ජිනීවා සිංහ-කොටි දරුණු සටන් මැද බුද්ධිමත් දෙමල තරුණයෙකුට දේශපේ‍්‍රමී විද්වතෙකුගෙන් පිලිතුරු..

September 22, 2018 at 10:00 am | lanka C news
ජිනීවා සිංහ-කොටි දරුණු සටන් මැද බුද්ධිමත් දෙමල තරුණයෙකුට දේශපේ‍්‍රමී විද්වතෙකුගෙන් පිලිතුරු..

මෙවර ජිනීවා හී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයේ සැප්තැම්බර් 20 දා ‘ ජාත්‍යන්තර ත්‍රස්ථවාදයට එරෙහි එක්සත් ජාතීන්ගේ වැඩසටහන යන මාතෘකාවෙන් පැවති සමාන්තර සැසියකදි දෙමල තරුණයෙකු ඇසූ බුද්ධිමත් ප්‍රශ්ණයකට ආචාර්ය නාලක ගොඩහේවා ඉතා පැහැදිලි පිලිතුරක් ලබා දුන්නා

ප්‍රශ්ණය දෙමල තරුණයෙක් ); “ලංකාවේ ත්‍රස්තවාදය ඇති වන්නට හේතු තිබෙනවා නේද. ඔබ දෙමල ජනතාවට සාධාරණය ඉටු කරනවා නම්, ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳනවා නම්, ජාතියක් ලෙස නිසි ගෞරවය දෙනවා නම් මේ ප්‍රශ්ණ මගහරවාගත හැකියි නේද, නැවත ත්‍රස්තවාදය, යුද්ධ හා තවත් ප්‍රශ්ණ ඇති නොවීමට නම් දෙමල ජනතාවට අදත් ඉතුරු වී තිබෙන ගැටලු විසඳිය යුතුයි නේද ?”

පිලිතුර ( ආචාර්ය නාලක ගොඩහේවා );

” ලෝකයේ ඕනෑම රටක ප්‍රශ්ණ තිබෙනවා. 1948 බ්‍රිතාන්‍යයන් අප රට හැර යන විට ඔවුන් අපේ රටේ සිටින විවිධ ජන වර්ග බේද කරලයි ගියේ. බේද කොට පාලනය කිරීම තමයි ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තිය වූයේ යටත් විජිත සමයේ. මේ යථාර්තය අප තේරුම් ගත්තේ නැති නිසා තමයි පසුගිය වසර 70 තුල සිංගපූරුව , මැලේසියාව, වියට්නාමය වැනි ආසියාවේ අනෙක් රටවල වේගයෙන් ඉදිරියට යද්දී අපට දියුණු වන්නට බැරි වුනේ. අපි අතර තිබූ ප්‍රශ්ණ කෙමෙන් වැඩි වෙලා අවසානයේ ආයුධ සන්නද්ධ ගැටිමක් බවට වර්ධනය උනා. ඒ කෙසේ වෙතත් දැන් ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය අවසන්. දැන් අපි සියලු දෙනාම එකතු වී අනාගතය ගැන කල්පනා කල යුතුයි.

අපිට පිලිගන්නට වෙනවා අප දියුණු රටන් නොවන බව. අපට බොහෝ අඩු පාඩු කම් තිබෙනවා විශේෂයෙන් ආර්ථික ගැටලු. මේවා රටේ කොයි පලාතටත් එකසේ බලපානවා. ඒ නිසා උතුරේ දෙමල ජනතාව වැරදි වැටහීමක් ඇති ගත යුතු නැහැ මේවා ඔවුන්ට පමනක් සිදුවන අසාධාරණයක් කියා

