තනි විජේදාස ආණ්ඩුවම නැට්ටෙන් අල්ලා කණපිට ගසයි.. මහා ප‍්‍රාඥයාගේ ප‍්‍රතාපවත් ගරු ගාම්භීර සම්පූර්ණ කතාව මෙන්න..[Video]

August 23, 2017 at 9:30 pm | lanka C news
තනි විජේදාස ආණ්ඩුවම නැට්ටෙන් අල්ලා කණපිට ගසයි.. මහා ප‍්‍රාඥයාගේ ප‍්‍රතාපවත් ගරු ගාම්භීර සම්පූර්ණ කතාව මෙන්න..[Video]

රටේ ජාතික සම්පත් විකුණා දමන කැබිනට් මණ්ඩලයක් තුළ සිටීමට සිදුවීම තම හෘද සාක්ෂියට අනුව ලැජ්ජාවට කරුණක් බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඉතිහාසයේ සෑම අධිකරණ අමාත්‍යවරයෙකුටම එල්ල වූ චෝදනාවට වඩා වෙනස් වූ චෝදනාවක් තමන්ට එල්ල කරමින් තමන්ව ධූරයෙන් පහ කළ බව ඒ මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(23) දිනයේ අමාත්‍යවරයා දරණ සියලු කැබිනට් අමාත්‍ය ධූරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය යොමුකළ ලිපිය සඳහා ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා කියා සිටියේ ඉතිහාසයේ සෑම අධිකරණ අමාත්‍යවරයෙකුටම එල්ල වූ චෝදනාව වූයේ අධිකරණයට බලපෑම් කිරීම හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීම යැයි වුවත් තමන්ට ඇති චෝදනාව වූයේ අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකිරීම බවයි.

එමෙන්ම අප රට තුළ ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අමාත්‍ය මණ්ඩලයක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වෙනි ව්‍යවස්ථාව අනුව හම්බන්තොට ගිවිසුම වැනි ගිවිසුමකට ඇතුළුවීමේදී එය අත්‍යවශ්‍ය යෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම හම්බන්තොට ගිවිසුම අත්සන් කරනු ලැබුවද එය කඩදාසියකට පමණක් සීමා වූ බල ශූණ්‍ය වූ කොළයක් පමණක් බවද ඒ මහතා කියා සිටියේය.

එය හෙළිදරව්වීමත් සමඟ යම් කුපිත වූ කණ්ඩායමක් විසින් තමන්ට මෙම තත්ත්වය උදා කළ බවත්, එවැනි ජාතික සම්පත් විකුණා දමන කැබිනට් මණ්ඩලයක් තුළ සිටීමට සිදුවීම තම හෘද සාක්ෂියට අනුව ලැජ්ජාවට කරුණක් බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම තමන් මේ ආකාරයෙන් කතා කරන්නේ අස් කළ අමාත්‍යවරයෙකු ලෙස බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මහ බැංකු බැඳුම්කර මඟඩිය වැනි මහා පරිමාන දූෂණ හා වංචා ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම හමුවේ දිග හැරෙමින් තිබෙන බවත්, ඒ හේතුවෙන් එහි මහ මොළකරුවන්ද එළියට එන බවත් කියා සිටි ඒ මහතා පවසා සිටියේ ඔවුන් මේ වන විට බිය වී ඇති බවයි.

එමෙන්ම එවැනි තත්ත්වයක් තුළ නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව පවත්වාගෙන ආ බවත්, ඒ නිසාවෙන් වැරදි වසා ගැනීමට හා යට ගැසීමට සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට මෙලෙස ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවේ කොදු නාරටික කඩා දැමූ බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම පසුගිය 15 දා දින චන්ඩි මන්ත්‍රී මැති ඇමතිවරුන් හා පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති මන්දිරයට රැස්වී නීතිපතිවරයාට විවිධ ලෙස දෑ ප්‍රකාශ කර බලපෑම් කර ඇති බවත් , එහිදී තරහකාරයින්ගේ නඩු හැකි විගස විභාගයට ගන්නා ලෙසද ප්‍රකාශ කර ඇති බව ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමඟ තමාගේ සම්බන්ධයක් ඇති බවට ප්‍රචාරයන් පතුරමින් තමන්ව බිල්ලට දීමට මේ ආණ්ඩුව උත්සහ කරන බවද ඒ මහතා පවසා තිබේ.

