ඥණසාර හිමි උත්සහ කරන්නේ 2020 ජනපතිවරණයට ගෝටාගේ පැමිණීම වළකා චම්පික ගේන්නයි..

June 14, 2017 at 10:00 am | lanka C news
ඥණසාර හිමි උත්සහ කරන්නේ 2020 ජනපතිවරණයට ගෝටාගේ පැමිණීම වළකා චම්පික ගේන්නයි..

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් උත්සාහ දරන්නේ රටේ ජාතිවාදයක්‌ අවුස්‌සා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට සිංහල අපේක්‍ෂකයා ලෙස චම්පික රණවක ඇමැතිවරයා ඉදිරිපත් කිරීමට සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපත්වීම වැළැක්‌වීමට යෑයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පැවැසීය.

රටේ “හලාල්” බොරු බියක්‌ ඇතිකර ජාතිවාදය ඇවිස්‌සීමට උත්සාහ කළ චම්පික රණවක ඇමැතිවරයාත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අද “හලාල්” යන වචනයවත් භාවිතා නොකරන්නේ “හලාල්” ලේබලය රටින් ඉවත්වී ඇති නිසාද යන්න තමා විමසා සිටින බව අජිත් ප්‍රසන්න මහතා කියා සිටියේ මරදාන සමාජය හා සාමාජික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය. 2015 ජනවාරි 8 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කරන්න හේතු කිහිපයක්‌ බලපෑවා. ඉන් එකක්‌ බොදුබල සේනා සංවිධානය ජාතිවාදය ඇවිස්‌සීම. එම මැතිවරණයේදී උතුරු නැගෙනහිර හැරෙන්න දිවයිනේ අනික්‌ පළාත්වල මහින්ද රාජපක්‍ෂ ඉදිරියෙන් සිටියා. නමුත් උතුර හැර නැගෙනහිර ගත්තාම බහුතරය මුස්‌ලිම්. මේ මුස්‌ලිම් ඡන්ද එදා හංසයාට දෙන්න හිටියේ නැහැ. මොකද එල්ටීටීඊය විසින් මුස්‌ලිම් වැසියන් ඝාතනය කර සිදුකළ විනාශයට එරෙහිව ඒ අය පොදු අපේක්‍ෂකයාට ඡන්දය නොදීමටයි සිටියේ. නමුත් බොදුබල සේනා සංවිධානය ජාතිවාදය අවුස්‌සපු නිසා මුස්‌ලිම් ජාතීන් මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණියහොත් ඔවුන්ට කරදර වෙයි කියලයි පොදු අපේක්‍ෂකයාට ඡන්දය දුන්නෙ.

බොදු බල සේනා සංවිධානය ප්‍රථම වරට ගාල්ලේ පැවැති උත්සවයට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ එම සංවිධානය ගැන නොදැනුවත්වයි. පසුව මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ප්‍රකාශ කර තිබෙනවා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් හෙළ උරුමයෙන් මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ අයෙක්‌. ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නෝර්වේ රටට ගියා. මොකටද නෝර්වේ ගියේ. මේ කුමන්ත්‍රණ පසුගිය රජයට තේරුම් ගියේ නැහැ. මුස්‌ලිම් දේවස්‌ථාන ගිනි තියනවා, මුස්‌ලිම් කඩවලට පහර දෙනවා. මහරගම සිද්ධියකට බොදුබල සේනා සංවිධානයේ ප්‍රබලයෙක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එම සංවිධානයට වැඩ කළාට සංවිධානයේ සාමාජිකයෙක්‌ නොවෙයි කියනවා. මේවා කාටද කියන්නේ. මේ අය නොයෙක්‌ ජාතිවාදී අදහස්‌ ප්‍රකාශ කරන කොට මෝඩ රැළක්‌ ඒවාට අනුව නොයෙක්‌ නීති විරෝධී දේවල්වලට පෙළඹෙනවා.

මේ වන විට ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අත්අඩංගුවට ගන්න එපා කියලා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ ගෙනියනවා. මම කියන්නේ මේ පෝස්‌ටර් ගහන අයත් අත්අඩංගුවට ගත යුතුයි. මේවා හරහා කලබල ඇති කරලා රට තුළ හදිසි නීතිය බලාත්මක කර ඡන්ද කල් දාන්නත් මේ අය උත්සහ කරනවා වෙන්න පුළුවන්. මේ අයගේ තවත් අධිෂ්ඨානයක්‌ තමයි 2020 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත්වීම වැළැක්‌වීම.

