ජාතික ආණ්ඩුව කරන හොද වැඩ ජනතාව දන්නේ නෑ..- ඇමතිනී සුමේදා

March 14, 2018 at 8:03 am | lanka C news
ජාතික ආණ්ඩුව කරන හොද වැඩ ජනතාව දන්නේ නෑ..- ඇමතිනී සුමේදා

ජාතික ආණ්ඩුව මගින් යම් සාධනීය වැඩ කොටසක් සිදුවුණද සමාජය තුළ පවතින විවිධ ගැටලු හමුවේ එම මාතෘකා ඉහළට පැමිණෙන අතර ආණ්ඩුව මගින් සිදුකරනු ලබන වැඩ කොටස් මතුනොවී යට යන තත්ත්වයක් මතුවී තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

එම නිසා සමාජයේ පවතින සියලුම ගැටලු ගැන අවධානය යොමුකොට එම ගැටලු කඩිනමින් විසදීමේ යන්ත්‍රණයකට ජාතික ආණ්ඩුව ගමන් කළ යුතු බවත් ඒ ගැන එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් අවධානය යොමු විය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ මොණරාගල ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ල මොණරාගල සතිපොළ සහ නගරයට පිවිසෙන අතුරු මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. මෙම විවෘත කිරීම් පසුගියදා සිදුකෙරුණේ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

“ජාතික ආණ්ඩුවක් යටතේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට වැඩකිරීමට ලැබීම අලුත් අත්දැකීමක්. එහි යම් යම් ප්‍රායෝගික ගැටළු තිබෙනම් ඒවා කඩිනමින්ම විසදාගැනීමට දේශපාලන පක්ෂ දෙකේම නියෝජිතයින් අවධානය යොමුකළ යුතුයි. එසේ නොවෙනවානම් ජාතික ආණ්ඩුව මගින් සිදුකරණු ලබන යම් සාධනීය කරුණක් පවා ජනතාව අතරට යන්නේ නැහැ.

විවිධ විරෝධතා, වෘත්තීය සමිති ඉල්ලීම්, සයිටම් ගැටළුව, ආර්ථික ප්‍රශ්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය ඇතුළු කරුණු ගණනාවක්ම සමාජයේ බොහෝ ක්ෂේත්‍රවල ගැටලු වශයෙන් පැනනැගිලා. මේ ගැටළු ගැන එකින් එක අවධානය යොමුකොට එම ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදිය යුතුයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදුන් ප්‍රධාන ගැටළු කිහිපයකට අද විසදුම් ලබාදෙන්න හැකිවුණා. නව ප්‍රාදේශිය සභා කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම ඉතාම වැදගත්. තමන්ගේ අවශ්‍ය කටයුතු සඳහා ප්‍රාදේශිය සභා කාර්යාලයට එන පොදු මහජනතාවට මෙය ඉතා ප්‍රයෝජනවත්. වසර ගණනාවක් තිස්සේ මෙම ගැටළුව පැවතුණු අතර අද ඊට විසදුම් ලැබුණා.

මොණරාගල සතිපොළ විවෘත කිරීමත් ජනතාවට ඉතා වැදගත් වෙනවා. නගරයට පිවිසෙන අතුරු මාර්ගය විවෘත කිරීමෙන් මොණරාගල නගරයේ වාහන තදබදයට විසදුමක් ලැබී තිබෙනවා. ඉදිරියටත් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන කටයුතු රැසක් සිදුකිරීමට නියමිතයි. යනුවෙන්ද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජීත ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

සභා ශාලාව, නව ශ්‍රවනාගාරය ඇතුළු ඉදිකරනලද මොණරාගල ප්‍රාදේශිය සභා කාර්යාලය සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 54ක් පමණ වේ.

– ප්‍රසාද් මංජු

5,824 Viewers

9 Comments to “ජාතික ආණ්ඩුව කරන හොද වැඩ ජනතාව දන්නේ නෑ..- ඇමතිනී සුමේදා”

  1. Kolitha says:

    chanadaayakayo patta harak ….lapayath oya kathawama kiuwa……ohoma yamu meya….!

  2. බන්ඩා says:

    අවුරැදු ගනනාවක් ‘මහජන නියෝජිතයන්’ නැතුව නිලධාරීන් විසින් පාලනය කර ගන යන ප්‍රාදේශිය සභාවට ගොඩනැගිලි මොටද?

  3. පව් දෙය්යා says:

    පව් දෙය්යා රහසේ කොරන දේවල් මහා ජනතාව දන්නා නෝනා? ත්රිසන්නුත් oya දේම කොරනවා පෝලිම් වල. මහපාරේ.පව් දෙය්යා

  4. Amda says:

    ඉතින් කියන්නකො අපිටත් දැනගන්න. කලර් ලයිට් එකක්, ලයිට් කනුවක්, බෝක්කුවක් හැදුවත් අනබෙර ගහලා පෙන්නන රටේ …….

  5. hari says:

    Anne oya waysata hodda THALATHEL TIKKA GALA GEDDARTA WELA HITTYANAM HODDAI NEDA

  6. podi gamaya says:

    madam palath palana jandaya iwarawenawath ekkama vena kathawakne kiwwe

  7. FREE says:

    අනේ නෝන​,ඔය වල් අලින්ටත් ලගින්න මොකක් හරි ශාලාවක් හදල වල් අලියෙක් ලවාම ඒක විවෘත කරවන්නකො.එතකොට උන් ගම් වදින්නෙ නැතිවෙයි.

  8. සුමේධා අක්කේ says:

    යහ පාලනයෙන් ඔයාට ගොඩක් හොද දේවල් වෙලා වගේ. අපි නොදන්නා රෝස් පාන්.නේද සුමේධ අක්කේ. එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් පෙනේවි. ඔක්කරේ දාන කොට රටටම ඇහේවි.

  9. podi gamaya says:

    Api Okkoma Heluwen Aluth Drama ekak

Main News