එමෙන්ම පසුගිය සමයේ එජාපය විසින් ලංගම විකිණූ බවත්, තමන් නඩු කියා එය නැවත ලබා නොගත්තේ නම් මේ වන විට ලංගමක් නොමැති බවද ඒ මහතා කියා සිටියේය.

ඒමෙන්ම රක්ෂණ සමාගම විකිණීම, ඇපලෝ රෝහල විකිණීම, කොළඹ වරායේ අක්කර ගණනක් විකිණීම යනාදී ජාතික සම්පත් විකිණීමේදී ඒ සෑම අවස්ථාවකදීම නීති මාර්ගයෙන් එය නැවත ලබා ගැනීමට තමන් පෙරමුණ ගෙන කටයුතු කළ බවද ඒ මහතා පෙන්වා දුනි.

එමෙන්ම ඇවන්ගාඩ් නඩුවට තමන්ව සම්බන්ධ කරමින් විවිධ ප්‍රකාශයන් සිදු කළ බවත්, එම නඩුව හරි ආකාරව විභාගයට ගන්නවානම් වර්තමාන ආරක්ෂක ලේකම්ගේ සිට පිරිස් අත්අඩංගුවට ගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

එනම් මේ වන විට නාවික හමුදාවට අයත් තුවක්කු 500ට වඩා එහි තැන්පත් කර ඇති බවත්, එයත් නීති විරෝධී කටයුත්තක් බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම තමන් අමාත්‍යධූරයෙන් ඉවත් නොවූ බවත්, ඉවත් කළ බවත්, තමන්ගේ ගමන ඉදිරියේදී ප්‍රකාශ කරන බවත්, එතෙක් තමන් ස්වාධීනව කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

– adaderana.lk

34,131 Viewers

25 Comments to “තනි විජේදාස ආණ්ඩුවම නැට්ටෙන් අල්ලා කණපිට ගසයි.. මහා ප‍්‍රාඥයාගේ ප‍්‍රතාපවත් ගරු ගාම්භීර සම්පූර්ණ කතාව මෙන්න..[Video]”

  1. Gamage3 says:

    ආණ්ඩුවේ හිටපු හොඳම ඇමති වරයා පන්නා දැමුවා.. මේ පිටුපස හොරු සහ NGO නඩයක් සිටිති. රනිල්ට-සිරිසේනට මෙහි විපාකය ලැබියයුතුයි.

    • herath says:

      බලාන හිටහන්…..

    • upul says:

      අධිකරණයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කලු සුද්දන්ගේ ඉල්ලීමට අනුව කටයුතු කිරීමට ගොස් විජයදාස ඇන ගනී.
      අද තියෙන්නේ සරත් නන්ද සිල්වා කියන ගෝතයාගේ කැමැත්තට අනුව කටයුතු කරන අධිකරණයකි.
      නීතිපති දෙපාර්තමේන්තුව අපරාධකරැවන් සමග ඩීල් දාද්දී ජනතාවට අබ සරණයි…..

    • Saradiel says:

      President Sirisena ,Prime Minster Ranil Please RESIGN & Go home
      Hon. Wijedasa Rajapaksha , You are a great Politician Thank you..
      We Salute you Sir

    • Kamal says:

      ඥානක්කගෙ සාස්තර අහල වෙච්ච දෙයක්.

    • Ruwan says:

      As per the JO, he is the BEST minister. But, for us he is an another Minister who do not know the subject matter rather than doing the DEALINGS with the HENCHMEN of the JO. BYE…. BYE…. Since we did not lose any vote since he is a member from the so called LIST…

  2. Suda says:

    This is a different version of ” Aappa Theory” don’t believe this kind of drama

  3. Ukatali says:

    Dealdasa,go to hell.Why did you remain in the so called treacherous cabinet until you were being sacked.You wanted to reap maximum priviledges being remain in the cabinet.

