ජාතික ආණ්ඩුවට විරෝධය පා ශ‍්‍රීලනිප මන්ත්‍රීවරු 25ක් විපක්‍ෂයට..

February 22, 2018 at 10:43 pm | lanka C news
ජාතික ආණ්ඩුවට විරෝධය පා ශ‍්‍රීලනිප මන්ත්‍රීවරු 25ක් විපක්‍ෂයට..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආන්ඩුව තව දුරටත් ඉදිරියට ගෙන ගියහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 25කට ආසන්න පිරිසක් විපක්‍ෂයට එක් වන බව සහතික කර ඇතැයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.

2015 සැප්තැම්බර් 03 දා අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවෙන් කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් දිනා ගෙන සිටින එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තිය අනුව   කැබිනට් ඇමති ධූර ගණන 48 ක් ද කැබිනට් නොවන ඇමති ධූර ගණන 45 ක් ද ලෙසින් වැඩි කිරීමට  පාර්ලිමේන්තුව තීරණය කරයි. අගමැතිතුමන් ඉංග්‍රීසි බසින් ඉදිරිපත්කල යෝජනාවේ සිංහල අදහස ඒකයි.

අගමැතිතුමන් මෙහිදී කවුරුන් සමග ද ජාතික ආණ්ඩුවක් බිහි කලේ කියන එක ප්‍රකාශකර නැහැ.

තමන් ජාතික ආණ්ඩුවක් හැදුවේ කා සමගින්ද නොකියා එමෙන්ම ලිඛිත ගිවිසුමක් ද ඉදිරිපත් නොකර මේ ආණ්ඩුව දිගටම කරගෙන යන්න ඉඩ දීමට ඊයේ දින කතානායක වරයා තීරණය කලා. එය සමස්ථ පාර්ලිමේන්තුවේ අනාගතයටම කරපු නරක පුර්වාදර්ශයක්. මොකද අගමැතිවරයෙකුට පාර්ලිමේන්තුවේ සරල බහුතරය තියෙනවා. සරල බහුතරය නැතිනම් ඔහුට අගමැති තනතුර දරන්න හම්බෙන්නේ නෑ. එහෙමනම් මේ යෝජනාව සම්මත කරන්න අවශයි කියන්නේ සරල බහුතරයයි.   මේ අනුව අනාගතයේ ඕනෑම අගමැතිවරයෙකුට කියන්න පුළුවන් මම ජාතික ආ’ණ්ඩුවක් සාදා ඇත. මට ඇමැතිමණ්ඩලය සීයක් කල යුතුයි කියලා. එවිට 113 අත එසවෙනවා. මොකද ඒ ගොල්ලන්ට ඇමැතිධුර හිමි වෙන නිසා. එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කැබිනට් ඇමතිවරු 30 දක්වාත් කැබිනට් නොවන ඇමතිවරු 40 දක්වාත් සීමා කළ යුතුය යන වගන්තිය පුස්සක් බවට පත්වෙනවා.

මේක හරියට ඉදිරිපස දොර යතුරු දා වහලා පිටු පස දොර ඇරල දෙනවා වගේ වැඩක්. මේ පිලිවෙත වලක්වන්න පුලුවන් එකම ක්‍රමය තමයි, ජාතික ආණ්ඩුවක් හැදුව කිව්වට මදි. මේ ජාතික ආණ්ඩුවේ පාර්ශව කරුවන් කවුරුන්ද කියන එකට ලිඛිත සාක්ෂි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි කියන එකයි.

