ජාතික හා අන්තර්ජාතික තලයේ දස්කම් පෑ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සම්මාන…

August 2, 2017 at 2:35 am | lanka C news
ජාතික හා අන්තර්ජාතික තලයේ දස්කම් පෑ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සම්මාන…

ලබන ඔක්තෝබර්  01 දාට යෙදෙන අන්තර්ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් ජාතික හා අන්තර්ජාතික වශයෙන් විවිධ ක්ෂේත්‍ර‍යන් ඔස්සේ දස්කම් පෑ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සම්මාන පිදීමට සමාජ සවිබලගැන්වීම් , සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළබද අමාත්‍යාංශය සූදානම් වේ.

අමාත්‍යාංශය  යටතේ  පවතින  ජාතික  වැඩිහිටි මහ  ලේකම්  කාර්යාලය  විසින්   මෙවර ජාතික වැඩිහිටි දින උළෙල උත්කර්ෂවත් අයුරින් බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හෝටලයේ දී  පැවැත්වීමට කටයුතු යොදා ඇති  අතර  එහි දී මෙම සම්මාන ප්‍ර‍ධානය සිදු කෙරේ.

මෙම සම්මාන ලාභි ජ්‍යෙෂ්ඨයන් පහත දැක්වෙන ක්ෂේත්‍ර‍යන්ගෙන් තෝරා ගැනීමට නියමිත අතර ඒවා වන්නේ  නර්තන , සංගීතය , සිනමා , සෞඛ්‍ය , රාජ්‍ය පරිපාලන , නාට්‍ය , සාහිත්‍ය , ජනමාධ්‍ය , ක්‍රීඩා හා සමාජසේවා යන විෂයන් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

– සංජය දසනායක

 

713 Viewers
Main News