ජාතිවාදී ගිනි අවුලන මහ මොලකරු කොළඹින් පාර්ලිමේන්තු ආ ජාතික ඇඳුම අදින උස හීන්දැරි හාදයා මෙන්න..

March 6, 2018 at 9:56 pm | lanka C news
ජාතිවාදී ගිනි අවුලන මහ මොලකරු කොළඹින් පාර්ලිමේන්තු ආ ජාතික ඇඳුම අදින උස හීන්දැරි හාදයා මෙන්න..

 

අම්පාර – තෙල්දෙණිය ප්‍රදේශවල සිදු වූ ලේ වැකි සිද්ධිදාමයේ මහ මොළකරු කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි, ජාතික ඇඳුම් අදින, උස හීන්දෑරි හාදයකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හෙළිකර සිටියේය.

අද (06) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ හෙළිකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“තෙල්දෙණියේ ලේ වැකි සිද්ධිදාමය හේතුවෙන් කුමාරසිංහ නමැති සිංහල දෙදරු පියකු ද අබිදුල් බාස්ත් නැමැති මුස්ලිම් තරුණයකු ද මියගියා. මේ දෙදෙනාම ලක්මාතාවගේ දරුවෝ. මම පළමුවෙන්ම මේ අයගෙ පවුල් වෙත ඒකාබද්ධ විපක්ෂය ලෙස අපගේ සාතිශය සංවේගය පළ කර සිටිනවා.

මැතිවරණයෙන් පසුව ආණ්ඩුව අර්බුදයට ගිහින් තිබෙන වෙලාවේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වී ඇති වෙලාවේ, ඒ සියලූ මාතෘකා යටපත් කරලා රටට අහිතකර මාතෘකාවක් අද නිර්මාණය කරලා තිබෙනවා. ආණ්ඩුව මේ අහිතකර තත්වය පාලනය කිරීම හිතාමතාම පැහැර හැර ඇති බවයි අපට පෙනෙන්නේ.

ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියා, ‘ගැටුම්කාරී සිදුවීමක් ඇතිවිය හැකියි. එය පාලනය කිරීමට මැදිහත් වෙන්න’ කියා. නමුත් නියෝජ්‍ය පොලිස්පතිවරයා එය පිළිගත්තේ නැහැ. ඔහු කියා තිබෙනවා ‘අපි එම තත්ත්වය පාලනය කර තිබෙනවා. ඒ ගැන අපි බලාගන්නම්’ කියලා.

නමුත් තෙල්දෙණිය ප්‍රදේශයේ මවුලවීතුමකු සිදුව ඇති තත්වය පිළිබඳ මාධ්‍යයට ලබා දුන් ප්‍රකාශයක් අප සතුව තිබෙනවා. මෙම ප්‍රකාශයට අදාළ වීඩියෝපට මේ වන විට මුහුණුපොතේ ද තිබෙනවා. එතුමා ප්‍රකාශ කරනවා ‘පොලිසියෙන් අපට කීවා, ගෙවල් ඇතුළට වෙලා ඉන්න. අපි ආරක්ෂාව සලසනවා කියලා. අපි ගෙවල් ඇතුළට වෙලා ඉදිද්දි ලයිට් කැපුවා. ඒ ලයිට් කපපු වෙලාවේ තමයි සංවිධානාත්මක පිරිස් ඇවිත් ගිනි තියාගෙන ගියේ’ යනුවෙන්. ඒ අනුව ඉතා පැහැදිලිව පෙනෙනවා, මේක පූර්ව සැලැසුමකට අනුව සිදු කළ දෙයක් කියලා.