අපි මේ ගැන ‍මතු කරහම පාර්ලිමේන්තුවේ අගමැතිතුමන් ගේ මතය වුනේ එංගලන්තයේ මීට කලින් දෙවතාවක් ජාතික ආණ්ඩු හදලා තියෙනවා නමුත් ඒ එක් අවස්ථාවක්වත් ලිඛිත ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නැති බවයි. නමුත් එංගලන්තයේ ඇමති ධූර සංඛ්‍යව 30 ට සීමා කරල නෑ. ඒ නිසා හොර පාරවල් හදලා ජාතික ආණඩුවේ ඇමැතිධුර ගැනීමට අවශ්‍යතාවයක් නෑ.  ජාතික ආණ්ඩුවක අමාත්‍යධූර 30 කියා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයක්  නොමැති නිසා ව්‍යවස්ථාව උල්ලංඝණය වීමත් එහිදී සිදුවුනේ නෑ. ඒ වගේ ම එංගලන්තයට ලිඛිත ව්‍යවස්ථාවක් නෑ. ඔවුන් සම්ප්‍රදායන්ට ගරු කරමිනුයි රට පාලනය කරන්නේ. ඒ වගේම ඔවුන් සම්ප්‍රදාය අකුරට රකිනවා. ඒ නිසයි ජනමත විචාරණය පරදින විට ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙන්නේ. නමුත් එංගලන්ත සම්ප්‍රදාය මේ කාරණය අරභයා නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කිසිසේත්ම අදාල නැහැ. ඒ නිසා අගමැතිතුමන් ගිවිසුම සඟවන්න ගෙනා කාරණයන් හරිම අථාර්කිකයි. එතුමන්ට එංගලන්ත සම්ප්‍රදාය අවශ්‍යනම් ඉල්ලා අස්වීම් පිලිබද එංගලන්ත සම්ප්‍රදාය ආදර්ශයට ගන්න පුළුවන්. නමුත් එතුමන් ඒ කාරණය ගැන නම් හැරිලවත් බලන් නෑ.

කෙසේ වෙතත් අනාගතයේ බිහිවණ ආණ්ඩුත් ඇමතිමණ්ඩුල්ල 30 කට සීමා නොකර හිතූ මනාපයෙන් පත්කරගැනීම නැවැත්වීමට නම් ජාතික ආණ්ඩුවක් හැදුවා කියන එක විතරක් ප්‍රමානවත් නෑ. කා සමග ද? කොතරම් කාලයකට ද ? යන්න ලිඛිතව පාර්ලිමේන්තුවට දැන්වීම අවශ්‍යයි. ඒ වැදගත් සම්ප්‍රදාය බිහිකිරීම ඊයේ කථානායක තුමා අහිමි කිරීම ඇමති මණ්ඩලයේ බර අඩුකරලා බදුබර අඩු කරගෙන සැනසිල්ලේ ජීවිතය ගත කිරීමට අනාගතයේවත් ඉඩක් ලැබේවි කියලා මේ රටේ ජනතාවට සිහිනයත් තිබුනානම් ඒ සිහිනය ඊයේ අගමැතිතුමන් හා කතානායක තුමන් බොද කලා කියන එක අපි ඉතාම කණගාටුවෙන් සදහන් කරනවා.

– අරවින්ද අතුකෝරල

45,876 Viewers

29 Comments to “ජාතික ආණ්ඩුවට විරෝධය පා ශ‍්‍රීලනිප මන්ත්‍රීවරු 25ක් විපක්‍ෂයට..”

  1. පොහොට්ටුවේ ජයග්‍රහණයෙන් ජය පැන් බීම පසෙකලා …ළඟ ළඟ එන අනතුර දෙස අවදියෙන් සිටින්න සොහොයුරනි !
    මර්දනය ළඟ ලඟ එනවා !
    සාගල ආරක්ෂක ඇමතිකමෙන් ඉල්ලා අස් වුනේ නිකමට නොවේ !
    දත් දොස්තරයා …ගේම ඉල්ලගෙන ඇවිත් ..” ඉදිරි වසර 2 ක තුල ඔය ජයග්‍රහණය ආපසු හරවනවා කීවේ නිකමට නොවේ !
    හරක් පොන්සේකා ආරක්ෂක ඇමැතිකමට යෝජනා කරන්නේ නිකමට නොවේ !