    • rambanda says:

      It is now more than clear to everyone except Ukatali, thewhole truth

    • SALMAL says:

      You are an honest politician .
      ..If your actions inspire others to dream more ,learn more,do more & become more you are a leader
      Hon. minister Wijedasa Rajapaksha … We appreciate your speech that tell us the truth no matter how hard it is,
      Thank you for your honesty

  4. අනාථ ජනයා says:

    විජෙදාස එලවලා නීතිපති දෙපාර්තමේන්තුව මහ බැන්කු මහා හොරකමට රනිල් මාට්ටු කරන එක වලක්වන්න හැදුවාට අපි අවදියෙන්. අමු අමුවේ සැලසුම් සහගත ලෙස සිදුකල මහා බැන්කු මන්කොල්ලයට සම්බන්ධ සියලුම දෙනා චීනයේ මෙලම්‍යින් අපරාදයට සම්බන්ධ සියලුම දෙනා එල්ල මරා දැමුවා සේ දඩුවම කලයුතුමයි. නීතියෙන් එසේ සාදාරනය ඉටුනොනොත් මහජනයා විසින් එම දඩුවම් කෙහෙදි හෝ කොතනකදී හෝ ලද පලමු අවස්තවේදීම ලබා දියයුතු බව මතක් කරමි. ඖන්ගෙ සියලුම පවුලේ සාමාජිකයින්ද මෙය දත යුතුයි ක්‍රියාවෙන් රට වෙනුවෙන් පෙනීසිටිය යුතුයි.

  5. bend to bend says:

    විජේදාස මැතිතුමාට වැරදුන තැන් කිහිපයක් ඇත​.ඉන් පලමුවැන්න හා බරපතලම වැරදීම වනාහී සරත් ෆොන්සේකා වැනි ගුණමකු පුද්ගලයකුට ඇඳුම් මසා දී ආවතේව කර ජනපති පුටුවේ හිඳුවන්නට වෙර දැරීම​ය.අද ෆොන්සේකාගේ සැබෑ ස්වරූපය එතුමාට හඳුනා ගැන්මට ලැබීම කල වැරැද්දේ බරපතලකම එතුමාටම වටහා ගැන්මට උපකාරී වනු ඇතැයි සිතමු.අනෙක් වැරැද්ද නම් මඩේ සිටවූ ඉන්නක් වන් සිරිසේන ජනපති පුටුවේ වාඩි කරවන්නට උපකාර කිරීමය​.එසේ කර මඩ නාගැන්ම එතුමා වැන්නෙකුට නොහොබිනේය​.අනුර කුමාර වැනි අපත ඩයලයකට මිලියන දෙක හමාරක මුදලකින් සංග්‍රහ කර ඒ අපත කණ්ඩායමෙන්ම නෝක්කාඩු අසන්නට වීමත් එතුමාට හොඳ පාඩමක් බව කිව යුතුය​.කරුණු කෙසේ වෙතත් ගැලරියේ ජීවත් වන සියළු ජනයාත්,ගැලරිය පිනවන්නට දිවා රෑ වෙහෙසෙන අම්බරු කණ්ඩායමත් හැරුණ විට ඉතිරි බහුතර ජනයා විජේදාස මහතා හා මතවාදීව එකඟ වන බව සත්‍යයකි.

  6. Manel says:

    This is a another trick! Appa theory. Pretend to be against the govt but still a UNP parliamentarian. When the voice of JO coming from a govt MP, you can dilute people’s confidence on JO. Then people will distance from the real opposition.

  7. Vijeewansa says:

    Muu depath nayek
    Parisamin

  8. Lionel Dholapihilla says:

    A good reply to those idiots who keeps on posting comments here and everywhere
    else blaming Mr. Rajapakse for not taking legal action against Avant Guard company.
    Thank you, Mr. Rajapakse!

  9. chelan says:

    keeping weapons for storage int Avangurd barge is fine as far as the income goes to Sri Lankan government, what earlier happen was that income was under gotta and Nishnatha Senadhipathi ‘s for there own use,Deal dasa was a good of Nishnatha Senadhipath and protecting ..

