‘තණකොල නොබුදිති සිංහ පැටවු’.. බුද්ධි අංශ ඝාතන කලානම් වගකීම ෆොන්සේකාගේ.. බුද්ධි ප‍්‍රධානියාගේ කටඋත්තරයෙන් ෆොන්සේකා ගස්..

March 31, 2017 at 10:00 am | lanka C news
‘තණකොල නොබුදිති සිංහ පැටවු’.. බුද්ධි අංශ ඝාතන කලානම් වගකීම ෆොන්සේකාගේ.. බුද්ධි ප‍්‍රධානියාගේ කටඋත්තරයෙන් ෆොන්සේකා ගස්..

පසුගිය රජය සමයේ යුද හමුදා බුද්ධි අංශ විසින් ආරක්‌ෂිත නිවස්‌න සහ රහසිගත හමුදා කණ්‌ඩායම් පවත්වාගෙන ගියේ නම් ඒ පිළිබඳව එවකට හමුදාපතිවරයා සහ බුද්ධි අධ්‍යක්‍ෂවරයා අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතු බව ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි කපිල හෙන්දාවිතාරණ මහතා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

මිනිස්‌ ඝාතන, පැහැර ගැනීම්, පහරදීම් සඳහා තමන් යටතේ සිටි බුද්ධි අංශ කල්ලියක්‌ යෙදවූ බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නඟන චෝදනා සියල්ල ප්‍රතික්‌ෂේප කරන බව ද කපිල හෙන්දාවිතාරණ මහතා මෙහිදී පවසා තිබේ.

කීත් නොයාර් මහතා පැහැරගෙන යැම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ පසුගිය කාලසීමාවේ දී රටේ සිදුවූ අභිරහස්‌ අපරාධ රැසක්‌ සිදු කළේ එවකට ජාතික බුද්ධි ප්‍රධානි කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ සිටි කල්ලියක්‌ විසින් බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රහස්‌ පොලිසිය හමුවේ ප්‍රකාශයක්‌ ලබාදී තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කපිල හෙන්දාවිතරණ මහතා රහස්‌ පොලිසිය හමුවේ පෙනී සිටි අවස්‌ථාවේ මේ බව කියා සිටියේය.

මෙම අපරාධ යුද හමුදා බුද්ධි අංශ විසින් කළ බවට චෝදනා එල්ල වන්නේ නම් එවකට හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව ද හෙන්දාවිතාරණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

– දිවයින

57,211 Viewers

16 Comments to “‘තණකොල නොබුදිති සිංහ පැටවු’.. බුද්ධි අංශ ඝාතන කලානම් වගකීම ෆොන්සේකාගේ.. බුද්ධි ප‍්‍රධානියාගේ කටඋත්තරයෙන් ෆොන්සේකා ගස්..”

  1. BARCARDI says:

    Be careful . SF can betray any to take revenge from Rajapakhas. RW know this very well and use SF to ‘choon’
    anti-Rajapakhas.

  2. ඇත්ත says:

    යුධ ජයග්‍රහණය පරාජයක් බවට පත්කර ගන්නා මෝඩයින් සිටින
    කලු සුද්දන්ගේ පදයට නටන
    ලොව නොම්බර එකේ බූරැවන්ගේ රට
    ලංකාවයි….

    • siyabala says:

      දකුණේ නීතියෙන් හමුදාවයි, ආණ්ඩු විරෝධී දේශපාලකයින්වයි හිරේ දාල උතුරේ නීතියෙන් හමුදාව නිදහස් කරන වෙස් නැයුම මොකක්ද?

  3. Bakaladasa says:

    Fonseka’s display of common sense makes one wonder how SL military defeated the Tigers.
    Maybe the Tigers were really dumb!
    🙂

    • Alapaluwa says:

      Dear Bakaladasa You are absolutely Correct LTTE must be really more than Stupid idiot. Otherwise SL wouldn’t mange to defeated LTTE at all.very funny.

  4. Dickie Bird says:

    Aiyo……….. Kalaveddah goooooooooooooo na gena.

  5. Alapaluwa says:

    කලවැද්දෝ තෝ කට නිසා නහින නරුමයෙක් තොට බඩවැලුත් නැ මොළයකුත් නැ කටකුත් නැති අත්මාර්තකමියෙක් තෝ තොගේ වාසිය උදේසා අම්මවත් ගැනිවත්පාවලා දෙන පර ජඩයෙක්.තෝ තොගේ පක්ෂයත් පක්ෂයෙන් හිටපු අයත් පවා දී පොනියගේ රෙදිසොදන්න ආපු ගරිබල්ලෙක්.චන්ද 4001 වත් ගන්න බැරිවුණු තොට බලපියයන්න වෙන්නේ කොහාටද කියලා ළඟදීම එදාට ඔය තොගේ ගඳ කටේ නරිවාදම කොහෙද කියා අපිසියළුම දෙනාටම බලා ගන්න පුලුවන්වේවි.

