තද සුලං ඇති වේ.. විදුලිය බිද වැටේ..

May 29, 2018 at 12:40 pm | lanka C news
තද සුලං ඇති වේ.. විදුලිය බිද වැටේ..

වර්ෂා තත්වය ක‍්‍රමයෙන් අඩුව ගොස් මේ වන විට ශ‍්‍රී ලංකාවේ බස්නාහිර බෑවුම්වල තද සුලං තත්වයක් ඇති වෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පැයට කිලෝමීටර 50-60 අතර වේගයකින් හමා යන මෙම සුලං තත්වය 31 දා තෙක් බලපානු ඇතැයිද ඔවුන් නිවේදනය කරයි.

මේ අතර තද සුලං නිසා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිද වැටී තිබේ.

තෙල්දෙණිය, දඹුල්ල, නාඋල, කුණ්ඩසාලේ, බදුල්ල ප්‍රදේශවල විදුලි බල සැපයුම බිද වැටී ඇති අතර මණ්ඩලය විසින් එය යථා තත්වයට පත් කරමින් සිටී.

6,704 Viewers
Main News