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ පෙන්වන ‘කූඹියො’් ටෙලි නාට්‍යයේ ඉන්නවා ‘ජෙහාන්’ කියලා ගේම්කාරයෙක්. ඒ වගේ මේ ලේ වැකි සිද්ධිදාමය පිටුපස්සේ ද ජෙහාන් කෙනෙක්, ගේම්කාරයෙක්, මහ මොළකරුවෙක් ඉන්නවා. එයා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ආපු, ජාතික ඇඳුම අඳින, උස හීන්දෑරි හාදයෙක්. ඔහු තමයි මේ ලේ වැකි සංවිධානාත්මක අපරාධය පිටුපස්සේ ඉන්නේ. අම්පාර හෝටලයකට ගිහින් මේ සිද්ධිදාමයට අදාළ පළමු ගිනිකුර පත්තු කළේ කවුද, කියා මේ ආණ්ඩුව කිසිම සොයා බැලීම්ක් කළා ද?
මා ජවිපෙ නායක අනුර දිසානායකගේ කතාව අසාගෙන සිටියා. ඔහු අපේ ආණ්ඩුව කාලයේ අලූත්ගම සිදුවූ අවාසනාවන්ත සිදුවීම් ගැන කීවේ කුමක්ද? ‘ඒක රාජපක්ෂවරුන්ගේ බලය තහවුරු කර ගැනීමට සිදු කළ දෙයක්’ කියලයි. මෙදා කීවේ, ‘බලයේ ඉන්න අය බලය තහවුරු කර ගැනීමටත් බලයට එන්න ඉන්න අය බලය ලබා ගන්නත් මේ දේවල් කරනවා’ කියලයි.

එදා බලයට එන්න බලා ගෙන හිටපු රනිල් වික්‍රමසිංහලාට එයා ඇඟිල්ල එසවූයේ නැහැ. ඇයි තමුන්නාන්සේලා බලයට ආවට පස්සේ අලූත්ගම සිදුවීම පිළිබඳව සොයා බලන්න කොමිසමක් පත් නොකළේ? එහෙම ක්‍රියාමාර්ගයක් ගත්තා නම් අද මෙවැනි ලේ වැකි සිද්ධිදාමයක් නිර්මාණය කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ.

තෙල්දෙණියට පොලිසිය, එස්.ටී.එෆ්. ආවේ ප්‍රමාද වෙලා. ඒ එනකොට සිද්ධ වෙන්න ඕනෑ සියල්ල සිදු වෙලා ඉවරයි. ඔවුන් ආවේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට මේ අපරාධය සිදු කිරීමට ඉඩදීමෙන් අනතුරුවයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරන
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ.

114,828 Viewers

41 Comments to “ජාතිවාදී ගිනි අවුලන මහ මොලකරු කොළඹින් පාර්ලිමේන්තු ආ ජාතික ඇඳුම අදින උස හීන්දැරි හාදයා මෙන්න..”

  1. ජනක says:

    අන්න එක තමයි ඇත්ත .මේ රටේ සාමාන්‍ය මුස්ලිම් මිනිහා අන්තවාදී වෙලා හිටියේ නෑ නමුත් ඇමෙරිකානු සැලසුම ක්‍රියාත්මක කරන සවුදිය නමැති අන්තවාදී රාජ්‍ය තමයි මෙරට වහාබි වාදය ක්‍රියාත්මක කරන්න කටයුතු කලේ .ඔවුන් එසේ කටයුතු කරද්දී බොරදියේ මාලුබාන උස හින්දාරි පචයෙක් සිංහලයන්ව අවුස්සලා පාර්ලිඑම්න්තු ආවා .මිනිහගේ නම ජිහාන් මිනිහා වහාබි වාදය ගැන පොත් ලිව්වා සිංහල මිනිසුන්ව උසිගැන්වුවා ඊටපස්සේ බලය තමුන්ට වාසි වෙන විදියට මාරුකරගෙන මිනිහා පහුගිය අවරුදු දෙක තුනේ කතාව සහජීවනය හැබැයි ඇතුලේ සර්පයා .ඒවගේම තමයි මිනිහට ඔය ජාති දෙක තුනම නිකම්ම උපකරණ පමණයි මිනිහගේ බලයට පැමිණීමේ අරමුණ ඉෂ්ටකරගන්න පාවිච්චි කරගන්න .
    මේවගේ එකෙක් පක්ෂ ඇතුලේ රනිල් දාගෙන ඉන්නේ ඔන්න ඔය වගේ කොන්ත්‍රාත් ඉස්ටකරගන්න තමයි .
    හැබැයි රනිලෝ ඔය මිනිහගෙන් වැඩ අරගෙන පස්සේ කනවෝ කියල කෑගහන්න වේවි ආයේ දෙකක් නෑ.
    දැන් මිනිහා unp නායකකමක් බලාපොරොත්තුවෙන් ඉන්න බව පේනවා බලාගෙන සර්පයා

