ජිනීවා තරුව ශ්‍රී ලංකාවට…

September 27, 2018 at 5:30 pm | lanka C news
ජිනීවා තරුව ශ්‍රී ලංකාවට…

ජිනීවාහි පැවති 39 වැනි මානව හිමිකම් කවුන්සිලයේ මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකාව තුළ දෙමළ නිජබිමක් හෝ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බව සහේතුකව කරුණු දක්වමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට මෙන්ම ඔවුන්ට සහාය දැක්වූ උගතුන්ටද දැවැන්ත අභියෝගයක් කළ මහාචාර්ය චන්න ජයසුමන මහතා හෙට (28) ශ්‍රී ලංකාවට පැමිණේ.

මේ මට්ටමේ අන්තර්ජාතික සමුළුවක් වෙනුවෙන් දෙමළ ජාතිවාදයේ ඉතිහාසය ගෙන හැර දක්වමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවන් අදහසක් නිරවුල්ව පළ වුයේ පළමු වතාවටය. ජයසුමන මහතා ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ ආරාධනයක් මත සමුළුවට සහභාගී විය.

ඔහු ඇතුළු කණ්ඩායම එලි දැක්වූ “ජිනීවා ප්‍රකාශනය” මෙරට ජාතික ව්‍යාපාරයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. වෙනදා ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නගා ජයග්‍රාහීව ජිනීවාවලින් පිටව යන කොටි ඩයස්පෝරා නියෝජිතයන් ලංකාවේ දෙමළ නිජබිමක් නැතැයි නැගුනු ප්‍රභල හඬ හමුවේ පසුබැසීම ගැන යුරෝපයේ සිටින ශ්‍රී ලංකා හිතවාදීන් මහත් සතුටට පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහල නිලතල දරන පුද්ගලයන් ථෙරවාද බෞද්ධ විරෝධීන් බවත් ඔවුන් ථෙරවාද රටවලට විරුද්ධව සැලසුම්සහගතව ක්‍රියාකරන බවත් නොබියව ප්‍රකාශ කිරීම චීන, තායිලන්ත සහ මියන්මාර නියෝජිතයන්ගේ ඇගයීමට ලක් විය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, නීතීඥ ප්‍රතිභා මහානාමහේවා, නීතීඥ දර්ශන කරුණාරත්න ඇතුළු විද්වතුන් රැසක් මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව තමන්ගේ සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ වියදෙමෙන් ජිනීවා නුවරට පැමිණියහ.

මේ අතර මහාචාර්ය ජයසුමන මහතා පිළිගැනීමට හෙට උදැසන 9 ට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සිය මුහුණු පොතේ සටහනක් යොදමින් දැනුම් දී ඇත.

නුවන් ජයසිංහ
ජිනීවා නුවර සිට

14,552 Viewers

23 Comments to “ජිනීවා තරුව ශ්‍රී ලංකාවට…”

  1. Prof. Udheni Jagathchandra says:

    Great! Welcome back our patriotic sons and daughters.

  2. Saradiel says:

    අපේ ප්‍රණාමය ඔබ තුමාට බුදු සරණයි

    • OLU says:

      Welcome back home Patriotc team ..
      Alone we can do so little; together we can do so much.”
      Prof. Chana Jayasumana & our geat patriotic team , We appreciate your great work ..Thank you all

    • Puranappu says:

      God may hold you on the palm of his hand. Welcome dear son of mother lanka.

  3. climax says:

    We admire what you do, But Still Glyphosate is not toxic though! No one haven’t proved that!!