අද අප රටේ තිබෙන විශාලතම ගැටලුවක් තමයි බුද්ධි ගලනය. තරුණ තරුණියන් විශාල වශයෙන් රට හැර යනවා.ඔවුන් රට හැර යන්නේ ලංකාවට ඔවුන් බලාපොරොත්තුවන අවස්ථාවන් ලබා දෙන්නට තවමත් නොහැකි නිසායි. මෙය දෙමල ජනතාවට පමනක් තිබෙන ප්‍රශ්ණයක්ද ? නැහැ.එය ලංකාව තුල සිටින සෑම ජන කොටසකටම බල පා ඇති ගැටලුවක්

අපි දැන් උතුර ගැන කතා කරමු. මගේ පෞද්ගලික මතය නම් අද උතුරේ සිටින දෙමල දේශපාලන නායකත්වයට උතුර සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි. ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාව තිබුනා වැඩක් කරන්නට. නමුත් කැමතියි ජනතාවට ප්‍රශ්ණ තිබෙන්වාට. එවිට එය ඔවුන්ගේ ජාතිවාදී දේශපාලනය කරගෙන යාමට පහසුවක්.

මට මතකයි 2009 යුද්ධය අවසන් වූ විට හිටපු ජනාධිපතිවරයා කඩිනමින් පලාත් පාලන මැතිවරණ . අපි දන්නවා පලාත් පාලන ක්‍රමවේදය ලංකාව මත බලහත්කාරයෙන්ම වාගේ පටවනු ලැබුවේ 1987 ඉන්දියාව විසින් ජන වාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස. නමුත් ත්‍රස්ථවාදය නිසා කිසිම රජයට මින් පෙර බැරිවුනා උතුරේ පලාත් සභා මැතිවරණයක් තියන්නට. නමුත්2009 දී යුද්ධය අවසන් වූ වහාම පසු ගිය රජය විසින් මැතිවරණ කැඳවනු ලැබුවා.

මැතිවරණයට පෙර හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වලට නියෝග කලා උතුරු හා නැගෙනහිර ආයුද සන්නද්ධව සිටි සියලුම කන්ඩායම නිරායුධ කරන්න කියා. ඒ වන විට එල් ටී ටී ඊ ය පරාජය වෙලා නිසා අවි දරා සිටියේ රජයට පක්ෂපාත දෙමල කන්ඩායමුයි. රජයට මැතිවරණ වංචාවක් කරන්නට අවශ්‍යව තිබුනා නම් හොඳම විසදුමව තිබුනේ මේ ආයුධ සන්නද්ධ කන්ඩාම සිටියදීම මැතිවරණ පැවැත්වීමයි. නමුත් හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ යුද්ධයෙන් දිනාගත් ප්‍රදේශ වල සාධාරණ මැතිවරණයක් පවත්වා ඔවුන්ට අවශ්‍ය නායකයින් පත් කරගන්නට දෙමල ජනතාවට ඉඩ දීමටයි.

ඒ අනුව උතුරු පලාතේ අති විශාල බහුතරයකින් ජයග්‍රහණය කලේ කලක් එල් ටී ටී ය හා හිතවාදීව සිටි දෙමල ජාතික සංධානයයි. රමුත් රජය ඔවුන්ට බාධා කලේ නැහැ. මන්ද එය තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තමුන් කැමති නායකයන් පත් කරගන්නට. නමුත් එදා සිට අද වන තුරු උතුරු පලාත් සභාවේ බලය දරන දෙම සංධානය පලාතට කිසිම සංවර්ධනය කර නැහැ. අපි අද උතුරට ගිය විට යුතුරේ දෙමල ජනතා ව මැසිවිලි නගනවා, ඔවුන්ට ආර්ථ්ක නිදහස නැහැ, කර්මාන්ත නැහැ , රැකියා අවස්ථා නැහැ කියා. අපට පෙනී යන්නේ උතුරේ දේශපාලඥයින් ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ විසඳනවා වෙනුවට එම ප්‍රශ්ණ භාවිත කරනවා තම පටු දේශපාලන අරමුණු ඉටු කරගන්නට.

