ජවිපෙ 20 සංශෝධනය සූදානම්.. අතහිත එජාපයෙන්.. ජනාධිපති පත් කිරීමේ මහජන පරමාධිපත්‍ය අහෝසියි…

May 15, 2018 at 4:40 pm | lanka C news
ජවිපෙ 20 සංශෝධනය සූදානම්.. අතහිත එජාපයෙන්.. ජනාධිපති පත් කිරීමේ මහජන පරමාධිපත්‍ය අහෝසියි…

ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස කෙටුම්පත් කරමින් ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතර ඡන්දයෙන් සිදු කිරීමට යෝජනා කර ඇතැයි මවුබිම පුවත් පත වාර්තා කරයි.

මෙම කෙටුම්පතට සහායක් ලෙස එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයක්ද සකස් කරමින් සිටින බවද වාර්තාවේ දැක්වෙයි.

මෙම කෙටුම්පත අනුව ජනාධිපතිවරයා තෝරා ගැනීම සෘජුවම ජනතා ඡුන්දයෙන් ලෙස මෙතෙක් තිබූ ක‍්‍රමය අහෝසි වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බහුතරයකගේ කැමැත්තෙන් තෝරා ගැනීමට යෝජිතය.

එමෙන්ම ජනාධිපති ධුරය නාමමාත්‍රික කිරීමද 20 සංශෝධනය මගින් යෝජනා කරයි.

මේ සංශෝධනය මගින් ජාතිවාදී හා බෙදුම්වාදී පක්‍ෂවල උවමනාවන් අනුව කටයුතු කරන පුද්ගලයන් පමණක් ඉදිරියේදී ජනාධිපති ධුරයට පත් වනු ඇති බවට ප‍්‍රබලවිවේචන එල්ල වෙයි.

13,485 Viewers

18 Comments to “ජවිපෙ 20 සංශෝධනය සූදානම්.. අතහිත එජාපයෙන්.. ජනාධිපති පත් කිරීමේ මහජන පරමාධිපත්‍ය අහෝසියි…”

  1. Buddhist says:

    This amendment should also include a clause to stop anyone who has been the Prime Minister twice or President twice from being appointed as Presidentl or PM. Unless this clause is included it will be like Russia where the PM and President playing musical chairs.

    • Nalaka says:

      අධිකරණ ඒකාධිපතිත්වය ට ඉඩදෙන සහ රාජ්‍යත්වය සෘජුව තෝරන ජනතා පරමාධිපත්‍යයට බැටේ දෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එයි…
      (එංගලන්තයේ රාජ්‍යත්වය පරම්පරාවෙන් රජ පවුලට පමණක් හිමිවන උරුමයක් වෙද්දී එකී  රාජ්‍යත්වයම ජනතාව විසින් චන්දයෙන් සෘජුවම තෝරා ගන්නා ක්‍රමයක් වර්තමානයේ ලංකාවේ පවතී. එකී ජනතා පරමාධිපත්‍යය ජනතාවගෙන් ඉවත්කිරීම සහ පැහැරගැනීම සදහා නොයෙක් වෙස් ක්‍රියත්මකවන මෙහෙයුමක එක් ජවනිකාවක් ලෙස 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණීම සම්බන්ධයෙන් මෙම ලිපිය ලියවී ඇත..මෙම මෙහෙයුමේ අවසානය විධායක ඒකාධිපතිත්වය අවසන් කරන මුවාවෙන් එංගලන්ත යටත්විජිත බව ශක්තිමත් කරවන අධිකරණ ඒකාධිපතිත්වයට ඉඩ ලබාදීම බවත් ලංකාවේ උරුමකරුවන්ට උපන් රට අහිමිවන ආකාරයත් මෙමගින් තහවුරු වේ…)

    • Leo says:

      Then there won’t be a singapore today since Lee kwan Y ruled for 30 years. No malaysia like today because Mahathir Mohammed rules for 22 years and no strong Russia since it is Putin who re-developed Russia after stupid socialists destroyed it.

  2. Saman says:

    Meka Paraaja Karanna Bari Nam Mama Kiyanne Mahindalatai Wimallatai Goo Kanna Kiyala…

  3. lankan says:

    This is money which was given to Anura kumara by LTTE diaspora lived in UK and Ireland.Those people visited several times to Ireland to get this money.But they said they went there to initiate JVP regional power in Ireland.Ireland has very few srilankan families living and among them, none is working for JVP.So it seems another agenda happened in Ireland. Now it is very clear that agenda is coming into the stage.

  4. Saman says:

    Ivarayi sinhala evun ivarayi sadahatama ivarayi

  5. vimal says:

    kage uwamanada Doller kutti hodata wada karanawa neda. ethin mokatada janadi patiyek e post eka natima kalanam harine. okkum aytiya tamalage sahaja kikaru kenata dunnanam harine ekane neda. thopila JVP Namatat kalalak. thopita wada Prabaha karan greate. thopi wijeweera sahodarage malagamatat ninda karana hatikarayak. oyata wada hodai guuu kapiyaw.

  6. indunil says:

    yakada mallata gullan gasu kala….?

  7. Kamal says:

    අත හිත එජාපයෙන් කිව්වට අපේ මහින්ද මහත්තයත් හොරෙන් හොරෙන් අත දෙනවා.

  8. රටෙ එකා says:

    ඔන්න ජෙප්පොන්ගේ මොලේ. ජනාධිපති එහෙමම ඉන්නවා. ඔහුගේ වියදමත් එහෙමම අපිට. හැබැයි ජනාධිපතිට වැඩක් කරන්න බලතල නෑ. එහෙනම් මොන ඉලව්වටද ජනාධිපතිදූරයක්? රටට සල්ලි වැඩි වෙලාද?

  9. Nish says:

    වියත්මග සම්මේලනයෙන් පස්සේ 20 කොහොමත් ඉක්මන් වෙනවා. ජනමත විචාරණයකින් තොරව නීතිවිරෝධී විදියට සම්මත කරගන්නවා.

  10. Hesh says:

    මේ බල්ලොන්ගේ මහ ලොකු සෝවියට් කියුබාවෙත් තියෙන්නෙ ජනාධිපතිදූරයක්. මුන් ඇත්තටම සමාජවාදියොද? නැත්නම් කල්ලතෝනි ටිකක්ද?

  11. Dev says:

    ජවිපේ ඇත්තටම විරුද්ද ජනාධිපතිවරණයට මිසක් ජනාධිපතිදූරයට නෙවෙයි. මොකද චන්දෙකට දාන්න තරම් පෞරුශයක් තියෙන එකෙක් පක්ශෙ නෑනෙ.

  12. sumathipala says:

    පළාත් සභා බලගත්විම ,සවාධින වීම වෙනම රාජ්‍යන් අවසාන ප්‍රතිපලයයි.225 සල්ලි වලට ගත්තම වැඩේ හරියට ම හරි.අවසානය අවුල් ජාලාවක්.

  13. Kadiya says:

    මරුනේ, ජනාධිපති වෙන්න කැමති එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කුලියට අරගෙන ජනාධිපති වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීලට හොද්ද බොරවෙනවා. පහුගිය විශ්වාස භංගේ වගේ හොඳට තියේවි. මහබැංකුව කැඩුවේ මොකටද කියල දැන් තමයි සහසුද්ධෙටම පැහැදිලි වෙන්නේ. ඒත් දරුවෙක්මල්ලෙක් වත් නැති එකාට මෙච්චර සල්ලි තොගයක් මොකටද කියල මම හිතුවේ.

Main News