    ලගදීම …බොරු සාක්ෂි හදලා …ගෝටා සිර කරාවි ! එතකොට ඊළඟ ජනාදිපතිවරනයට ..ගොටාව ඉදිරිපත් කරන්න බැරිවෙනවා.
    ගෝටා ආවොත් ..දැන් තත්වය අනුව උඩින් දිනනවා.!මහින්දට නැවත ඉල්ලන්න ව්‍යවස්තා ඉඩකඩ වහල තියන නිසා ..ලොකු ගැටළුවක් වෙනවා
    පොහොට්ටුවට ඉදිරි ජනාදිපතිවරනයට සුදුසු අබියෝගයක් දෙන්න පුළුවන් නායකයෙක් ඉදිරි පත් කරන්න.

    ගෝටාබය මේ වෙලාවේ ..ඇමරිකානු පුරවැසිකම ඉවත දමලා ලංකාවට ආවේ අපරාදේ !
    ඔහුව පරිස්සන් කර ගන්න !
    විමල්, බැසිල්, උදයගම්මන්පිල නැවත හිරී දමවී බොරුවට !
    අසාදාරණයට එරෙහිව පාරට බහින ජනතාවට වෙඩි තියාවි …බල්ලන්ට ..බල්ලලුන්ට වගේ !

    ගෝටාබය සෙනවියාණනි රට වෙනුවෙන් ඔබ පරිස්සන් වෙන්න .
    කාලය පැමිණෙන තුරු ආපසු යන්න .

    රතු ධජය

    • Ruwan says:

      Well said.

    • Amda says:

      True. We should kill time till we get our turn

    • anymouse says:

      ane yako ubata hodata gewanawa athi neda comment kotanawata, gota hira bath kana eka nawaththanna baha,

      • ගුණේ අයියා says:

        ජාතියට කැක්කුමක් තියෙන සාදාරණ මිනිස්සු බහුතරයක් තාම මේ රටේ ඉන්නවා කියල මතක තියාගන්න… නෙලුම් පොහොට්ටුවට ජයවේවා!

    • ඇත්ත says:

      නීතිපති දෙපාර්තමේන්තුවත් නීතිය නොදනී…
      රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙනඒම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජේෂ්ඨ අතිරේඛ සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා හා පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පී.කේ.ඩී.ප්‍රියන්ත මහතා ගොස් ඇත්තේ නීතිය නො දැනද?
      එසේනම් ඔවුන් වියදම්කර ඇති මහජන මුදල් අයකර ගැනීමට කටයුතු කරනවාද?
      මේ සිදුවීම් අනුව පැහැදිලි වන්නේ ලංකාවේ ජනතාවගේ මුදල් අවභාවිත කරමින් විදේශ සංචාරයාමට ලංකාවේ නිලධාරීන් කොතෙක් කෑදරද යන්නයි.
      යුධ අපරාධ සිදුවුණා කියමින් ජීනීවා උගුල අටවාගෙන ඇත්තේත් මේ ආකාරයට මහජන මුදල් කාබාසිනියා කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පිටරට සවාරි ගැසීමටද?
      යහපාලන ආණ්ඩුව මේවාට පිළිතුරු දිය යුතුය.

    • Wijebahu says:

      Hope it will happen as it is as you predicted. some of the names you have mentioned here are very well deserve to be in jail. Hope SF can win the 2nd War too. Jayawewa.

    • samuvel says:

      ඔබගේ අදහස එය නම පරෙස්සම් විය යුත්තේ ගෝටා ටත් වඩා ජනපති තුමාය.

    • chinthaka says:

      FULLY AGREED.

  2. යෙනුර says:

    මේ රටේ නීතියක් කියල දෙයක් තියෙනවනේ. ඉතින් මාධ්‍ය හමු තියල අපිට කියනවට වැඩිය හොඳ නැත්ද මේක උසාවියට ගෙනගියානම්.

