ජෝන් අමරතුංගගේ ඇමතිධුරය අහිමි කර මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන ආකාරය දෙස ඇස් දල්වා බලා සිටිනවා..

June 10, 2017 at 12:40 pm | lanka C news
ජෝන් අමරතුංගගේ ඇමතිධුරය අහිමි කර මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන ආකාරය දෙස ඇස් දල්වා බලා සිටිනවා..

ජෝන් අමරතුංග අමාත්‍යතුමන් මාධ්‍යවේදීන්ට බැන තර්ජනය කිරීම පිළිබදව මාධ්‍යවේදීන් විසින් ඇසු පැනයට නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

වැඩ බැරි ආණ්ඩුවේ වැඩ බැරි ඇමතිවරුන් ජනතා ප්‍රස්න විසදන්න අසමත් වුනාම, මාධ්‍ය වේදීන් ඒ ගැන ප්‍රස්න කලාම, අද ජෝන් අමරතුංග වගේ ඇමතිවරුන් මාධ්‍ය වේදීන්ට පහර දෙන තැනට පත්වෙලා තියෙනවා. මාධ්‍ය වේදීන් ඉටු කරන්නේ ජනතාවගේ යුතුකමක්. ඔවුන් යොමු කරන්නේ ජනතාවගේ ප්‍රශ්න. ඒ නිසා එදා මාධ්‍ය වේදීන්ට ජෝන් අමරතුංග ඇමතිතුමන් එසවු අත සමස්ථ ජාතියටම අත එසවීමක් ලෙසයි අපි දකින්නේ. ඒ වගේම මාධ්‍ය නිදහස ගැන කිඹුල් කදුළු හෙළපු රාජ්‍ය නොවන සංවිධාන ටිකත් එජාප මැති ඇමතිවරුන් ටිකත් ජෝන් අමරතුංග ඇමතිතුමන්ගේ ක්‍රියා කලාපය ගැන ගන්න පියවර මොකද්ද කියල අපි විමසිල්ලෙන් බලා ඉන්නවා.

මෙතන වැරැද්දනම් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික් ජනතාව අතේ. ගම්පහ දිස්ත්‍රික් ජනතාව නිසි කළට නිසි ලෙසට කසළ බැහැර කළානම් ‍මෙවැනි කසළ ප්‍රස්න මතුවෙන්නේ නෑ. අගෝස්තු 17 වන දා කසළ බැහැර නොකරීමේ දිනයක් වීම නිසයි ජෝන් අමරතුංග ඇමතිතුමන්ට මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබුනේ කියල මම විශ්වාශ කරනවා.

ඒ වගේම මාධ්‍ය වේදීන් කරන්නේ ජනතා සේවයක්. ඔවුන් ජනතා හඩයි නගන්නේ. ඒ බව තේරුම් ගැනීම ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වගකීමක් වගේම මාධ්‍ය පිළිබද කිඹුල් කදුළු හෙලා බලයට පැමිණි මේ ආණ්ඩුවට මාධ්‍ය වේදීන් පිළිබද වගකීමක් තියෙනවා. මාධ්‍ය වේදීන්ට ආරක්ෂාව සලසනවා කියල මේ සියළු මාධ්‍ය වේදීන්ට පොලිස් ආරක්ෂාව දෙන්න ආණ්ඩුවට හැකියාවක් නැ. ඒ නිසා කළ යුත්තේ මාධ්‍ය වලට බලපෑම් කරන තර්ජණය කරන බලවන්තයන්ගේ බලය නැති කිරීමයි. ඒ නිසා රජය ජොන් අමරතුංග ඇමතිතුමන්ගේ ඇමතිධුරය අහිමි කරලා මාධ්‍ය නිදහස සුරක්ෂිත කරනු ලබන ආකාරය දෙස අපි ඇස් දල්වා බලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

3,037 Viewers

One Comment to “ජෝන් අමරතුංගගේ ඇමතිධුරය අහිමි කර මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන ආකාරය දෙස ඇස් දල්වා බලා සිටිනවා..”

  1. Jonaa'S Brother says:

    මයිතූනයත් කුණුහරුප අහන්න හරිම කැමතිලු, මම හිත්න්නේ නැහැ ජෝන් අයියා ඇමති කමෙන් අස්කරාවි කියලා,මයිතූනයාගෙ ආස්වාදයනේ

Main News