ඩිජිටල් තාක්ෂණය යනු මෙවලමක්..- රාජිත

October 31, 2017 at 8:02 am | lanka C news
ඩිජිටල් තාක්ෂණය යනු මෙවලමක්..- රාජිත

දන්ත සේවා කටයුතු ගමට ගෙනයාම සදහා ජංගම දන්ත සේවා බස් රථ 07 ක් සහ රෝහල් 50 ක් පරිගණක ගත කිරීම සදහා පරිගණක යන්ත්‍ර බෙදා දීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (30) පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී සිදු කෙරිනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ඩිජිටල් තාක්ෂණය යනු පහසුවෙන් කාර්යයන් සිදු කළ හැකි මෙවලමක්. ඩිජිටල් තාක්ෂණය දේශපාලන ව්‍යුහය පවා වෙනස් කළ මාතෘකාවක්. රටකට තනිවම කිසිවක් කරන්න බැහැ. තරුණ කාලයේ අපි දැකපු දේශපාලන ක්‍රමය වත්මන් තාක්ෂණය හමුවේ කඩා වැටුනා. ලොවම එකම ගම්මානයක් බවට පත්ව තිබෙනවා. වත්මන් රජය විසින් ඩිජිටල්කරණයට මුල පුරා තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවාවන් ද පරිගණක ගත කරනවා.

අද දින රුපියල් මිලියන 300 ක් වටිනා පරිගණක සහ රුපියල් මිලියන 107 ක් වටිනා ජංගම බස් රථ බෙදා දෙනු ලබනවා. සෞඛ්‍ය අමාත්‍යධූරයට මා පත්වන විට ඖෂධ හිගයක් පැවතුනා. සෑම දිනකම ඖෂධ වර්ග 44-79 අතර ප්‍රමාණයක හිගයක් තිබුනා. 2014 වර්ෂයේ පමණක් රුපියල් මිලියන 350 ක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ විනාශ කර තිබෙනවා. ඖෂධවල හිගය අවම කළේ පරිගණක මෘදුකාංගයක් හදුන්වා දීමෙන් පසුවයි. එමගින් ඖෂධ විනාශ වීම පවා නතර වුනා. ඖෂධ හිගයක් පිළිබදව ද වාර්තා වුයේ නැහැ. රෝහල් ඩිජිටල්කරණය කිරිම හොරණ මුලික රෝහලෙන් ආරම්භ කළා. 2019 වසර වනවිට රෝහල් 300 ක් පරිගණක ගත කර අවසන් කරනවා.

වර්තමානයේ ඇතැම් පිරිස් සයිටම් එකට විරුද්ධව කථා කරනවා. ඔවුන් දූපත් මානසිකත්වයෙන් තමයි කටයුතු කරන්නේ. සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කළාට පමණක් මදි. තමන් ද ඩජිටල්කරණය විය යුතුයි. මනස ඩිජිටල්කරණය විය යුතුයි. එවිට ගෝලීයකරණය පිළිබදව හදුනා ගැනිමට පුලුවන්. එමගින් සේවා සැපයීම පහසු වෙනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

3,017 Viewers

6 Comments to “ඩිජිටල් තාක්ෂණය යනු මෙවලමක්..- රාජිත”

  1. Chan SGP says:

    Even though I don’t like his politics, I like his ideas.
    He may have learnt a lot of modern practices from Singapore during his stay in mount Elizabeth hospital.
    Globalisation makes things easily accessible to everyone. But food use if it depends on individuals and the personal agendas.

  2. ඩිජිටල් says:

    .අවාසනාව කියන්නේ ලංකාවේ කොච්චර මානව සම්පත් තිබුනත් ලංකාවට අවශ්‍ය මෘදුකාංග නිෂ්පාදනය කරන්න ..සිද්ධ වෙන්නේ ලෝකේ කොහේ හරි රටක හදපු මෘදුකාංගයක් මෙහෙ බස්සන එක ..

  3. Boo says:

    ඩිජිටල් තාක්ෂනය සොයාගෙන තියෙන්නෙත් මෙයාගේ පුතා (තව කාගේද පුතා කියලත් කියනවා) චතුර ලු.

  4. FREE says:

    “ඩිජිටල් තාක්‍ෂණය යනු පහසුවෙන් කාර්‍යයන් සිදු කළ හැකි මෙවලමක්.”
    ඒක භාවිතා කරල මුන්නැහේට ඩිජිටල් කරමු.

  5. upasaka says:

    මේ යෝදයා ඩිජිටල් ගැන කතා කරනවා ලංකාවේ කිසිම තොරතුරක ආරක්ෂාවක් නැහැ …උදාහරණයකට …උප්පැන්න කසාද සහතික පරිගනක ගත කර ඉතා කාර්යක්ෂම සේවාවක් දුන්නත්..ඕන මිනිහෙක්ගේ උප්පැන්න කසාද සහතිකයක් ඕන එකෙක්ට ගන්න පුළුවන් ..කිසිම අනන්‍යතා සහතික කිරීමක් නැහැ.

  6. Dushantha says:

    ටොන් පචයා. කොළඹ මහරෝහලේම බෙහෙත් නෑතුව ලෙඩ්ඩු පිටින් ගෙනත් දෙන්නෙ. මම දන්න ළමයෙක් කොළඹ මහරෝහලේ ප්‍රතිකාර ගන්නවා. ඉස්පිරිතාලෙ ඩෙට්‍රෝස් නෑතුව හෑමදාම එලියෙන් සල්ලි දීලා ගෙනත් දෙන්නෙ.

Main News