    • ගුරුළු says:

      අද අපේ රට ඉතාමත් තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී සිටි 2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ මේ රට පාලනය කරන්නේ ආණ්ඩුවක් නොවේ ..යමපාලනයක්
      දැන් වසර තුනක් වන විට එය කොටි – හොර පාලනයක් බවට පත් වී ඇත යහපාලනය යටතේ ‘නීතිය සුරකිනවා. සාමය, සමගිය, සංහිඳියාව ඇති කරනවා. ආර්ථිකය හදනවා’ කියලයි කිව්වේ. දැන් ජනතාවට තිබුණු දේත් නැති වෙලා. අද සාමය තිබෙනවාද?තමන්ට එරෙහි දේශපාලන පක්‍ෂ නායකයන් සිරගත කරන්න මේ ආණ්ඩුව නීතිය තමන්ට ඕන විදියට නමමින් ඉන්නවා. විමල් වීරවංශ, නාමල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු වැනි මන්ත‍්‍රීතුමන්ලා සිරගත කළේ නීතිය තමන්ට ඕනෑ විදියට භාවිතා කරමිනුයි එත් එය උතුරේ ඊළම ගැන කතා කරන බෙදුම්වාදී දෙමළ ත්‍රස්තවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බල පාන්නේ නැත එක තමයි සිරිසේනගේ දෙමල සංහිදියාව ..අහෝ රටකට සිදුවූ අභාග්‍යක තරම් මේ රටට සිදු වන විනාශය වළක්වන්න ජනතාව එක තැනකට සමගි වී එක වියයුතුයි යමපාලනය නෙරපා දැමිය යුතුයි

    • Gomma says:

      Kohe yannada Shadik ge naduwa Usaviye thiyeddi ?

  3. Nim says:

    POHOTTUWA TA
    WAHA WAHA KRIYATHMAKA WEEMATA
    KALAYA PAMINA ATHA
    ALA NO SITA KALAUTHU DE KARANNA
    JANATHAWANI NAGITIWE
    NAGITIWE NAGITIWE
    RATA BERAGAMU.

  4. රජින්ද says:

    හයියෝ… මොනවද බං මේ… හැමදාම මාධ්‍ය හමු විතරයි. අද ආණ්ඩුව හදනවා කියනවා ආයෙත් හෙටත් ඒකම කියනවා. දැන්නම් අප්පිරියයි ඔය එකම දේ අහලා. පුලුවන්නම් කරලා ඉවර වෙලා මාධ්‍ය හමු තියනවද. එතකොට ඒකෙන් ඔබතුමන්ලා වැඩකාරයෝ බව කියත ඇහැකියි. අර පිස්සෝ දෙන්නා කවදාවත් උන් දෙන්නව අතහරින්නේ නැහැ. ඒ නිසා අළුත් පක්ෂෙ ශක්තිමත් කරන්න. දැන් ඔබතුමාලා බලයට කුලල් කා ගන්නවා වගේ මිනිස්සුන්ට පෙනෙන්න තියෙනවා. ඒ තත්වය ඉක්මනින්ම වළක්වාගෙන ඊගාව මැතිවරණය ඉලක්ක කරගෙන අලුත් මුහුණු ටිකක්, මඩ ගෑවිලා නැති දේශපාලනය ගැන වෙනස් විදිහට හිතන මිනිස්සු ටිකක් ඉස්සරහට දාන්න. පොඩ්ඩක් බස් එකේ කෝච්චියේ, පාරේ සහ යූ ටියුබ් වල හොයලා බලන්න පක්ෂ භේද වලින් තොරවම දැන් මිනිස්සුන්ට ඕනේ මොනවද කියන එක. ඊළඟ මැතිවරණය 1000%ක් ගොඩ යනවා එහෙම කලොත්. මම මේ කියන්නෙත් විවෘත මනසින් අපක්ෂපාතිව මට හැඟෙන දේ.

