ඩෙංගු මර වසංගතයක් වී ඇත්තේ ආණ්ඩුවේ සමහර නායකයින් ජනතාව ඉදිරියට ගොස් ඡන්දයක් ඉල්ලීමට බිය නිසා… සියළු රහස් එලි කරනවා..- කට සැර ඇමති පාරම්බායි..

June 18, 2017 at 1:20 pm | lanka C news
ඩෙංගු මර වසංගතයක් වී ඇත්තේ ආණ්ඩුවේ සමහර නායකයින් ජනතාව ඉදිරියට ගොස්  ඡන්දයක් ඉල්ලීමට බිය නිසා… සියළු රහස් එලි කරනවා..- කට සැර ඇමති පාරම්බායි..

ඩෙංගු රටේ මාර්නතික උවදුරක් බවට පත්ව ජාතික රෝහල් පිරි ඉතිරි ගොස් උණ රෝගීන් සිටින්නේ සෞඛ්‍යය අමාත්‍යාංශයේ පරිපාලනයේ දුර්වලතාවයකින් නොව මේ රටේ ඉතිහාසයේ සිට ජනතාව විසින් තම නියෝජිතයින් හරහා නගර සභා ප්‍රදේශීය සභා වැනි පලාත් පාලන ආයතන පාලනය කිරීමට ඉඩ නොදිම නිසා ඇති වී තියෙන අපිරිසිදු කම නිසා බවට එක්තරා දේශපාලන චරිතයක් පුරසාරම් දොඩවා ඇත.

මෙය ආණ්ඩුවේ සමහර නායකයින්ට ජනතාව ඉදිරියට ගොස් ඡන්දයක් ඉල්ලීමම ඇති වූ බිය නිසා උදාවු කාලකන්නි ඛේදවාචකයක් බවත් අවශ්‍ය අවස්ථාවක මේ සම්බන්ධව සියලු රහස් එලිකරන බවත් කට සැර අමාත්‍යවරයෙකු තම හිත්වත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට පවසා ඇත.

මේ වනවිට මෙම ඩෙංගු උවදුරු සම්බන්ධව එක් පාර්ශවයක් පමණක් වැරැදිකරු කොට රවීට කරපු වැඩේම අදාල පාර්ශවයට කිරීමට උත්සහ ගන්න බවට තමන්ට තොරතුරු ආරංචි වී ඇති බවත් ඔහු විසින් පවසා ඇත.

මේ වනවිට තමා විශාල වෙහෙස මහන්සියක් දරා ජීවිත පරිත්‍යාගයෙන් ආණ්ඩුවක් හැදුවත් එහි සියලු වරප්‍රසාද භුක්ති විදින්නේ අදටත් එක පවුලක් බවත් තමන් කරපු සියලු කැප කිරීම් හමුවේ තවම තමන් සිටින්නේ එදා සිටි තත්ත්වයේ පමණක් බවත් අවශ්‍ය අවස්ථාවක රටේ ජනතාව තමන්ට සුදුසු තැන ලබාදීමට පසුබට නොවන බවත් එය ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසයේ පුරාම ඉතා පැහැදිලිව පෙන්නුම් කර ඇති බවද ඔහු සදහන් කර ඇත.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන විශාල විශ්වාසයක් තබා ඇති මේ දේශපාලන පවුල තමන්ට විරුද්ධව නැගී එන බලවේග අදෘශ්‍යමාන බලවේග හරහා විනාශ කොට දමා තමා කල කැපවීමට අවශ්‍ය තනතුරු ලබා ගැනීමට ඉතා රහසිගතව අවශ්‍ය ශාන්තිකර්ම කරන බව බවට සමාජ ජාල අතර තොරතුරු හුවමාරුවෙමින් පවති.

15,728 Viewers

3 Comments to “ඩෙංගු මර වසංගතයක් වී ඇත්තේ ආණ්ඩුවේ සමහර නායකයින් ජනතාව ඉදිරියට ගොස් ඡන්දයක් ඉල්ලීමට බිය නිසා… සියළු රහස් එලි කරනවා..- කට සැර ඇමති පාරම්බායි..”

  1. වික‍්‍රමබාහු says:

    ෴පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රී සිතන්නේ මගෙන් වෙච්ච සේවය නොව ……
    මගේ ඉදිරි චන්දයේ කතිරය ගැන පමනකි෴

  2. Donald I Wilegoda says:

    Parajitha?

  3. nilu says:

    kata dodawana pissu-puthage thaththasa?

Main News