැවිදි විද්වතුන්, ජාතිමාමකයන් පෙත්සම් 8ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතාත්, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජය ජයවර්දන මහතාත්, උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතාත්, ආචාර්ය ගුණදාස අමරසේකර වෙනුවෙන් නීතීඥ කල්‍යානන්ද තිරාණගම මහතාත් මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාත් පෙත්සම් ගොනු කර ඇත.

මීට අමතරව කනිෂ්ක විතාරණ, රංග ගුණවර්ධන, දිනේෂ් ද සිල්වා, රාජා ගුණරත්න සහ නාගානන්ද වීරක්කොඩි යන නීතීඥ මහත්වරුද පෙත්සම් ගොනු කර ඇත.

ජයම්පති වික්‍රමරත්න සහ ලාල් විජේනායක 20ට පක්ෂව පෙත්සම් ගොනු කර ඇත. තිදෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කෙරේ.

7,518 Viewers

17 Comments to “ජවිපෙ 20ට එරෙහිව ගිහිපැවිදි ජාතිමාමකයෝ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට..”

  1. ගිරවා says:

    ඔය 20 ට කැමති වෙන්නෙ බෙදුම් වාදීන්ට උඩ ගෙඩි දෙන, බෞද්ධ විරෝධී, දේශද්‍රෝහී,
    තුට්ටු දෙකේ (අරික්) කාල් මාක්ස්වාදී පාහරයො ටික දෙනෙක් විතරයි.

    • Heshan says:

      ජනතාව විසින් සෘජුව තෝරන ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමෙන් පාර්ලිමේන්තු ඒකාධිපතිත්වය සහිත දූෂිත රාජ්‍යයක් ගොඩ නගන ආකාරය ….
      http://lankanewsweb.info/archives/18505

    • Gamini says:

      ජාතිමාමකයෝ පර සුද්දාගේ භාෂාවෙන් රට ආරක්ෂා කරන්න යන්නේත් කලු සුද්දන් එක්කය.

    • Ananda says:

      ජාතිමාමකයන්ට සිංහල බෑ..

    • Danu says:

      සිංහල ජාතිමාමකයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සිංහල බෑ…!

  2. Gamini Abaya says:

    Jayawewa Mathrubumiyata Jayawewa.

  3. මාර්කස් says:

    දැන් හෝඳයි ජවිපේට පරන මාක්ස්වාදියොත් එක්ක සමගි පෙරමුනක් දාගන්න

    • CORBRA says:

      බෙදුම්වාදී NGO නඩය ජවිපෙ පක්ෂයි..20න් දෙන්නේ ඊළමයි
      යෝජිත 20 වැනි සංශෝධනයේ ඇති බෙදුම්වාදී අනතුර තේරුම් ගැනීමට ඉතා හොඳ උපකාරයක්
      රට තව තවත් අස්ථාවර කරන්නට ගෙනා ජවිපෙ 20 පරදවමු ..

  4. Nuwan says:

    ඉතිහාසයේ ප්‍රතම වතාවට ජවිපෙ පක්ශයක් වශයෙන් අසමත් වෙලා එන් ජී ඕ එකක් විදිහට කටයුතු කරන්න පටන් අරන්. ජවිපෙ දේශපාලන පක්ශයක් උනා නම් ප්‍රාදේශීය සභා අන්ත පරාජයට පසු එහි නායකත්වය මාරු කරන්න, පක්ශ ප්‍රතිසන්විදානය ගැන වචනයක් හෝ කතා කරන්න තිබුනා. එහෙම නොවුනේ ජ වි පෙ නිකම්ම නිකම් එන් ජී ඕ එකක් මිස මරනාදාර සමිතියක් තරම්වත් ප්‍රජාතන්තවාදී නොවන නිසා.

    • SALMAL says:

      ජනතාවගේ පරමාධිකාරී බලය , සැමදා ජනතාව ප්‍රතික්ෂේප කරන රනිල්ට බන්දේසියක තබා ප්‍රධානය කිරීමට UNP යේ බළල් අතකව ක්‍රියා කරන (JVP ) ජවිපෙ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි හෙළා දකිමු ..ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණය ,ජනතා පරමාධිපත්‍ය බලය නීති විරෝධිව උදුරා ගැනීමට JVP ( ජ විපෙ ) දරන උත්සාහය පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනු ඇත

  5. ජනතාව says:

    Executive Presidency = Insurance Policy to Sinhala Buddhists

    • SARA says:

      20 ත් අරන් ජවිපෙ කොයිබට ද ?ඊළමට බෙදුම්වාදයට සහය දීමක් මේ කරන්නේ ..20 වන සංශෝධනය හකුළා ගනු
      ජවිපෙ මේ දේශද්‍රෝහී ක්‍රියාව නතර කරව් …මේ 20 වන සංශෝධනය රටට සිදු කරන්නේ විනාශයක් ..එයට අපේ සම්පුර්ණ විරුද්ධතාවය පළකරමු
      (20 වන සංශෝධනය අනුව මෙතෙක් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයා ය යන කාරණය අහෝසි වී යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියට අනුව මෙතෙක් සිය ජනාධිපතිවරයාව පත් කර ගැනීමට මහජනයාට තිබූ අයිතිය මහජනයාගෙන් ඉවත් කොට පාර්ලිමේන්තුවට පැවරීමට 20 වන සංශෝධනය මගින් යෝජනා කරයි.)

      • JOY says:

        ජවිපෙ 20ට අපි විරුද් ධයි මේ සිදුකරන්නේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන් ඉටුකිරීමක් ..ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටේ ඊළම් ලබා දීමක්
        ජවිපෙ 20 හකුලා ගනු …කොටින්ට කඩේ යමින් අපේ මව් බිම බෙදාවෙන් කිරීමට උත්සාහ නොකරව් …
        දේශද්‍රෝහී ජවිපෙ 20 හකුලා ගනු
        2015 ජනවාරි 9 සිටම ව්‍යවස්ථාව මහ දවල් අමු අමුවේ උල්ලංඝනය කරන මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා බයිලා වලට නොරැවටෙමු !
        රට බෙදන20 ව්‍යවස්ථා මර උගුල පරදවමු !
        සියළු දෙනා එක්ව මේ ද්‍රෝහී යමපාලන ආණ්ඩුව පන්නමු.
        විජාතික ආණ්ඩුව වෙනුවට අපේ ආණ්ඩුවක් හදමු !…

  6. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Meke Inna pethsam karuwan okkoma Mahinda rajapaksata Kade Yana kattiya.

  7. sumati says:

    20 end of sri lanka

  8. Sam Fernando says:

    JVPiers (red elephants) are literally hypocrites.
    They have no backbones.Just cats’ paws of ROW. They are dubiously maneuvered by foreign agents. Their hidden agenda is a severe destruction to the country’s economy and culture.

Main News