    • Shammi says:

      100% true

      • ජනක says:

        විමල්ගේ කතාව 100% ඇත්ත .එදා හෙළ උරුමයේ වේදිකා ගානේ කතා අහන්න ගිය අපිට ඉස්ලාම් අන්තවාදය ගැන භීතිකාව ඇතිකළේ ඔය උස හින්දාරි පච කියන්නා .නමුත් මිනිහා එක සිතුවම් කලේ මුළු ඉස්ලාම් සමාජයම එලෙස යයි අපිට හැඟෙන පරිදි .එනිසා අපිත් ඉස්ලාම් විරෝදියෝ උනා නමුත් මෙහි ඔය උස හින්දාරි හාදයා ඇතිකළ වයිරය ඉතාම බයානක බවත් මුළු මහත් මුස්ලිම් සමාජයම අන්තවාදීන් නොවන බවත් මේ අන්තවාදය ඔය හින්දාරි හාදයා අපව රැවටීමට පාවිච්චි කරන බවත් අප මෙරටේ මුස්ලිම් ජනතාව විරොදයක් වෙනුවට කතිකාවක් ගොඩනගා ගැනීමටත් ඉස්ලාම් අන්තවාදී සංවිදාන හඳුනාගෙන ඔවුන් ව මුස්ලිම් සමාජයෙන් වෙන්කර හඳුනා ගත යුතු බවත් තේරුම් ගත්තේ විමල් වැනි අයගේ හෙළි කිරීම් මතයි .
        අපව එදා අනෙකුත් රටේ ජනතාව වෙත උසිගන්වා ඒ ගැන පොත් ලියා අපේ සිත්වල වයිරය ඇතිකළ උස හින්දාරි හාදයා අද හොරා වගේ කටේ තොලේ නොගෑවී සහජීවන බන කීම විහිළුවක් ඔහු එදා ඇවිලූ ගිනින්න තවමත් ඇවිලෙනවා රජය මේ ඉස්ලාමික අන්තවාදී සංවිදාන හඳුනාගෙන ඒ සංවිදාන මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් වෙන් කර ඒවායේ කියාකාරකම් තහනම් කරනතෙක් මේ ප්‍රශනය තව තවත් ඉහල යාවි .පොලිටිකල් කොරෙක්ට් වෙන්න ඒ ගැන කතා නොකර සිටියහොත් මේ ප්‍රශනය උඩු දුවාවි .මුස්ලිම් සමාජයට මේ අන්තවාදී අරාබි සංවිදාන කරන බලපෑම ගැන රජය දැනුවත් ද ?
        ඒවගේම කියන්න ඕනා අපි මුස්ලිම් මනුස්සයෙක්ට ගසන පුංචි ගල් කැටයත් ඒ සංවිදාන වෙතට මුස්ලිම් සමාජය තල්ලු කරන බව

      • anurada says:

        මේ කතාව ඇත්ත. සිංහලයා මෝඩයා කැවුම් කන්න යොධයා කියල පැරණි කියමනක් තියෙනවා. ගලබොඩ ඇත්තෝ කියන්නේ පචයාගේ බඩ්ඩක්. පචයා කරපු කපටි වැඩේ තමයි….තමන් එක්ක ඉන්න එවුන්ව විවිධ පක්ෂ ඇතුළට රිංගවා පාර්ලිමේන්තුවටයි ලංකාවේ දේශපාලනය මාර්ගය තීරණය කරන ස්ථාන වල ප්‍රධානින් කරපු එක. කට්ටියක් නොර්වේ ගිහිල්ල සිංහල – මුස්ලිම් ගැටුම් අවුලවන්නේ කොහොමද කියල බැලුව. සිංහල බෞද්ධ බලවේග කිව්වට ඔය එකේකවත් සිංහලෙන් වැඩ කරන්න කැමති නෑ. සල්ල ලැබෙන්නේ සුද්දන්ට අවශ්‍ය විදිහට වැඩ කළොත් විතරයි…..

      • Susanthika says:

        One can clearly see the ugly hand of Sirisena- RW government behind the recent ethnic violence since it provides the only escape root for them after the defeat at the local government election.

        Wimal has rightly predicted the possibility of such a scenario at his public speeches on numerous occasions a few months ago but unfortunately enough attention was not given to his revelations..

