ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනු.. නැතොත් අපි විපක්‍ෂයට… එජාප මන්ත‍්‍රී තොගයක් රනිල්ට අවසන් දිනය දෙයි..

May 12, 2018 at 11:20 am | lanka C news
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනු.. නැතොත් අපි විපක්‍ෂයට… එජාප මන්ත‍්‍රී තොගයක් රනිල්ට අවසන් දිනය දෙයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂට සමගත පවත්වාගෙන යන ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවුනහොත් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් ස්වාධීන මන්ත‍්‍රීවරුන් ලෙස විපක්‍ෂයේ අසුන් ගන්නා බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

මේ සදහා මාස දෙකක කාලයක් තබා දෙන බවත් එම කාලයේදී එජාපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මෑතකදී සිදු කරන ලද ඇමති සංශෝධනය ගැනද කිසිම පැහැදීමක් නැතැයිද පවසන ඔහු ජාතික ආණ්ඩුවෙන් රටට මහජනතාවට කිසි සෙතක් සිදු නොවන බවත් සදහන් කරයි.

එනිසා ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන ඉල්ලීම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් නැවත වතාවක් සිදු කරන බවත් මෙවරද ඊට ප‍්‍රතිචාර නැතොත් මන්ත‍්‍රීවරුන් ස්වාධීන වී විපක්‍ෂයේ අසුන් ගන්නා බවද අවධාරණය කරයි.

11,806 Viewers

2 Comments to “ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනු.. නැතොත් අපි විපක්‍ෂයට… එජාප මන්ත‍්‍රී තොගයක් රනිල්ට අවසන් දිනය දෙයි..”

  1. Kadiya says:

    UNP mp’s can’t drop the UPFA mp’s out, because Western need to pass new construction in parliament. They will try bribe to SLFP mp’s and set 2/3.

  2. JANA says:

    It’s sad to see all these politico’s irrespective of there political parties take SELF BEFORE COUNTRY.
    only thing we can do is to shoot entire 226 or 7 MP’s.You wait and see,people will come out in very near
    future.Why should we suffer like this.Only reason I can see is we elected these F”rs.So we will cave to correct the mistake,and sooner the better.

Main News