    • sinha le says:

      යමපාලනය අවසන් කිරීමට පෙරට වරෙව්
      අද අවශ්‍ය වන්නේ දේශපාලන පක්‍ෂයක නායකත්වය නොව දේශප්‍රේමී වැඩ පිළිවෙළක නායකත්වයකි.
      ක්‍රියාත්මක කෙරුණේ සිංහලයන්ට, රණවිරුවන්ට හා ඊනියා රාජපක්‍ෂ රෙජිමයට විරුද්ධව ය. පොලිස් මාෆියාවක් පිහිටුවා පළිගැනීමේ ක්‍රියා දිගින් දිගට ම කෙරී ගෙන ගියේ ය. පික්පොකට් අගමැති රිසි සේ සිංහලයන්ගෙන් පළිගත්තේ ය. ඒ අතර දෙමළ ජාතිවාදීහු නිදැල්ලේ හැසිරුණ හ. මේ සියල්ල හා තවත් සඳහන් නොකළ සිංහල විරෝධී ක්‍රියා අවසන් කළ යුතුව ඇත. අප කලින් ම කී පරිදි ඊනියා යහපාලනය සිංහල විරෝධී ක්‍රියා වසං කිරීමට යොදාගත් වෙස් මුහුණක් පමණක් විය. සියළු දේශප්‍රේමීන්ට එකතු වීමට කාලය පැමිණ ඇත. සිංහලයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දය ලබාගැනීමට හැකි නම් ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රශ්නයක් නො වේ. මේ සම්බන්ධයෙන් සිංහල විරෝධීන් ඉදිරිපත් කරන ගණන් හිලවු මුළුමනින් ම වැරදි ය. සිංහලයන්ගෙන් තුනෙන් දෙකක් එකතු වන විට රටට හිතැති දෙමළ මුස්ලිම් ජනයා ද ඔවුන්ට එක්වනු ඇත.

  5. DHAMMIKA says:

    ane palayalla..apita nidahase rata karanna deela..ubalachutha weyala”

    • Sunil says:

      Hey, Dhammika

      There’s a small typo error in your statement.
      It should be corrected as follows:
      `apita nidahase rata kanna deela umbala chutha wela palayalla!’ mieta Sira and Raniya.

  6. daminda says:

    sihina dakeema honda deyakk…………..

  7. rohg says:

    Sirisena is a loka undapalaya.

    Okkoma gata gahala, gate athulata wela banis kanawa !

  8. Manel says:

    Udaya Gammanpila always talk to intelligent people. Some may try to ridicule him. That is unfortunate. JO should be more strong and do everything possible to keep it’s winning spree. People, be alert. My3 and Ranil will not go easily. 89/ 90 period is ahead.

  9. DAYASIRI says:

    පොලිස් රාජ්‍ය ඉඩි අමීන්ගේ ඒකාධිපති රාජ්‍යක් බවට පත් කිරීමට දරන අසාර්ථක වෑයමේ අනිෂ්ඨ ප්‍රතිවිපාක පාරාවලල්ලක් වනු නියතය. ඉඩි අමීන්ලා, පොල්පොට්ලා, හිට්ලර්ලා, නැපෝලියන්ලා ආදී ජනතා විරෝධීන් බිඳ වැටුණු ආකාරය අමතක කරන්නේ නම් එය අපේ මුතුන් මිත්තන් අදෘස්‍යමාන බලවේගයක් සේ ක්‍රියාත්මක වනු නියතය.

  10. neil says:

    What so caled Jayampathi the ‘consitution expert’ says. Can he gives a clarity to this national govermnet issue as he does for othr things as well as new constitution?

  11. Senarath says:

    රනිලුත් පොහොට්ටුවට පනිනවා කියල ආරංචියි ?

  12. Sanjay g says:

    SLPP with Joint Opposition won without any MY3. wing members = so please don’t take them = let whole lot join to UNP with MY3

    then very easy to fight sake of the Country from Opposition

    Jayaweva !

  13. සෝම සමිඳු දෙසුවේනම් අපේ ජාතිය පැවතෙන්නේ විජයගෙන් නොවේ ඊට පෙර සිට පවත ආ ඍජු , බුදු දහම පවා අවබෝධ කරගත් බුද්ධිමත් පරපුරකින් බවයි ??????????……..

  14. David Milli-banda says:

    Yahapalanaya can not jail JO people and to win votes….
    What do you expect from thieves of Yahapalanaya who were robbing from day one. ???/

Main News