ජාති බේදයකින් තොරව සැම දරුවෙකුටම අධ්‍යාපනයට සමාන අයිතියක්..

January 28, 2017 at 2:30 am | lanka C news
ජාති බේදයකින් තොරව සැම දරුවෙකුටම අධ්‍යාපනයට සමාන අයිතියක්..

“ජාති භේදයකින් තොරව සැම දරුවෙකුටම අධ්‍යාපනය ලබා ගැනීමට සමාන අයිතියක් ලබා දිය යුතුයි එය අපේ වගකීමක්, එම වගකීම නිසිලෙස ඉටු කිරීමට අපි බැදී සිටිනවා. රණවිරු සේවා අධිකාරිය මගින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා රණවිරු දරුවන් පමණක් නොව සියලුම ජාතින් නියෝජනය වන පරිදි සිසු දරුවන් සහභාහි කර ගැනීමට අප අදහස් කළේ ඒ නිසයි. දරුවන් අපේ සම්පතක් ඔවුන් රැක ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කිරීමට හැකි සැම පියවරක්ම ගැනීමට කටයුතු කරනවා”, යැයි රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ජාතික සංහිදියාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2017.01.26 වන දින මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යයාලිය ශ්‍රවණාගාරයේ දී පැවැතී මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික් වල රණවිරු දූ දරුවන් සඳහා සහ ආර්ථික දුෂ්කරතා වලින් පෙලෙන පවුල් වල ඉගෙනිමට දක්ෂ සිංහල, දමිළ සහ මුස්ලිම් සිසු දරුවන් සඳහා පාසැල් උපකරණ බෙදා දීමේ උත්සවය අමතමිනි.

වසර 35කට පසු සිංහල, දමිළ සහ මුස්ලිම් ජාතින්ගේ එකමුතුවෙන් රණවිරුසේවා අධිකාරිය විසින් මඩකලපුවේ පවත්වන ලද ප්‍රථම වැඩසටහන මෙය වන අතර රණවිරුසේවා අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සම්පත්දායකයින්ගේ මුලිකත්වයෙන් හා රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.

සිසු දරුවන් 500දෙනෙකුට පාසැල් උපකරණ බෙදා දීමට අමතරව මඩකලපු දිස්ත්‍රික් රණවිරු දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම ද, තෝරා ගත් රණවිරු පවුල් සාමාජිකයින් සඳහා මහන මැෂින් සහ සිංගර් ශ්‍රී ලංකා ආයතනය මගින් මැහුම් පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබදීම ද මෙහිදී සිදු කෙරිණි..

මෙම වැඩසටහන සංවිධානය කිරීමේ මුලික කටයුතු රණවිරු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශාන්ත කමලසිරි මහතාගේ සහ මඩකලපු දිස්ත්‍රික් නිලධාරිනි ගීතිකා ජයවර්ධන මහත්මියගේ දායකත්වයෙන් සිදුවිය.

මාධ්‍ය ඒකකය
රණවිරු සේවා අධිකාරිය

3,075 Viewers
Main News