    • SALMAL says:

      Welcome back our great heroes ..Thank you for your great support to our Motherland

      • CORBRA says:

        අපේ මව් බිම වෙනුවෙන් ඔබ සැම කල උදාර සේවයට අපේ ප්‍රණාමය
        තමන් ලැබු දිවි පෙවෙතේ
        කොටසක් රට සමය වෙතේ
        පුද නොකෙළොත් නුඹෙන් පුතේ
        මෙලොවටකිසි පලක් නැතේ
        ජාතිය රන් විමනක්චේ
        ආගම මිණි පහනක්චේ
        එය රුක ගන්නට මෙලොෙචේ
        සමත් වෙතොත් පුත නුඹචේ

      • sky says:

        මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු ජිනීවා ගිය සැමට අපේ ස්තුතිය

    • Christopher says:

      Hey climax, don’t mix up Glyphosate with Geneva victory to undermine its importance!

  4. LION says:

    යාල්පාන වෛපවමාලෙයි (- පෘතුගීසීන් යාපනය පාලනය කරන අවධියේ යාල්පානම් ලෙස යාපා පටුන හැඳින්වීමක්‌ නොවීය. කෝට්‌ටේ යුගයේදී එය යාපා පටුන වූ බව සංදේශ සාහිත්‍යයෙන් පැහැදිලි වේ. ජැනාපටම් (Jaffna Patum ලෙස පෘතුගීසීන් එය හැඳින්වූහ. ඕලන්ද පාලන සමයේදී එය යාල්පානම් විය. අන්ධ ගායකයකුට මහනුවර රජුගෙන් යාපා පටුන තෑග්ගක්‌ ලෙස මානත්තිඩල් (වැලිගම නොහොත් වෑගොඩ) ලැබුණේ යෑයි සලකා එකල වැලිගමට යාල්පානම් යයි නමක්‌ ඕලන්ද පාලන යුගයේදී පටබැන්දාහ. එසේ කළේ දුම්කොළ වගාව සඳහා ඕලන්දයින් විසින් ගෙන්වූත් පදිංචි කරවන ලද මලබාර්වරුන් ය. යාල්පානම් යන්නෙහි අර්ථය වීණාව හා අන්ධ ගායකයා යන්නය. මයිල්වාගනම් පුලවර්ගේ කෘතිය “යාල්පානම් වෛපවමාලෙයි වුණේ එසේය. මෙය ලියවීමට පෙර ද ඕලන්ද පාලන යුගයේ දුම්කොළ වගාවට ගෙන ආ මලබාර් මිනිසුන්ගේ කෝවිල්වල පූසාරින් විසින් ප්‍රබන්ධ කළ එබඳු ප්‍රවාදයන් විය. පරරාජයේ රන් උලෙයි, වෛයපඩාල්, තයිලපමාලෙයි, රාජමුරායි, එබඳු කතා ප්‍රවෘත්තීන් ය. මේවාද ඇසුරු කරගෙන යාල්පානම් වෛපවමාලෙයි රචනා කරන ලදී.

    රචනා කිරීමට හේතුව

    ඕලන්ද වෙළඳ සමාගම විසින් උඩරට රජු සමඟ කීප වරක්‌ම යුද්ධ කළ ද එම රාජ්‍ය අල්ලා ගැනීමට නොහැකි විය. එම හිතේ අමාරුවට සිංහලයින් අඩු කරමින් අපහාස කිරීමට හෝ මගක්‌ ගැන සිතූය. යාපා පටුන අර්ධද්වීපය සිංහල රජුට අයිති නැති බව කියාපාන ග්‍රන්ථයක්‌ රචනා කරන අයට විශාල ලෙස තෑගි ලද බවට ප්‍රචාරයක්‌ කළ විට මයිල්වාගනම් පුලවර් එම අභියෝගය භාරගති. එම කෘතිය යාල්පාන වෛපවමාලේ වෙයි. තෑගි වලට අමතරව පුලවර්ට ඕලන්දයින්ගෙන් තනතුරක්‌ ද ලැබුණි. මෙය තෑගි ගැනීමට රචනා කළ බව අමතක නොකළ යුතුය.

