ඩෙංගු සංවර්ධිත රටවලත් තිබෙනවා.. සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මර්දනය කරන්න බෑ..

July 16, 2017 at 12:40 pm | lanka C news
ඩෙංගු සංවර්ධිත රටවලත් තිබෙනවා.. සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මර්දනය කරන්න බෑ..

“සැවොම එක්වෙමු – ඩෙංගු දුරලමු” යන තේමාව යටතේ ජාතික ඩෙංගු මර්දන වැඩපිිළිවෙල සියළුම මාධ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් ඊයේ (15) පෙරවරුවෙ දිවයින පුරා ක්‍රියාත්මක විය.

කළුතර දිස්ත්‍රික්කයේ එම වැඩසටහන බෙිරුවල චීන කොටුව ප්‍රදේශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරම්භ කෙරුනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“බෝනොවන රෝග ප්‍රබල තර්ජනයක් වුවත්, වර්තමානයේ ඩෙංගු උවදුර සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති විශාල ගැටළුවක් වනවා. රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියද මරණ සංඛ්‍යාව දශම 3 ක මට්ටෙමි පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබි තිඛෙනවා. එම නිසා අපේ ප්‍රතිකාර සේවා හොදයි. දැනට රෝගීන් 90,000 ක් වාර්තා වී තිඛෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් පැමිණ ඩෙංගු රෝග තත්ත්වය අධ්‍යයනය කිරීමෙන් පසු ක්‍රියාකාරී සැළස්මක් මා වෙත බාර දුන්නා. සති 04 කින් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50 දක්වා අඩු කිරීමෙි සැළසුම් ඊට ඇතුළත්. එය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල්‍යාධාර පවා ලබාදීමට සුදානමින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැදවා ජනතාව දැනුවත් කිරීමෙි වැඩපිළිවෙල විධිමත් කළා. ඩෙංගු රෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මර්දනය කිරීමට බැහැ. ජනතාව බලගැන්වීය යුතුයි. සංවර්ධිත රටවල පවා ඩෙංගු උවදුර පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද සදහන් කරන්නේ නිවසේ නොපෙනන ස්ථානවල ඩෙංගු මදුරුවන් සිටින බවයි. රෝගීන්ගේ සංඛ්‍යාව 08 ගුණයකින් ඉහළ ගියද මදුරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙලා නැහැ. ඩෙංගු රෝගීන් සුවපත් කිරීම සදහා විවිධ ක්‍රමෝපායන් භාවිත කරනවා. මදුරුවන් මර්දනයටත් එහෙමයි. අද දින සියළුම මාධ්‍ය ආයතන සිය වාණිජ පරමාර්ථ පසෙකලා ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා දායකවීම මම අගය කරනවා. මාධ්‍යයට ස්තූතිය පුද කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ෙමි ආකාරයට ජනතාව දැනුවත් කිරීමට සැළසුම් සකස් කළේ නම් රුපියල් කෝටි ගණනාවක මුදලක් වැය වනවා. නමුත් මාධ්‍ය ආයතන එය නොමිලේ සිදු කරන්නේ. ඩෙංගු මරණ සංඛ්‍යාව අවම බව ප්‍රකාශ කරමින් ඉන්න හොද නැහැ. රෝගීන්ගේ සංඛ්‍යාව ද අවම කළ යුතුයි. ඒ සදහා කොටින්ගෙන් රට බෙිරාගත් ත්‍රීවිධ හමුදාව පොලීසිය ද සක්‍රීය දායකත්වය ලබාදෙනවා. එයත් අගය කළ යුතුයි. සියළුම ජනතාව ජාතියක් ලෙස ඒකාබද්ධව ඩෙංගු මදුරු මර්දනයට දායකත්වය ලබාදිය යුතුයි.”

මෙම සමාරම්භක අවස්ථාවෙන් පසු ත්‍රීවිධ හමුදා සාමාජිකයින් පොලිසිය හා සෞඛ්‍ය සේවකයින් නිවාස පරීක්ෂාවෙි යෙදුන අතර, එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යවරයා ද එක්වූයේය. එහිදී චීන කොටුව ප්‍රදේශයේ ඩෙංගු මදුරු කීටයින් ඇති භාජන සොයාගත් සෞඛ්‍ය සේවකයින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් එම භාජන සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන් වූ අයුරු ඡායාරූපයේ දැක්වෙයි. තව ද ජනතාව දැනුවත් කිරිම සදහා ඖෂධ නිෂ්පාදකයින්ගේ වාණිජ මණ්ඩලය විසින් සකස් කළ පෝස්ටරය ද සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී පිළිගන්වන ලදි.

