ඩෙංගු රෝගීන් අනූ දාහයි..

July 16, 2017 at 8:02 am | lanka C news
ඩෙංගු රෝගීන් අනූ දාහයි..

“සැවොම එක්වෙමු – ඩෙංගු දුරලමු” යන තේමාව යටතේ ජාතික ඩෙංගු මර්දන වැඩපිිළිවෙල සියළුම මාධ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් ඊයේ (15) දිවයින පුරා ක්‍රියාත්මක විය.

කළුතර දිස්ත්‍රික්කයේ එම වැඩසටහන බෙිරුවල චීන කොටුව ප්‍රදේශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරම්භ කෙරුනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“බෝනොවන රෝග ප්‍රබල තර්ජනයක් වුවත්, වර්තමානයේ ඩෙංගු උවදුර සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති විශාල ගැටළුවක් වනවා. රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියද මරණ සංඛ්‍යාව දශම 3 ක මට්ටෙමි පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබි තිඛෙනවා. එම නිසා අපේ ප්‍රතිකාර සේවා හොදයි. දැනට රෝගීන් 90,000 ක් වාර්තා වී තිඛෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් පැමිණ ඩෙංගු රෝග තත්ත්වය අධ්‍යයනය කිරීමෙන් පසු ක්‍රියාකාරී සැළස්මක් මා වෙත බාර දුන්නා. සති 04 කින් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50 දක්වා අඩු කිරීමෙි සැළසුම් ඊට ඇතුළත්. එය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල්‍යාධාර පවා ලබාදීමට සුදානමින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැදවා ජනතාව දැනුවත් කිරීමෙි වැඩපිළිවෙල විධිමත් කළා. ඩෙංගු රෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මර්දනය කිරීමට බැහැ. ජනතාව බලගැන්වීය යුතුයි. සංවර්ධිත රටවල පවා ඩෙංගු උවදුර පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද සදහන් කරන්නේ නිවසේ නොපෙනන ස්ථානවල ඩෙංගු මදුරුවන් සිටින බවයි. රෝගීන්ගේ සංඛ්‍යාව 08 ගුණයකින් ඉහළ ගියද මදුරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙලා නැහැ. ඩෙංගු රෝගීන් සුවපත් කිරීම සදහා විවිධ ක්‍රමෝපායන් භාවිත කරනවා. මදුරුවන් මර්දනයටත් එහෙමයි. අද දින සියළුම මාධ්‍ය ආයතන සිය වාණිජ පරමාර්ථ පසෙකලා ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා දායකවීම මම අගය කරනවා. මාධ්‍යයට ස්තූතිය පුද කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ෙමි ආකාරයට ජනතාව දැනුවත් කිරීමට සැළසුම් සකස් කළේ නම් රුපියල් කෝටි ගණනාවක මුදලක් වැය වනවා. නමුත් මාධ්‍ය ආයතන එය නොමිලේ සිදු කරන්නේ. ඩෙංගු මරණ සංඛ්‍යාව අවම බව ප්‍රකාශ කරමින් ඉන්න හොද නැහැ. රෝගීන්ගේ සංඛ්‍යාව ද අවම කළ යුතුයි. ඒ සදහා කොටින්ගෙන් රට බෙිරාගත් ත්‍රීවිධ හමුදාව පොලීසිය ද සක්‍රීය දායකත්වය ලබාදෙනවා. එයත් අගය කළ යුතුයි. සියළුම ජනතාව ජාතියක් ලෙස ඒකාබද්ධව ඩෙංගු මදුරු මර්දනයට දායකත්වය ලබාදිය යුතුයි.”

මෙම සමාරම්භක අවස්ථාවෙන් පසු ත්‍රීවිධ හමුදා සාමාජිකයින් පොලිසිය හා සෞඛ්‍ය සේවකයින් නිවාස පරීක්ෂාෙවි යෙදුන අතර, එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යවරයා ද එක්වූයේය. එහිදී චීන කොටුව ප්‍රදේශයේ ඩෙංගු මදුරු කීටයින් ඇති භාජන සොයාගත් සෞඛ්‍ය සේවකයින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් එම භාජන සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන් වූ අයුරු ඡායාරූපයේ දැක්වෙයි. තව ද ජනතාව දැනුවත් කිරිම සදහා ඖෂධ නිෂ්පාදකයින්ගේ වාණිජ මණ්ඩලය විසින් සකස් කළ පෝස්ටරය ද සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී පිළිගන්වන ලදි.

– ප‍්‍රසන්න අධිකාරී

1,705 Viewers

3 Comments to “ඩෙංගු රෝගීන් අනූ දාහයි..”

  1. Nayana says:

    වසංගත රෝග පැතිරෙන්නේ ආණ්ඩුවල වරදින් නොවේ.

    එය දේශපාලන වාසි තකා භාවිතා කරන්නේ බංකොලොත් දේශපාලකයන් පමණක්බ ව අපට සිතාගත හැකිය.

    විවේචන නවතා ඩෙංගු මර්දනයට බලධාරීන්ට සහය වීමට එක්වෙමු

    • siraa says:

      Aanduwa eekata dhakwana prathichaarayya keseeda? eka thamayi me prashneta thawath mula… Unta wedak nee minissu hitiyath nethath

  2. danu says:

    ඩෙංගු පාලනය කලහකි වසංගතයකි දියුනු රටවල මේවා ඇතිවෙන්නේ නැහැ හේතුව පාලකයන්ගේ ක්‍ෂනික විසදුම් නිසා නොදියුනු රටවල අලස අනුවන පාලකයන් නිසා මෙය වසංගතයක් විය හැක . දේශපාලකයාගේ රාජකාරියේ කොටසකි මෙයත්

Leave a Comment

Main News