ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනයට මන්නාරමේදී දැවන්ත විරෝධතාවක්…

September 1, 2018 at 2:02 am | lanka C news
ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනයට මන්නාරමේදී දැවන්ත විරෝධතාවක්…

ජාත්‍යන්තර අතුරුදහන් වූළුන්ගේ දිනය 30 දිනට යෙදීම නිමිත්තෙන් යුද සමයේදී අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස ඉල්ලා උතුරේ වැසියන් මන්නාරම් නගරයේදී  30 සවස දැවන්ත පාගමනක් සංවිධානය කොට තිබුණි.

මන්නාරම් මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වූ විරෝධතා පා ගමන මන්නාරම් මහරෝහල් මන්සන්ධිය දක්වා ගමන්කොට පසුව මන්නාරම් බසාර් වීදිය ඔස්සේ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන් කරනු ලැබීය.

විරෝධතා පා ගමන වෙනුවෙන් මන්නාරම , වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය දිස්ත්‍රීක්කයන්හි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මෙම විරෝධතාව සඳහා සහභාගී වූ අතර මන්නාරම් පුරවැසි කමිටුව හා අතුරුදහන් වූවන්ගේ ඥාති එකමුතුව විසින් විරෝධතාව සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී කියා සිටියේ යුද්දය අවසන් වී වසර 09 ක් ගත වුවද යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන් පිළිබඳව පිළිගත හැකි විසඳුමක් කිසිදු රජයකට ලබා දීමට නොහැකි වූ බවටත් සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තරයට පෙනෙන්නට පමණක් අවධිමත් වූ විසඳුම් ඉදිරිපත් වුවද අතුරුදහන් වූළුන්ගේ පවුල් වෙත කිසිදු පිළිසරණක් මේ වන තුරු නොලැබුනු බවටත්ය.

එමෙන්ම අතුරුදහන් වුවන්ගේ කාර්යාල පිහිටවීමෙන්ද මෙම ගැටලුවට විසඳුමක් නොමැති හෙයින් ජාථ්‍යන්තර පරික්ෂණයක් හෝ සිදු කොට අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දිය යුතු බවටත්ය.

විරෝධතාව අවසානයේ විරෝධතා කරුවන් විසින් මන්නාරම් දිසාපති සී.ජේ. මෝහන්රාජ් මහතා වෙතට සන්දේශයක් ලබා දෙනු ලැබුවේ අදාල ඉල්ලීම් ජනාධිපති තුමන්ට හා අගමැති තුමන්ගේ අවධානය යොමු වීම පිණීස ලබා දෙන ලෙසට ඉල්ලමිනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

586 Viewers

One Comment to “ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනයට මන්නාරමේදී දැවන්ත විරෝධතාවක්…”

  1. Sarath Kumara Liyanagamage says:

    mara wade.

Main News