‘ජාවාරම කියන්නෙ බිස්නස් එකක්.. අපි ඒව කරනවා..’ – වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් [Video]

December 21, 2016 at 3:50 pm | lanka C news
‘ජාවාරම කියන්නෙ බිස්නස් එකක්.. අපි ඒව කරනවා..’ – වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් [Video]

සළුසල ආයතනය පාසැල් නිල ඇදුම් රෙදි විකිණීමේ ජාවාරමක නිරත වන්නේ යයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ලේකම් ඞී.එම්.කේ. තෙන්නකෝන් මහතා අදහස් පල කරයි.

‘ජාවාරම කියන්නෙ බිස්නස් එකක්. සළුසල කියන්නේ බින්සන් කරන ආයතනයක්. ජාවාරමේ ඇත්ත තමයි  ඕක’ යයි ලේකම්වරයා අදහස් පල කලේ සිරස රූපවාහිනියට සම්මුක සාකච්චාවක් ලබා දෙමිනි.

9,107 Viewers

9 Comments to “‘ජාවාරම කියන්නෙ බිස්නස් එකක්.. අපි ඒව කරනවා..’ – වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් [Video]”

  1. රාජ්‍ය සේවක says:

    කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයක ලේකම් ලෙස ඉන්න තෙන්නකෝන් පට්ට හොරා, පසුගිය දිනවල පිටකොටුවේ තොග වෙළෙඳ ජාවාරම්කරුවන් කිහිපදෙනකු අල්ලාගෙන හොද්ද බොර කර ගැනීමේ වැඩසටහනක් ඉතා ජයටම කරගෙන ගියේය,
    පසුගියදා අමාත්‍යාංශයට සම්බන්ධ ආයතනයක් හරහා කරපු ලොකු සීනි ගනුදෙනුකින් විශාල පාඩුවක් අමාත්‍යාංශය සතු ආයතන දෙකකට සිදුවූ අතර මේ සම්බන්ධ සියලු කරුණු ඇමතුමාගේ මැදිහත්වීමෙන් යටගසා ඇත,
    යහපාලනය රජය පැමිනිමට පෙර කිහිපවරක් වැඩ තහනමටකටද ලක්ව ආර්ථික අතින් ඉතා දුෂ්කරව සිටි මේ නිලධාරියා පසුගිය සතියේ තම දියණියගේ විවාහ මoගල්‍ය ගනු ලැබුවේ කොළඹට නුදුරුව පිහිටි තරුපහේ සුපිරි හෝටලයක වන අතර තවත් දියනියක් මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය මුදල් ගෙවා ඉගෙනුම ලබයි,
    අමාත්‍යාංශයක ලේකම්වරයකුගේ වැටුප් ගැන අවබෝධයක් ඇති රජයේ නිලධාරින් මෙතුමා හිටී ගමන් ක්ෂණික කෝටිපතියකු වීම ගැන විමතිය පලකරන අතර මෙම වසර අවසානයේ විශ්‍රාම යන මොහු මේවනවිටත් පිටකොටුවේ ජාවාරමකාරයින් හරහා තමන්ට අවශ්‍ය කෝටිගනනක් මුදල් හම්බකරගෙන ඇති බව අමාත්‍යාංශයට අයත් ආයතනතුල කතාබහට ලක්වී ඇත,

  2. රණ් බණ්ඩා says:

    වානිජ හා වෙළෙඳ අමාත්‍යාංර්ප් ලේකම් ටි එම් බී කේ තෙන්නකෝන් නැමති පට්ට හොරා අග්‍රාමාත්‍යතුමාගේ ලගම මිතුරෙකුයි කියාගෙන වානිජ හා වෙළෙඳ අමාත්‍යාංශය බාර ඇමති රිෂාඩ් සහ ඔහුගේ ගෝල බාලයෝ ටික සමඟ අමාත්‍යාංශයේ යටතේ ඇති ආයත ටික විල්පත්තුවේ අක්කර 3000ක් මහා ජාතික සම්පතක් වන කැලය විනාශ කල අකාරයටම විනාශ කරමින් පවතී.
    මුන්ට විරුද්ධව රජයේ මොනම ආයතනයක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහ, 2015 ජනවාරි 15 දිනට අවසන් කර තිබූ ඉන්දියාවේන් හාල් ගෙන්වීමේ ටෙන්ඩරයකින් හාල් ටොන් ලක්ෂ ගණනාවක වැඩිමිලට අපේ රටේ හාල තිබියදී ගෙන්නුවා, එවා විකුණූවා අඩුමිලට සත්ව නිෂ්පාදනවලට කියලා මුස්ලිම් මුදලාලිලාට රජයට කෝටි ගණනාවක්ම පාඩුයි. FCID ය නිහඬයි,

  3. සිවිල් සේවක says:

    යහපාලන රජය මුවාවෙන් හොරකම් කර කෝටිපතියන් වුන වානිජ හා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් . T. M. K. B. තෙන්නකෝන්‍ලා යහතින් වැජබේමින් තරු පහේ හෝටල්වල තම දරුවන් ගේ මගුල් කද්දි …………දුව මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කෝටි ගනනක් වියදම් කොට උගන්නද්දි
    රටේ සoවර්ධනනෙ ඇතිකොට ජනතාවගේ දුගි දුප්පත්කම තුරන්කිරීමට මහන්සියෙන් වැඩකල අවoක රාජ්‍ය නිලධාරියකු වූ ඉතා අමාරුවේන් ජීවිතය ගැටගහගත් අවoක රාජ්‍ය නිලධාරියකු වූ ආර් කේ කේ රණවක නොකළ වරදට වැලිකඩ රිමාන්ඩ් එකේ ….

    මේකද යහපාලය …..

  4. රම්‍යා වනිගසූරිය says:

    2002 යූ එන් පී ආන්ඩුවෙන් SLIDA එකේ අධ්‍යයක්ෂක වෙලා 2007 වෙනකම් ඉදලා වැඩ තහනම් වෙලා හිටපු එකාට කොහොමද මෙච්චර සල්ලි හම්බවුනේ, පොලිස් අමාත්‍යාංශයේ ලේකම් වෙලා යහපාලන රජයට පිoසිද්ද වෙන්න එතනත් අනාගෙන ලෝක හොර ඇමතියකු වන මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ කෝටි ගනන් හම්බකර එතුමාටත් කොකා පෙන්නලා ආපු රිෂාඩ් බදුර්දින්ගේ අමාත්‍යාංශය අද හොර ගුහාවක්, එකේ ලේකම් තමයි මේ අලි හොරා තෙන්නකෝන්

  5. කැකිරාවේ මහින්දසෝම says:

    අල්ලස් හෝ දූෂණචෝදනා විමර්ශන කොමිෂන්සභාවේ 1994 අoක 19 දරණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත 5[1] වගන්තිය අනුවත්
    FCID එකට 1982 අoක 12 දරණ පොදු දේපළ විෂයහිලා සිදු කරන ලබන වැරදි පිළිබඳපනතේ 5[1] 5[2] වගන්ති සහ දණ්ඩ නීති සoග්‍රහයේ 386,389,454,459,113,102,467 යන වගන්ති යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් මෙම ලේකම් තෙන්නකෝන් මේ වනවිටත් කර ඇතිබව ඉතා පැහැදිලියි,
    එමෙන්ම මෙම ලේකම්වරයා 2006 අoක 5 දරණ මුදල් විශුද්ධිකරය වැලක්වීමේ පනතේ වගන්ති 03 [1] යටතේහිද මෙතරම් මුදල් හම්බකර වියදම් කිරීම සම්බන්ධයෙන් වරදක් කර ඇතිබව සනාථ වන බැවින් මොහු වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකොට ප්‍රකාශ ලබාගත යුතුය. අවශ්‍යනම් ඇමතිවරයාද සමඟ,

  6. සළුසල හිටපු සේවකයෙක් says:

    ලංකා සලුසල කියන ආයතනය මේ වනවිට බංකොලොත්, ඒකේ සේවකයෝන්ට රජයේන් වන්දි ගෙවා ඉවත් කොට තිබෙන අවස්ථාවක එහි නමට පමණක් සිටින සභාපති සමඟ හවුල් වී පිට කොටුවේ ජාවාරම් කාරයෝ අල්ලා ගෙන මේ ලේකම් අහිංසක පාසල් ලමුන්ගේ පාසල් නිල ඇදුම් කූපනයේන් හොරා කනවා.

  7. ජයවර්ධන says:

    රටට වැඩ කරපු ඉතා අවංක රාජ්‍ය සේවකයකු වූ ආර් කේ රණ්වක දින 152 ක් නොකළ වරදකට හිරේ දැම්මා , මේ වගේ හොරකම් කරන එවුන්ට ඊලග ආණ්ඩුවේන් සදාකාලිකව හිරේ.

  8. කාර්‍ය සහායක says:

    මොහු මේ වනවිට විශ්‍රාම ගොස් සේවා තවත් මාස 3 ක සේවා දික් කරගෙන ඉන්නේ ඉතුරු ටිකෙත් හොඳට හම්බ කර ගන්න. ඒ විදියට මෙයා ජාවාරම් කාරයෙක් තමයි.

  9. kumaraya says:

    me minihata sinhala baasaawa kiyaladenna kenek nada asaadaaranalesa wanchaakaramin mudal yatimadi gasamin upayana viyaapaarayal jaawaaramak kiyala
    kiyala deepiya.mehema pimpiyo loku thanathuruwalata pathkarapu untai buwalu walin thalanna ona.

Main News