        No one now talk about the bank robbery, Geneva resolution, new constitution, cost of living, change of prime minster and government, SLFP’s shameful defeat at the election etc..

        It it like a lottery win for the desperate duo, SIRI WICK who were penniless a few weeks ago.

    • Amda says:

      බෝතල් වලට ආස කරන කෙනෙක් කියල මිනිහගෙ පැටිකිරිය එක්නැලිගොඩ කියන ටැබ්ලොයිඩ් කාරයා ලිව්වා…

      • අත්තා says:

        ඒක නේ එක්නැලිගොඩ අතුරුදන් වුණේ.

    • කෝ අර කොන්ඩේ නැති සංහිදියාවේ රාජිණිය. කොහේද සැගවී සිටින්නේ. අනේ එලියට බැහැලා හරි වැරදි කියලා දීපන්කො මේ ජෙහාන්ට. .

    • banda says:

      ලංකාවේ මිනිස්සුන්ගේ වරද මෙතන …එකිනෙකා කට වාචාල කමට චෝදනා කරගන්නවා ..හැබැයි උසාවියක එක නඩුවක් නැහැ ..
      අර උගත් අගමැති තුමාත් මහින්ද හොරා කියලා පාර්ලිමේන්තුවේ බිරුසන් දුන්නා ..හැබැයි හොරාට නඩු නැහැ ..මේවා නිකන් මිනිස්සු අන්දන්න කරන කතා .

  2. bandara says:

    විමල් ඔබ පසසනවා නොවෙයි. ඔබ හැමවිටම හැම දෙයක් ම නිවරදිව දකින හැමදෙනකුම ඔබ කවුද යන්න තේරුම් ගන්නා දිනයක් ඉතිහාසයෙන් බිහිකරන කවදා හෝ දිනක මහා දැවන්ත චරිතයක්

    • Amda says:

      True!

    • Wijebahu says:

      ANE wimalo umba ithin kiyana ewa ahala passa Parthen hinawenawa.

    • jayamal says:

      විමල් දැනටමත් මහා දැවැන්ත චරිතයක් ලෙසයි මා දකින්නේ. තව බොහෝ දෙනෙකුට ඔබ කියූ පරිදි නොබෝ දිනකින් එසේ දැනෙනු ඒකාන්තයි. සත්‍යය ජය ගන්නා දිනය අත ලඟයි!

      • sayumi says:

        ලොක්කා ‘නීතිය හා සාමය’ ගත්තෙ අත ලෙව කන්න නොවන බව දැන්වත් අපි තේරුම් ගන්න ඕනේ. නැති කලබල ඇති කරලා පනින රිලවුන්ට ඉනිමං නොතියා ඉන්න මුස්ලිම් සිංහල බේද නොබලා මේ වෙලාවෙ කවුරුත් හිතට ගන්න ඕනෙ. රටම ගිනි අවුළලා හරි කමක් නෑ තමන්ගෙ අරමුණ ඉශ්ට කර ගන්න වලිකන ඔය හීන්දෑරි තක්කඩියාට මුස්ලිම් සිංහල දෙගොල්ලම එකතු වෙලා හොඳ පාඩමක් උගන්නන්න හිතට ගන්න ඕනෙ. මේ හෙලිදරව් කිරීම ගැන රටේ පංචායුධය වන ඔබතුමාට අපේ ගෞරවනීය ප්‍රණාමය !!!

        මේ යන විදිහට මට නම් පේන්නෙ නලින් සිල්වා මැති තුමන් කියනවා වගෙ මොන තතුරක් අරන් හරි පොහොට්ටුව කල යුත්තෙ වහාම බැංකු හොරාව ගෙදර යවා මේ හවුල් ආණ්ඩුව හමාර කරන්න පියවර ගැනීමයි
        එහෙම නැති වුනොත් රට වලපල්ලට යනවා බල බලා අපට වෙන්නෙ පළාත් පාලන ජයග්‍රහණය මල්ලක දාගෙන හූල්ලන්නයි.

        • Suba Anagathayak says:

          ඒ කියන්නේ සිරිසේනට හේත්තු වෙන්න ඕනෑ කියන එකද?