    • Boo says:

      මේං රත්තරං අස්සයොත් ඉන්න බව විස්වාස කරන තවත් පිංවතෙක්. ගහන්න අත්පුඩියක්. මේ වගේ අය අද විරලයි. කලාතුරකින් හම්බවෙන ජාතියෙ මොලයක්.

  10. ලක්ෂ්මන් මොරලන්ද says:

    ඇමරිකාවේ බකිංහැම් මාලිගාවක් නොමැති බවක් හෝ රත්තරන් අශ්වයන් මේ තාක් කල් මෙලොවේ බිහිවී නොමැති බවක් නොදැන, රාජපක්ෂ ජනාධිපති වරයාගේ පුතුන් තිදෙනාගේ පරිහරනය සඳහා ඇමරිකාවේ බකිංහැම් මාලිගාවේ සිට රත්තරන් අශ්වයන් කිහිප දෙනෙක් ගෙනැවිත් නුවරඑලියේ රඳවාගන ඇතැයි යන චේතිය බොරුව  හිස් මුදුනින් පිලිගෙන 30 වසරක ත්‍රස්තවාදී ශාපයෙන් මව්බිම නිදහස් කරගැනීමට ජීවිත
    අවධානමද නොතකා කටයුතු කල රාජපක්ෂ රජය පලවා හැරීමට තරම් දුෂ්ඨ, අකෘතඥ මිනිසුන් 62 ලක්ෂයක් සිටින මේරටේ විජේදාස රාජපක්ෂ වැනි තවත්දේශප්‍රේමියෙක් පලවා හැරීම අරුමයක්ද?

  11. AS says:

    I think there is a truth in what he says . UNP tried their best to sweep the bond scam under the carpet. First they appointed UNP lawyers to investigate the matter and then cleared all. Second, desolved the parliment to protect them. Third, MPs wrote foot notes & tried to justify the case, Fourth, another MP wrote a book to clear all names….. ! We only see what is shown in media, but have no idea about what is happening inside…..

  12. Kings says:

    දැන් අපි නීතිපති දෙපාර්තුමේන්තුවට කියන්නෙ විජේදාස මැතිතුමා වගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න කියල. ඔය කාලකන්නි දේශපාලුවො කියන විදියට නීතිය නවන්න එපා. නීතිපති තුමනි. අප බලපොරොත්තු වෙන්නේ ඇමතියො අලුතින් ආවට, උන්ට ඕන විදිහට වැඩ නොකර හරි විදිහට නීතිය කරන්න කියල. ඊයේ එක කාලකන්නි දේශපාලුවක් කියනව මම අහගෙන අලුත් ඇමතිට කියල මේ නඩු ටික ඉක්මනින් අහනව කියල.

  13. pp says:

    solothara agamathiwarayek path kota wasara dekak andokirimath my3 kala wiyawasata werodi wadak, andokrama wiyawasthawata pitinn agra winissakaro thondowen nerapima th ehemayi, hambanthota pamanak noweyi, unp eka my3 lawa karawannema wiyawastha werodi wadamayi,

  14. රාහුල කොලුවා says:

    ඔන්න දැන් නීතිපති පරිස්සම් වෙන්න ඕන කාලේ ඇවිල්ලා.. ඔය අවුරුදු පහකට විතරක් ඇවිල්ලා ඉන්න කැෂුවල් මන්තිරිවරුන්ට ඕන විදිහට වැඩ කරලා පස්සේ නිකං හිරේ විලංගුවේ වැටෙන වැඩ කරන්න යන්න එපා කියලයි අපිට කියන්න තියෙන්නේ…

  15. sura says:

    එදා ලංගම, රක්ෂණ සංස්ථාව සහ වරායේ ඉඩම් බේරගත්ත සාර්ථක ක්‍රියාමාර්ගයන්, හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල බේරා ගැනීම සඳහා යොදාගෙන, රට දැය නගා සිටුවීමට ඔබගේ ප්‍රසංසණීය දායකත්වය රටට දායාද කරන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

  16. Sadasori says:

    Kohe Hitiyah Batalu Hama Daagattha “Nirinta” Wenne Oyatika Thamaaai

Main News