ට‍්‍රැමඩෝල් පෙති කෝටි එකහමාර ගෙන්වා ඇත්තේ රාජ්‍ය සංස්ථාවක ලොක්කෙක්.. ඇමතිගේ හිතවතෙක්..

September 8, 2018 at 8:40 am | lanka C news
ට‍්‍රැමඩෝල් පෙති කෝටි එකහමාර ගෙන්වා ඇත්තේ රාජ්‍ය සංස්ථාවක ලොක්කෙක්.. ඇමතිගේ හිතවතෙක්..

කොළඹ වරායේ කන්ටේනරය තුළ තිබී අත්අඩංගුවට ගන්නා ලද ‘ට‍්‍රැමඩොල්’ වර්ගයේ පෙති තොගය ගෙන්වීමට මෙරට ප‍්‍රදාන රාජ්‍ය සංස්ථාවක ඉහලම නිලධාරියෙක් (MD) සම්බන්ද යයි චෝදනා එල්ල වෙයි.

ට‍්‍රැමඩොල් පෙති එක්කෝටි පනස් ලක්ෂයක ගෙන්වීම ගැන චෝදනා එල්ල වන මෙම නිලධාරිවයා පෙරද ප්‍රමිතියෙන් බාල ද‍්‍රව්‍ය ගෙන්වා චෝදනාවට ලක් වුවෙකි.

කසල තේ රුසියාවට යැවීම සම්බන්ධයෙන්ද මොහුට බරපතල ලෙස චෝදනා එල්ල වුවෙක්ද වෙයි.

එමෙන්ම මෙම පුද්ගලයා ප්‍රබල ඇමැතිවරයකුගේ සමීප හිතවතකු යයිද පැවසේ.

මෙම මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ පුද්ගලයාගේ ගෝල මොහොමඩ් නවාස්ගෙන ලද තොරතුරැ මතය.

මෙම පුද්ගලයා පසුගිය කාලයේ පෑලියගොඩදී අත්අඩංගුවට ගන්නා ලද බාල ඖෂධ ජාවාරමට සෘජුවම සම්බන්ධ යයිද වාර්තා පලවිය.

9,338 Viewers

3 Comments to “ට‍්‍රැමඩෝල් පෙති කෝටි එකහමාර ගෙන්වා ඇත්තේ රාජ්‍ය සංස්ථාවක ලොක්කෙක්.. ඇමතිගේ හිතවතෙක්..”

  1. indunil says:

    neethiya akurata?

    • දිල්රුක් ෆර්නැන්ඩෝ QLD says:

      මෙම ට්‍රෑමඩොල් පෙති ගෙන්වා ඇත්තේ ඔෂධ සංස්ථාවේ සභාපති තැන්පත් සයුරු සමරසුන්දර මහතා විසිනි. මේ සඳහා සාදර අනුග්‍රහය ලඟදි අරයලියගහ මගුල් කෑ එකාගේ පියාගෙනි. සයුරු රුසියාවේ සිසුවෙකු අවදියේදී සල්ලි හොරකම් කර අනෙක් සිසුන්ගෙන් පහර කෑමට ලක්වූ අයෙකි.

  2. නිහාල් අයියා says:

    ඔය එන්නේ එලියට නිතර නිතර ආණ්ඩුවේ සල්ලි වලින් අරාබි රටවලට යන විල්පත්තුව පාකිස්තානයක් කරන ඇමතිගේ කෙරුවාව.මේ මිනිහාව හිරේ දන්නේ නැතිව තවම මුව පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්නේ මොකද ?පහුගිය වතාවේ සංස්ථාවේ කුඩු කොන්ටෙන්ර් අහුවුනා මොනවද උනේ .?කෝ සිරිසේන කියපු මහලොකු සුපිරිසිදු ආණ්ඩුව ?සිරිසේන නිදිද ?කෝ අර ගොන්ජා කියන මිනිහා ?මොකද උඹලගේ කට වැහිලා තියෙන්නේ ?කෝ පොනිල් ගේ හිර දඩුවම් ?ඔය ඇමතිලට එක කැප නැද්ද ?
    ආණ්ඩුවේ ඇමතිලා සංස්ථා ආරක්ෂාව යටතේ කුඩු ගෙන්නනවා
    ආණ්ඩුවේ ඇමතිලා ඇමති වාහන වල කුඩු අදිනවා
    ආණ්ඩුවේ ඇමතිලා රක්ෂිත වනාන්තර කපලා පාකිස්තාන අන්තවදියෝ පදිංචි කරනවා
    ආණ්ඩුවේ ඇමතිලා හොර රහසේ අන්තවාදීන්ට ආයුද එකතු කරනවා
    ආණ්ඩුවේ ඇමතිලා අයිසිස් ත්‍රස්තවාදීන්ට පහසුකම් සපයනවා
    මේවා ගැන කතා කිරීම සහජීවනය බිදීමද ?
    රටට මුන් කරන හානිය වහා නවත්වූ .මුන්ව හිරේ දමාපියවූ

Main News