දැන් ඔබ වැනි තරුණයන්ට අපට කියන්නට තිබෙන්නේ ඔබ එකතුවන්න රටට ආදරය කරන අනෙක් අය සමඟ. එසේ එකතු වී රට ගොඩ නගන්න. ඔබ හිතන්න එපා දෙමල ජනතාවට් විශේෂ වූ සමාජ අසධාරණයක් සිදුවෙනවා කියා. එක්සත් ජාතීන්ගේ ඩර්බන් සම්මුතිය පවා පිලිගන්නවා ලෝකයේ ඕනෑම රටක යම් මට්ටමකට සමාජ ආසාධාරණය දැකිය හැකියි කියා. ලංකාවේත් එය සිදු විය හැකියි ඕනෑම පලාතක ඕනෑම පුද්ගලයෙකුට. නමුත් එය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවන බව මම පැහැදිලිවම ඔබට කියනවා”

මෙම සම්මත්‍රණයේ මුලසුන හෙබවූයේ 2014 වසරේ නොබෙල් සාම ත්‍යාගයට යෝජනාවූ විද්වතෙක් වන මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතායි. දේශක කමිටුවට ජගත් ශ්‍රී ලාංකික එකමුතුව නියෝජනය කරමින් මදුශාන් හරීන්ද්‍ර, අරුණ වරුසහෙන්දි, නිමලා ලියනපටබැදි හා රොෂාන් වර්ණපුර සහභාගීව සිටියා.