  6. bin says:

    MR yogaye werowek wono SF pamankada pdinchiyata giyada sita RANIL pamola wihin siwalek wanasati bala dok wemi.

  7. G S Sirisena says:

    පෙන්ෂන් යන කොටත් කලවැද්දා ලඟ හමුදාවේ අභිරහස් කණ්ඩායමක් තිබුනා නේද?

  8. ෴හෙළයා෴ says:

    “තණකොළ නුබුදිති සිංහ පැටව්”
    ගෝඨා යුද්ධය දිනා රට බේරා දුන්නේ මනා කළමණාකාරීත්වයක් ඔහු තුල තිබූ නිසාය​.ඒ කළමණාකාරීත්වය යනු හමුදාවේ මානසික තත්වය ගොඩ නැගීම පමණක් නොවේය. ෆොන්සේකා වැනි දෙපිටකාට්ටු පාවා දෙන්නෙකු සමග යුද්ධය ජය ගැනීමම ගෝඨාගේ සූක්‍ෂම බුද්ධි මහිමය කියා පාන්නකි.එ් සිංහයා කිසි දින තණකොළ නුබුදින බවද සඵල කර ඇත. ෆොන්සේකා වැනි වසලයින් විසින් පාවා දෙමින් සිටින බුද්ධි අංශ එදා නොසිටියා නම් මේ වසලයා මහින්ද රාජපක්‍ෂගෙන් ජෙනරල් තනතුරක් නොලබන්නේය​.ඉදිරි වලල්ලේ සටන් කල සෙන්පතියන් හා සෙබලුන් යනු සැබෑ සිංහයෝය​.ඔව්හුද කිසි දින තණකොළ නුබුදින්නෝය​.දෙපිටකාට්ටු පාවා දෙන්නෝ යනු නරි ජාන ඇත්තෝය​.උන්ගේ තෙල් රන් බඳුනේ නොදමන්නේය​.යුද්ධය හෑල්ලු කල ප්‍රභාකරන්ගේ මිතුරු කැල හා නිදි වැද කාලකන්නි වින්දනයක් ලබනා කලවැද්දන් මේ රටේ ජනයා විසින් ඉතිහාසයේ කුණු බක්කියට දමනා දිනය එළැඹෙනු ඇත​.ලක් මව ඒ දිනය එනතුරු නොඉවසිල්ලෙන් බලා හිඳී.
    “රන් බඳුනේ නරි තෙල් නොදමති”
    සිංහ තෙල් හා නරි තෙල් නොහඳුනන උන් නරි තෙල් ගෙන රන් බඳුනක තබා පූජා කලෝය​.බඳුනෙන් එළියට පැන කටමැත දොඩවනා නරියා පමණක් නොව තෙල් හඳුනා නොගත් මෝඩ තකතීරු රැළද අද හෙළුවෙන් දුවන්නේය​.ඔව්හු ජාතියේ සරදමට ලක්ව ඇත​.මේ අන් කිසිවක් නොව සොබා දහමේ කැඳවීමමය​.

  9. pp says:

    ane hamodapathi warayek metharam niwata wenawda. wijedasa mahatha kiyapo paridi fild masal kiyana eke theroma ekamada kiyala hithenawa. meyata labono chanda pandahath nathi wenawa idiriyedi.

  10. SHIRANTHI says:

    meke liyana kuliyata liyana liyanappula kotinta galakinwath gahala thiyenawada? hamudawe aya hatiyata api dannawa SF kohomada hamudawa meheyuwe kiyala. eka eka ayuda kalli hadagena hitapu minimaruwanta kuru ganinna hire yawiya yuthuyi.rajayi mallilayi ayudawalin komis gahuwa mineemaruwa. owunwa hire damiya yuthuyi

    • Alapaluwa says:

      හලෝ සෙනරත් තමුසේ ඒකාලේ කොහෙද සිටියේ? අද තමුසෙට මේවගේ වචනයක් හරි ලියන්න පුළුවන් වුණේ මහින්ද මැතිතුමාගේ නිර්භීත බාවයනිසා නොවේද? ඒකනිසා අසමත් ජාති කථා ලිවීමෙන් වැලකි සිටින්න කියා කාරුණිකව ඉල්ලා සිටිනවා තමුසේ සිංහලයෙක්නම්

  11. Veerasena says:

    I am supporting war hero Mr SF
    Not the coward who left the country during war time
    Henda supported a coward who came to ministry of defense from back door

  12. wije says:

    Me Sarath Fonseka kiyanne niwatayek kiyala api danagatte, tama tanature sitiddima desapalanayata awa ekane. aneka tama white flag katawa, me niwata miniha digata harahata monada me kiyanne. tamanga country eka jathiya pawala deema neda. go to the hell men.

Main News