          • jayamal says:

            සයුමි ඔබ දුටුව දෙය නලින් මැතිතුමාගෙ කාලය ඩොට් ඕග් අඩවියෙන් තව පැහැදිලිව අපි හැමෝම තේරුම් ගත්තොත් සමහර විට බැංකු හොරා ගෙදර යවලා මේ හවුල් ආණ්ඩු යමපාලනය හැකි විගස ඉවර නොකලොත්….අපිට හෙට රටක් ඉතිරි නොවන බව කාටත් පැහැදිලි වෙයි. මොන දේ ජයගන්නත් අපිට රටක් ඉතිරි වන්න ඕනේ!

            මේ යන තාලෙටම තව ගියොත් රට කෑලි කෑලි වලට කඩන ව්‍යවස්තාවත් ගෙනත් මේ රාජ්‍ය සම්පත් විකුණන භයානක වැඩ කටයුතුත් දිගටම කෙරිලා….දිවි පරදුවට තබා රට බේරා ගත් රණවිරුවන් සිර ගෙවල් වල පෝරක වල හෝ විදේශ අධිකරන වලින් වැරදි කරුවන් වෙලා…. මිනීමරු කොටි නිදහස් වෙලා…. කොටි ඩයස්පෝරාව මේ රටේ සියලු වැදගත් ආයෝජන වලට ඇතුල් වෙලා…. තව අපිට රටක් ඉතිරි වෙයිද? මොන යම් හෝ කඩිනම් වැඩ පිලිවෙලකින් මේ රට ගලවා ගැනීම කාගේත් පරමාර්ථය විය යුතුයි. දැනටම රට ආරාජික වෙලා.

          • sayumi says:

            Suba Anaagathayak,

            https://lankacnews.com/තෙල්දෙණියේ-කලහයට-ලොහාන්/

            මේ ලින්ක් එකත් බලන්න

          • sayumi says:

            suba anaagathayak , ඔබට මා එවූ පිළිතුර මෙහි පලවී නැහැ . හැකිනම් මා එය යලි එවන්න
            බලන්නම්.

          • sayumi says:

            ඔබට තුති ජයමල්. ‘සුබ අනාගතයක්’ ට මා එවූ පිලිතුර පල නොවූවත් ඔබෙ කමෙන්ට් එකෙන් ඒ අඩුව පිරිමැහුනා.

    • Critic says:

      Very true ! bandara & Jayamal.

  3. Attorney at law says:

    ඊයේ පෙරේදා මාලදිවයිනේ සිදු කලෙත් බලහත් කාරයෙන් හදිසි නිතිය පනවා ජනාධි පතිවරයා සිය බලය බලහත් කාරයෙන් රැකගැනීමයි. මෙයත් එවැනිම උත්සහක් බව තේරුම් ගත යුතුයි . වර්තමානයේ බලය අහෝසිවෙමින් යන වර්තමාන පාලකයන් බැඳුම්කර මුදලින් සිය මැරයන් යොදා ජාතිවාදී කලබලයක් ඇතිකොට එමගින් බලහත්කාරයෙන් හදිසි නිතිය පනවා සිය බලය රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වී ඉන්පසු එය සිය විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන් වෙත පටවා ඔවුන් ඒ තුලින් මර්දනය කිරීමේ පටු උත්සයක් බව පැහැදිලිව පෙනේ .

  4. kim says:

    ජෙහාන් මොකා උනත් ප්‍රියන්ත මොකාද කියල නම් හොඳට පැහැදිලිය්

  5. Saman says:

    Mona boruda me okkoma karane maharajayi ugae pitipasen inna ontika.

  6. Bruce says:

    Is that about ” Mr. Lee Moravaka” bugger?

  7. OBE says:

    වහාම මේ පාස්පෝර්ට් රොබරිය 4 වෙනි තට්ටුවට ගෙනිහින්,
    මේකට සම්බන්දයි කියන මේ කෙනා අල්ලන එකනේ තියෙන්නේ ! .