– චාමින්ද කරුණාරත්න

geneva 2

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසියකදි දෙමල තරුණයෙකු ඇසූ බුද්ධිමත් ප්‍රශ්ණයකට වැදගත් පිලිතුරක් ශ්‍රී ලාංකික විද්වතෙකුගෙන්. ( An intelligent question from a Tamil youth and an intelligent answe from an educated Sri Lankan at a side event of UNHRC )ප්‍රශ්ණය දෙමල තරුණයෙක් ); ලංකාවේ ත්‍රස්තවාදය ඇති වන්නට හේතු තිබෙනවා නේද. ඔබ දෙමල ජනතාවට සාධාරණය ඉටු කරනවා නම්, ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳනවා නම්, ජාතියක් ලෙස නිසි ගෞරවය දෙනවා නම් මේ ප්‍රශ්ණ මගහරවාගත හැකියි නේද, නැවත ත්‍රස්තවාදය, යුද්ධ හා තවත් ප්‍රශ්ණ ඇති නොවීමට නම් දෙමල ජනතාවට අදත් ඉතුරු වී තිබෙන ගැටලු විසඳිය යුතුයි නේද ?පිලිතුර ( ආචාර්ය නාලක ගොඩහේවා ); ලෝකයේ ඕනෑම රටක ප්‍රශ්ණ තිබෙනවා. 1948 බ්‍රිතාන්‍යයන් අප රට හැර යන විට ඔවුන් අපේ රටේ සිටින විවිධ ජන වර්ග බේද කරලයි ගියේ. බේද කොට පාලනය කිරීම තමයි ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තිය වූයේ යටත් විජිත සමයේ. මේ යථාර්තය අප තේරුම් ගත්තේ නැති නිසා තමයි පසුගිය වසර 70 තුල සිංගපූරුව , මැලේසියාව, වියට්නාමය වැනි ආසියාවේ අනෙක් රටවල වේගයෙන් ඉදිරියට යද්දී අපට දියුණු වන්නට බැරි වුනේ. අපි අතර තිබූ ප්‍රශ්ණ කෙමෙන් වැඩි වෙලා අවසානයේ ආයුධ සන්නද්ධ ගැටිමක් බවට වර්ධනය උනා. ඒ කෙසේ වෙතත් දැන් ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය අවසන්. දැන් අපි සියලු දෙනාම එකතු වී අනාගතය ගැන කල්පනා කල යුතුයි. අපිට පිලිගන්නට වෙනවා අප දියුණු රටන් නොවන බව. අපට බොහෝ අඩු පාඩු කම් තිබෙනවා විශේෂයෙන් ආර්ථික ගැටලු. මේවා රටේ කොයි පලාතටත් එකසේ බලපානවා. ඒ නිසා උතුරේ දෙමල ජනතාව වැරදි වැටහීමක් ඇති ගත යුතු නැහැ මේවා ඔවුන්ට පමනක් සිදුවන අසාධාරණයක් කියාඅද අප රටේ තිබෙන විශාලතම ගැටලුවක් තමයි බුද්ධි ගලනය. තරුණ තරුණියන් විශාල වශයෙන් රට හැර යනවා.ඔවුන් රට හැර යන්නේ ලංකාවට ඔවුන් බලාපොරොත්තුවන අවස්ථාවන් ලබා දෙන්නට තවමත් නොහැකි නිසායි. මෙය දෙමල ජනතාවට පමනක් තිබෙන ප්‍රශ්ණයක්ද ? නැහැ.එය ලංකාව තුල සිටින සෑම ජන කොටසකටම බල පා ඇති ගැටලුවක් අපි දැන් උතුර ගැන කතා කරමු. මගේ පෞද්ගලික මතය නම් අද උතුරේ සිටින දෙමල දේශපාලන නායකත්වයට උතුර සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි. ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාව තිබුනා වැඩක් කරන්නට. නමුත් කැමතියි ජනතාවට ප්‍රශ්ණ තිබෙන්වාට. එවිට එය ඔවුන්ගේ ජාතිවාදී දේශපාලනය කරගෙන යාමට පහසුවක්.මට මතකයි 2009 යුද්ධය අවසන් වූ විට හිටපු ජනාධිපතිවරයා කඩිනමින් පලාත් පාලන මැතිවරණ . අපි දන්නවා පලාත් පාලන ක්‍රමවේදය ලංකාව මත බලහත්කාරයෙන්ම වාගේ පටවනු ලැබුවේ 1987 ඉන්දියාව විසින් ජන වාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස. නමුත් ත්‍රස්ථවාදය නිසා කිසිම රජයට මින් පෙර බැරිවුනා උතුරේ පලාත් සභා මැතිවරණයක් තියන්නට. නමුත්2009 දී යුද්ධය අවසන් වූ වහාම පසු ගිය රජය විසින් මැතිවරණ කැඳවනු ලැබුවා. මැතිවරණයට පෙර හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වලට නියෝග කලා උතුරු හා නැගෙනහිර ආයුද සන්නද්ධව සිටි සියලුම කන්ඩායම නිරායුධ කරන්න කියා. ඒ වන විට එල් ටී ටී ඊ ය පරාජය වෙලා නිසා අවි දරා සිටියේ රජයට පක්ෂපාත දෙමල කන්ඩායමුයි. රජයට මැතිවරණ වංචාවක් කරන්නට අවශ්‍යව තිබුනා නම් හොඳම විසදුමව තිබුනේ මේ ආයුධ සන්නද්ධ කන්ඩාම සිටියදීම මැතිවරණ පැවැත්වීමයි. නමුත් හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ යුද්ධයෙන් දිනාගත් ප්‍රදේශ වල සාධාරණ මැතිවරණයක් පවත්වා ඔවුන්ට අවශ්‍ය නායකයින් පත් කරගන්නට දෙමල ජනතාවට ඉඩ දීමටයි.ඒ අනුව උතුරු පලාතේ අති විශාල බහුතරයකින් ජයග්‍රහණය කලේ කලක් එල් ටී ටී ය හා හිතවාදීව සිටි දෙමල ජාතික සංධානයයි. රමුත් රජය ඔවුන්ට බාධා කලේ නැහැ. මන්ද එය තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තමුන් කැමති නායකයන් පත් කරගන්නට. නමුත් එදා සිට අද වන තුරු උතුරු පලාත් සභාවේ බලය දරන දෙම සංධානය පලාතට කිසිම සංවර්ධනය කර නැහැ. අපි අද උතුරට ගිය විට යුතුරේ දෙමල ජනතා ව මැසිවිලි නගනවා, ඔවුන්ට ආර්ථ්ක නිදහස නැහැ, කර්මාන්ත නැහැ , රැකියා අවස්ථා නැහැ කියා. අපට පෙනී යන්නේ උතුරේ දේශපාලඥයින් ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ විසඳනවා වෙනුවට එම ප්‍රශ්ණ භාවිත කරනවා තම පටු දේශපාලන අරමුණු ඉටු කරගන්නට.දැන් ඔබ වැනි තරුණයන්ට අපට කියන්නට තිබෙන්නේ ඔබ එකතුවන්න රටට ආදරය කරන අනෙක් අය සමඟ. එසේ එකතු වී රට ගොඩ නගන්න. ඔබ හිතන්න එපා දෙමල ජනතාවට් විශේෂ වූ සමාජ අසධාරණයක් සිදුවෙනවා කියා. එක්සත් ජාතීන්ගේ ඩර්බන් සම්මුතිය පවා පිලිගන්නවා ලෝකයේ ඕනෑම රටක යම් මට්ටමකට සමාජ ආසාධාරණය දැකිය හැකියි කියා. ලංකාවේත් එය සිදු විය හැකියි ඕනෑම පලාතක ඕනෑම පුද්ගලයෙකුට. නමුත් එය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවන බව මම පැහැදිලිවම ඔබට කියනවා

