ටිපර් රථයේ ගැටුනු තවත් ටිපර් රථයක රියදුරු මිය යයි…

January 14, 2018 at 8:02 am | lanka C news
ටිපර් රථයේ ගැටුනු තවත් ටිපර් රථයක රියදුරු මිය යයි…

කිලිනොච්චිය ඉරණමඩු මන්සන්ධිය අසලදී ඒ- 9 මාර්ගයේ සිදු වූ ටිපර් රථ අනතුරකින් එක් ටිපර් රථයක රියදුරු මිය ගිය බවට කිලිනොචචිය පොලීසිය කියා සිටියේය.

ඒ-9 මාර්ගයේ මාන්කුලම් සිට යාපනය දක්වා ගමන්ගත් ටිපර් රථ දෙකක් කිලිනොච්යි ඉරණමඩු සන්ධිය හා කිලිනොච්චිය පොලිස් අධිකාරි කාර්යාලය අතර මාර්ගයේදී ඉදිරියේ ගමන්ගත් ටිපර් රථය එකවරම නැවතීමත් පිටුපසින් ආ ටිපර් රථය අධිකවේගයෙන් පැමිණීමත් හේතුවෙන් ඉදිරියේ ගමන් කල ටිපර් රථයේ පිටුපස පසුපසින් ආ ටිපර් රථයේ ඉදිරිපස වැදීම හේතුවෙන් පසුපසින් ආ ටිපර් රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

ටිපර් රථ අනතුරින් ඉදිරිපස ගමන්ගත් ටිපර් රථ රියදුරුට සුලු තුවාල සිදුව ඇත.

කිලිනොච්චිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,586 Viewers

One Comment to “ටිපර් රථයේ ගැටුනු තවත් ටිපර් රථයක රියදුරු මිය යයි…”

  1. Jonaa'S Brother says:

    පියුපස ටිපරයේ රියදුරු රානි අලයා වුනානම් මරේ මරු

Main News