– දිවයින

21,873 Viewers

10 Comments to “ඥණසාර හිමි උත්සහ කරන්නේ 2020 ජනපතිවරණයට ගෝටාගේ පැමිණීම වළකා චම්පික ගේන්නයි..”

  1. දේවක says:

    හලාල් යනු බොරු බියක් නොව , බහුතරයට අසාධාරණයක් වන නිවට ආගමික අන්තවාදයකි. 2020 වෙනකොට මොන තරම් වෙනස් කම් වෙයිද ? කොහොමත් චම්පික දැන් සිංහල විරෝධී මතයක ඉන්නේ , නැත්නම් මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද සිංහලයෙකුට කොන්දක් තියාගෙන ?

  2. Vimukthi says:

    හලාල් ගැන කියන තක්කඩි ප්‍රකාශයෙන්ම පැහැදිලියි මහත්තයෝ කාගෙන් හරි ජරාවක් කාලා ඇවිත් ඔය වමාරන්නේ පට්ට පල් බොරුයි කියලා. දුක නම්, අපේ සිංහල මිනිස්සු කිසි හිරිකිතයක් නැතිව කටුස්සෝ පාට වෙනස් කරනවා වගේ තමන්ගේම ජාතිය ආගම විනාස වෙන තැනට මේ විදියට කතා කරන එක ගැන. මෙච්චරකල් සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී ඉන්නවා කියල ඉඳලා හිටි ගමන් වෙස් මාරු කරන පාහරයෝ උඹලා අජිත් ප්‍රසන්න.
    අනිත් එක චම්පික කියන්නේ ඥානසාර හාමුදුරුවන්ට එපාම කරපු චරිතයක් චම්පික 2014 සින්හලයව පාවලා දිමෙන් පස්සේ.. උඹ නම් පුතෝ කොහෙන් හරි පිදෙනියක් කාල ඇවිත් ඉන්නේ.. පල පල ගෙම්බා ..තවත් උඹව අපි සිංහලය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් කියල පිළිගන්නේ නෑ

  3. sam says:

    THis is the most stupid article who is going to be voting for Champika he is joker and he is only dreaming. And also this connection btwn CHampika and the thero is all nonsense

  4. Mahasona says:

    There is an element of truth in this statement. Gnanasara was used by Regime Change team to break Muslim voters from Rajapakse. This was masterminded by Erik Solheim. Gnanasara went to Norway and met Erik. When Rajapakse wanted to arrest Gnanasara it was Champika who blocked that because he wanted to see Rajapakse out. Champika is a manipulator. He might be the common candidate. Now he is supporting the new constitution although he says he oppose devolution. If he stay in that position Tamils and Muslims will vote for him. UNP guys will also vote. Some Sinhala Buddhists will also vote. What happens is Sinhala Buddhist votes will split and he can win. At the moment all the efforts are to split Sinhala Buddhist votes. If Sinhala Buddhists do not realize this and stay together, that will be a disaster for them. Champika is a power hungry guy. He would not mind sacrificing Sinhala Buddhists to achieve his goal. Those guys who were behind regime change want somehow or other to keep Gotabhaya out.

    • Gona says:

      utter nonsens! Who the hell is Ganasara to change the regime?. you stupid moron. you fabricate lies, not just lies, utter nonsense!

      • Mahasona says:

        Tell me why Ghnasara went to Norway and USA? Who funded the trip? Who are the people he met?

  5. chany says:

    කොහොමත් ඥාණසාරැ කියන්නේ වලං කඩෙට පැන්න හරකා වගේ බොරැවට කාලෙකට එලිබැහැලා නටලා පස්සේ උන්නද මලාද හොයාගන්න බැරි මනුස්සයෙක් කරන වැඩක් නැහැ තරහින් ක්‍රෝධයෙන් වෛරයෙන් පසුවන්නෙක් නිතරම . මොහු චීවරයට සුදුස්සෙක් නෙවෙයි බජාර් එකට හොඳයි.

  6. Nalini says:

    A monk is the Chief Minister of Uttra Pradesh so India may support Nanasara.

Main News