Gepostet von Patriotic Professionals am Freitag, 21. September 2018

14,180 Viewers

7 Comments to “ජිනීවා සිංහ-කොටි දරුණු සටන් මැද බුද්ධිමත් දෙමල තරුණයෙකුට දේශපේ‍්‍රමී විද්වතෙකුගෙන් පිලිතුරු..”

  1. SARA says:

    Dr ,Godaheva & all Patriotics THANKS TO DEFEND OUR MOTHERLAND…We appriciate your great service to our Motherland
    Indian Colonial Parasites block vote that put Sirisena in power and now Tamil political aims to create a separate homeland for the Tamils known as the Tamil Eelam (State) in the Northern and Eastern provinces of Sri Lanka..Both LTTE & TNA are demanding a separate Tamil Homeland… LTTE fronts have been echoing the same. Take out their statements, press releases, constitutions, election manifestos, interviews & demands and the comparisons are shocking. Essentially there is no difference in what the Tamil political parties are demanding and what the Tamil armed militants demand. So when LTTE remains banned as a terrorist group and were militarily defeated, did it not mean that their ideologies were also rejected and eliminated? If so, why are these same demands being entertained now that they are being championed by Tamil leaders not in LTTE uniform? Tamil homeland claim (without any historical, archaeological, anthropological evidence )
    This is Sinhalese Motherland BUT unfortunately.,President Sirisena is now puppet of Tamil LTTE Diaspora ….
    We defeated LTTE TERRORISM ..BUT What a disaster ? (Sirisena ,Ranil ,Mangala .Yahapalana man – made ) ??…If LTTE & TNA demands are the same – why is Sri Lanka Government agreeing to implement them?
    President Sirisena ,PM Ranil ,Please RESIGN & GO home

  2. ලිහිණි says:

    Dr .Nalaka Godaheva ….Its great speech ,Thank you ….All the best, We always with you

  3. SALMAL says:

    Patriotism is supporting your country all the time, and your People when it deserves it. …This nation will remain the land of the free only so long as it is the home of the brave.
    Thank you ,Dr Godaheva

  4. David Milli-banda says:

    Thank you Dr. nalaka Godahewa.

  5. rathne says:

    Our salute to Dr Nalaka Godahewa and the associated group.

  6. Pasindhu Kariyawasam says:

    Our heartfelt gratitude to Dr. Nalaka Godahewa and other patriots for defending the motherland!

  7. subash says:

    bohoma age athi pahadili kireemak sir oba tharunayata labadeela atthe. obata bohomath sthuthi. rata venuwen ythukam etukaranawata.

Main News