– ප‍්‍රසන්න අධිකාරී

2,283 Viewers

12 Comments to “ඩෙංගු සංවර්ධිත රටවලත් තිබෙනවා.. සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මර්දනය කරන්න බෑ..”

  1. JUDE says:

    දැන් ඩෙංගු රෝගය පතුරවන්නේ මිනිසුන්ද ? රෝගීන් 90,000 ක් වාර්තා වී තිඛෙනවා ලු . ඒ ඩෙංගු මදුරුවෝ නිසා නෙමෙයිද ?
    මෙහෙමත් කපටි බොරුකාර සෞඛ්‍ය, ඇමතියෙක්
    උගුරට හොරා බෙහෙත් බොනවා (කනවා) වාගේ.

    • සිංහල බන්ඩා says:

      “රෝගීන්ගේ සංඛ්‍යාව 08 ගුණයකින් ඉහළ ගියද මදුරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙලා නැහැ.” – සවුක්‍ය අැමති. මදුරැවො ගනින්නත් හැකියාව තියන රාජිත මොහම්මඩ්ගෙ හැකියාව/මොලේ කොහොමද

    • Aladdin says:

      මූට වැඩක් කරගන්න බැරි උනාම සමයන් කියවනවා. යකෝ වැඩේ කරන්න බැරිනම් පුලුවන් එකෙකුට දීලා පල ගෙදර! පිනට කකා ඉන්නෙ නැතුව.

  2. මේකා බොරු පිබිනවා දියුනු රටවල ඩෙංගු නැහැ බුරුවෝ මහින්දගෙ කාලේ කොහොමද ඩෙංගු පාලනය කරේ තොපිට බලය තබුනට රටක් පාලනය කරන්න දන්නේ නැහැ බැරි කමත් මොලේ නැති කමත් රටේ විනාශයට හේතුවයි

    • JOY says:

      දෙමල ඩයස් පෝරාවේ දෙපා ලෙවකන මේ හොර නඩයට ඩෙංගු මදුරුවාවත් බය නැහැ …සිංහලයෙනි නැගිටිව්
      යමපාලන මර උගුලෙන් රට බේරා ගැනීමට රටේ සියලුම දෙනා එක් විය යුතුයි

  3. palle says:

    Rajitha says “රෝගීන්ගේ සංඛ්‍යාව 08 ගුණයකින් ඉහළ ගියද මදුරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙලා නැහැ.” How they have estimated mosquito population? It involves a complected process of capturing a mosquito sample from a population, inject a radio active substances to mosquitoes, release them to the population and then sampling again to determine the size of the population. Have they done a similar method? I don’t think so.

  4. SAD TRUTH says:

    ඩෙංගු සංවර්ධිත රටවලත් තිබෙනවා………. නමුත් අපේ රටේ තරම් නෑ
    දුෂණය සංවර්ධිත රටවලත් තිබෙනවා………. නමුත් අපේ රටේ තරම් නෑ
    වැඩ බැරි ඇමතිලා සංවර්ධිත රටවලත් ඉන්නවා…… නමුත් අපේ රටේ තරම් නෑ
    කටින් බතල සංවර්ධිත රට වලත් හිටවනවා…… නමුත් අපේ රටේ තරම් නෑ

    • මහදැන මුත්තා says:

      කුණු කාණු ඇති අසරණ මිනිසුන්ට දඩුවම් පමුණුවන මෙවැනි යුගයක මැති ඇමැතිලාගේ මන්දිර ඇති කාණු වල අපිරිසිදු බව නොදකින්නේ මන්ද ?
      “ඩෙංගු,මැලේරියා,බරවා” වැනි මදුරුවන්ගෙන් බෝ වන රෝග මර්දනය කිරීමට රජය කෙතරම් වැඩ පිළිවල ක්‍රියාත්මක කළද එය දනපති පන්තියට මැති ඇමතිලාට පමණක් බල නොපාන්නේ මන්ද ?අද ලංකාව තුළ මදුරුවන්ගෙන් බෝ වන රෝග හේතුවෙන් වසරකට කීදෙනෙකු නම් මිය යනවා ඇත්ද?
      එවැනි තත්වයක ශ්‍රී ලංකාව පසු වෙද්දී මෙවැනි ක්‍රියාවන් අනුමත කළ හැක්කේ කා හටද? මේ යහපාලනයේ මදුරු සංහිදියාවද ? ඩෙංගු සහජීවනයද ?

  5. Sadda says:

    Meya lankawe inna maduruwo ganath ganan karala. Sawkya amathyananshayata thaniyama behe kiyala janadhipathi karya sadaka balakayak pihituwe 2012di. 2015n passe eka kota uda.

  6. Sadda says:

    Vividha aramunu ethi minisun kandayamakata eka gamanak nehe. Palamuwa eka aramunak sakas kara gatha yuthui.

  7. desta says:

    tiyena eka etthsa ewa winds karanna operation ekak nehane eka dawasata warfarin setum tikak Koyu karala opration karanawako beha beha Kiya adanne nethuwa

  8. Niru says:

    This fart can’t do anything right.

Leave a Comment

Main News