    වෛපවමාලෙයි ආකෘතිය ග්‍රන්ථය ආරම්භ වන්නේ ඓතිහාසික තොරතුරු ඇතුළත් කෘතියක්‌ ලෙසය. මහා වංශයට තරගකාරීව ලියන්නට උත්සාහයක්‌ දරා ඇති බව පෙනුනද ඔහු මහාවංශය නොකියවූ හා එහෙන් මෙහෙන් මොනවා හෝ තොරතුරු අසා තිබු බව පෙනේ. ඒ දුම්කොළ වගාකරුවන් සමඟ කෝවිල්වලට ආ පූසාරීන් කියූ කතාය. වෛපවමාලේට පෙර ද මෙවැනි කතා ප්‍රවෘත්ති තිබූ බව ඉහත සඳහන් කළ අතර 1920 දී පුරාණ යාපනය (Ancient Jaffna) ලියූ මුදලි රාජනායගම් පවසන්නේ ඒවා මව්වරු විසින් තම දරුවන්ට නින්ද යනතුරු කියන ලද රසවත් ප්‍රබන්ධ බවය. වෛපවමාලෙයිහි මූලාශ්‍ර එබඳුය.

  5. ranil says:

    ඔබ තුමන්ලා සැමට ඉතාම පින්

  6. Charith says:

    Great Job Professor. You did your patriotic responsibility beyond your job scope (since you are a Doctor).

    HAT OFF YOU SIR …….

  7. Samuvel says:

    අපේ දේශ මාමක විපක්ශයේ නායකයනි,හිතවාදිනියනි, අපි සැමට බැරිද එතුමා කටුනායකට එනදින, ඉස්සර 20 20 දිනුව දවසේ අපි ක්රිකට් කන්ඩායමට දුන්න,මහාසාර හසරට වඩා සිය ගුනයක් අපි මෙතුමා වෙනුවෙන් දෙන්න.

  8. ExUNPer says:

    Yes he is indeed a great son of Lanka !
    A real star !
    A great citizen who cares every community !
    Thank you very much Sir !!!!!!!!!!!!!

  9. Dantanarayana says:

    True and real sons of Mother Sri Lanka! May the blessings of Triple Gems!

  10. Dp says:

    ත්‍රස්තවාදීන් විනාශ කර අප ජීවිත මුදවාගැනීමට අත්, පා, ජීවිත පුද කල අපේ රණවිරුවන් ගේ කැපකිරීමට සැබෑ වටිනාකමක් දෙන ඔබට දෙවි පිහිටයි .
    අපේම බදු මුදල් වලින් සවාරි ගොස් රට විකුනන කුහක ඇමතිවරුන්ට ඔබ ආදර්ශයකි

  11. Amal says:

    Theruwan saranai oba thumata! Rata, jathiya wenuwen karana sevayata.

  12. neutral man says:

    Sir, on behalf all all the peace loving patriotic people of Sri Lanka, irrespective of our political views, cast, race or religion, this is just a note to pay our utmost respect and gratitude to you and your team of colleagues, the true sons of the soil, for your brave and undaunted undertaking to safeguard our country, at a time when the country is on the brink of being dragged in to total annihilation by a collection of LGBTs headed by an egomaniac President and a comedian PM Ra-Nil , amply supported by JVP trators, TNA, Diaspora, NGos.

    It is time for all of us to forget our political ideologies and join hands to save the country.
    at this very crucial juncture in the history of our country.

  13. Nim says:

    CHANNA JAYASUMANA MAHATHA ATHULU
    GENEEWA GIYA MAW BIMA TA ADARE KARANA SAMATA
    JATHIYE PRANAMAYA
    THERUWAN SARANA HA
    DEVI PIHITA.

  14. Darshana says:

    මවුබිමේ නිදහස, ඒකීය භාවය සහ භෞමික අඛන්ඩතාවය වෙනුවෙන් තඹ දොයිතුවක තරම්වත්
    වැඩක් නොකරන ජෙප්පන්ට, මෙම උතුම් කාර්යයන් දැක්කහම, ඇසුනාම මල පනිනව ඇති.

Main News