ඩොලර් බිලියන 15ක් (15 Billion) සොරා ගත්තැයි ඇමති මංගලට චෝදනා..

August 1, 2018 at 12:01 am | lanka C news
ඩොලර් බිලියන 15ක් (15 Billion) සොරා ගත්තැයි ඇමති මංගලට චෝදනා..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

2015 මාර්තු 14 දින ද හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන එවකට විදේශ අමාත්‍ය දැන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රාජපක්ෂවරු සොරකම් කළ ඩොලර් බිලියන ගණනක් දැනටමත් සොයා ගෙන තිබෙන බව කියනවා. මේකත් හරියට රාජිත සේනාරත්න ඇමතිතුමා එක සතියට එක බොරුවක් වැඩ සටහන පවත්වන අතරේ කිව්වා ඩොලර් බිලියන 18ක් ඩුබායි බැංකු ගිණුමක තිබෙනවා ඇස් දෙකෙන් දැක්කා වගේ කතාවක්.

අපි මංගල සමරවීර ඇමතිතුමන්ගෙන් අහන්නේ ඩොලර් බිලියන 15ක් සොයාගෙන තියෙන්නේ 2015 මාර්තු, එනම් අදට වසර තුනයි මාස හතරකට කලින්. නමුත් මේ සොයා ගත් මුදල තවම භාණ්ඩාගාරයට බැර කරලා නෑ. ඒ මුදල තිබුණා නම් වසර දෙකක් විතර විදේශ ණය වාරික ගෙවන්න තිබුණා. නමුත් ඒ මුදලට වුණු දෙයක් නෑ.

මහින්ද රාජපක්ෂ මහත්තයා සොරකම් කල සල්ලි කියලා ඔවුන් කිව්වත් මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් කිව්වේ නැහැනේ මං ගාව මෙහෙම සල්ලියක් තියෙනවා කියලා. නමුත් මංගල සමරවීර ඇමතිතුමන් කියනවා මේ සල්ලි හොයාගත්තා කියලා. හොරකම් කරපුවා හොරකම් කිරීමේ කම්බ හොරා බවට මංගල සමරවීර ඇමතිතුමා පත්වුනාද?

එහෙම නම් දැන් රාජ්‍ය දේපල අපහරණයට සහ සොරකම් කිරීමට මංගල සමරවීර ඇමතිතුමා අත්අඩංගුවට ගත යුතුයි. එහෙම නැති නම් රටට බොරු කියනවා වගේම දැන් ජාත්‍යන්තර මාධ්‍ය වලටත් තමන් කියන්නේ බොරු බව එතුමා පිළිගත යුතුයි. කිව්වේ බොරුවක් කියලා පිලි ගත්තේ නැති නම් එතුමා මුදල් වංචාවක් කළ බවට පොලිසියට පැමිණිලි කිරීමට අපට සිදු වෙනවා.

– අරවින්ද අතුකෝරල

16,859 Viewers

8 Comments to “ඩොලර් බිලියන 15ක් (15 Billion) සොරා ගත්තැයි ඇමති මංගලට චෝදනා..”

  1. Ratata Adhare says:

    “කිව්වේ බොරුවක් කියලා පිලි ගත්තේ නැති නම් එතුමා මුදල් වංචාවක් කළ බවට පොලිසියට පැමිණිලි කිරීමට අපට සිදු වෙනවා.”

    Good point Mr. Gammanpila; please do the same thing for Prajitha. Thank you!

  2. රොහාන් ජයසිංහ says:

    ලංකාවේ ගොබෙල්ස්.

  3. Ranjan says:

    Do not wait. Make the complaint to FCID or to Police.

  4. Nim says:

    NIYAMA THARKAYA.

  5. හෙන ගොං බොලඳ තර්ක. මුන්වගේ එවුන් හොදයි බයියටම.

    • කවුජ හොරා says:

      ඈ බොල තෝ මාල කැඩුවම මාලෙත් අරන් පොලිසියට ගිහිං කැමැත්තෙන් බාර වෙනවද ? නැත්තං පොලිසියෙන් ඇවිත් දෙකක් ඇනලා තෝව කුදලං යනවද ? තෙපර බබා නොයිඳ වහාම හොරු අල්ලන්න කියපන් මොංගලයට.

  6. LION says:

    රණවිරැවන් දඩයම් කරන හැටි

    https://www.youtube.com/watch?v=H8ww-E_caa4

Main News