  8. WELL SAID Hon Wimala Weerawansa as ALWAYS …….our LION VOICE jayama wewaaa!!

  9. dam says:

    විමලයො තෝයි තොගෙ ජාතිවාදී කල්ලියයි තමයි සුපිරියටම ජාතිවාදය පතුරවන්නෙ තොපිට ඕනි තෙල්දෙනියෙ උනා වගේ තවත් දේවල් කරලා මහින්ද පමනයි එකම විසදුම යනුවෙන් මතයක් හදන්නයි

    • නයා.... says:

      විමල් නෙවෙයි, මහින්ද තමයි එකම සිසඳුම කියන මතය හදන්නේ ඊනියා යහපාලකයෝ.
      මහින්දගේ කාලෙත් මුස්ලිම් සිංහල ගැටුම් ඇති වුනා. ඒවාට එදා විපක්ශය කෙලින්ම පෞද්ගලිකව මහින්දට චෝදනා කලා. ඒත් ඒ සිදුවීම් රාජ්‍ය මැදිහත් වීමෙන් ක්ශනිකව සමනය කලා. දින ගනන් ඇදී යන්නට, නගරයෙන් නගරයට බෝ වන්නට ඉඩ තිබ්බේ නැහැ. සිංඅහලයට හැඟීමක් තිබුනා අපිට නීතියේ පිලිසරනය තියෙනවා කියලා ඒක නිසා නීතිය අතට ගැනීමක් වුනේ නැහැ.

      ඒත් මේ වැඩ බැරි කන්ජයියලා සෙට් එක නානවා, යන යන තැන ඇදගෙන නානවා. ඉතින් මිනිසුන්ට වැටහෙනවා මේකට එකම පිළියම මහින්ද විතරයි කියලා.

      ඒකට විමල් මක් කරන්නද?

  10. D.Nimal says:

    The tall, skinny and talkative man long before belongs to Hela Yruma. He is/was actress lover .
    More on that unreliable Buddhist preaches who undermined Buddhist teaching in Island wide>
    He is currently Minister of large scale projects ,funded by Norway .

  11. Nim says:

    WEMAL WEERAWANSA OBA GE
    VEGRAHAYA HARIYATAMA HARI.

  12. karu says:

    Thanks Wimal, for correctly reading the situation and acting very sensibly. Please do more mediation through your local leaders to build up the trust between two communities. This is a great opportunity for you all to show that our true nationalistic forces are not barbarians and the false label try paste by these opportunistic forces “Minorities can’t live safely if nationalistic forces raising” is not a truth. This is a very big challenge for you all. Don’t think this as a threat take it as an opportunity to clear the misbelief. Don’t forget we had to pay big price for not taking timely action against those who behind Aluthgama incident. Not only that you all should raise a forceful voice against for those who did this and expose them to the people. I’ m very confident that directors of the Aluthgama incidents are behind this incident too. The name you mention is very correct. But need to expose them fully

  13. Kumudu says:

    Sahathika aththa..api hemoma me thathwaya therum geneema weda gath.. kohoma wunath hithala balanakota penne wahab wadee Muslim aya lawuwa. Sinhala kollawa uwamanawen meruwa kiyala.. Jehan kiyanawa wage kawuru hari billak wenna onine..

  14. kanishka Tissa says:

    True, This traitor who betrayed the Sinhalese Buddhists was an ex-pastor belonging to a fundamentalist Christian sect. He was once a staunch anti-Muslim crusader and was responsible much for implanting anti-Muslim feelings among the Sinhalese Buddhists.

    • Jackson says:

      Who are you referring to, can you clarify please? Who is this anti-muslim christian pastor-turned Sinhala Buddhists extremist leader? Champika Ranawaka, is it?

  15. Samntha Badra says:

    Ane ae usa ekkena den jathiwadee ne unnahe. Eya den yahapalane sanhindiyawa genna amuda gahagena weda karana heen hadayek. Federal unath denawaata ohu virudda ne. Issara thamai oya Sinhala kama thibbe. Den patta UNP karayek.

    • Upaasaka says:

      Is he the person ,who stranded theoriginal ground level followers of JHU and joined Ranil by turning 180degrees,for the sake of power?Is he the one of the members, who endorsed the appointment of pro-LTTE , biased, NGO members to the dissapeared persons finding commission?

  16. Donald Isuru Wilegoda says:

    The PC (aka Pacha) who loves watching porn.

  17. Dushantha says:

    ඔය කියන මිනිහා ආලාපාළු සූත්‍රයෙන් සාධනය කරලා පෙන්නයි ඕක පිටිපස්සෙ ඉන්නෙ පොහොට්ටුව කියලා.

Main News