තමනට 2021 තෙක් ධුරයේ සිටිය හැකිදැයි ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි… එදා කිවුවේ දින සීයෙන් අහොසි කරන බවයි.. [මෙන්න ලිපිය..]

January 9, 2018 at 10:25 pm | lanka C news
තමනට 2021 තෙක් ධුරයේ සිටිය හැකිදැයි ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි… එදා කිවුවේ දින සීයෙන් අහොසි කරන බවයි.. [මෙන්න ලිපිය..]

වත්මන් ආණ්ඩුව යටතේ සම්මත කරන ලද 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය වසර පහක්ද නැත්නම් හයක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

19 වන සංශෝධනය සිදු කරන අවස්ථාවේදී සිටි ජනාධිපතිවරයාටත් එම තීරණය වලංගුදැයි ඔහු එහිදී විමසා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙම මස 14 වැනි දිනට පෙර ලබා දෙන්නැයිද ජනාධිපතිවරයා ඉල්ලා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතීඥ සංගමයට ලිඛිතව දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනවාරි 11 දා සලකා බැලීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙමගින් සෘජුව විමසා බැලෙන්නේ 2021 වන තෙක් විධායක ජනාධිපතිධූරය දැරිය හැකිද යන්නයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ තමන් ජනාධිපති වී දින 100න් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල එයම ප්‍රධාන සටන් පාඨයක්ද කරගෙන ජයගත් ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ තුන් වන වසර සමරන ජනවාරි 8 දිනයේදීම එය විමසා සිටිමයි.

19 වන සංශෝධනය සම්මතකරගත් දිනවලදී ආණ්ඩුවේ පිරිස් පැවසුවේ ජනාධිපතිධූරයේ කාලය වසර 6 සිට 5 දක්වා අඩු කරමින් ජනාදිපතිවරයා ලොවටම ආධර්ශයක් දුන් බවයි. බලය අත් හැරීම පිළිබඳ පූර්වාදර්ශයක් ලෙස එකල සමහරුන් සිරිසේන මහතා හුවා දැක්වීය.

ජනවාරි 8 තෙවර්ෂ පූර්ණය සමරමින් ජනාධිපතිවරයා විසින් විවෘත්ත කළ රාජගිරිය ගුවන් පාලම නැසී ගිය මාදුළුවාවේ සෝභිත නාහිමියන් නමින් නම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කරනු ලැබුවේ ඊයේ දිනයේදීය. සෝභිත හිමියන් 2015 ජනවාරි 8 බල පෙරළියට කර උර දුන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම එකම අරමුණ කරගනිමිනි.

සටහන : යටියන ප්‍රදීප් කුමාර

මූලාශ‍්‍රය මෙතනින්

ශ්‍රෙෂ්ඨාධිකරණයේ මතය විමසමින් ජනාධිපතිවරයා යැවූ ඉල්ලීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරනයේ ලේඛකාධිකාරිවරයා යොමු කළ ලිපිය

දින සියයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කලින් කරන ලද ප‍්‍රකාශය

27,151 Viewers

18 Comments to “තමනට 2021 තෙක් ධුරයේ සිටිය හැකිදැයි ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි… එදා කිවුවේ දින සීයෙන් අහොසි කරන බවයි.. [මෙන්න ලිපිය..]”

  1. buruputha says:

    MS mara nadda. Eda kivuve Dina 100n janapathikama athaharinava kiyala. Ada baila kiyanava. Oka ahanna thibune ara Parajithayagen. Ethakota oo kiyai Ai sir 2025 venalamma Inna puluvanne kiyala. Miniha niyama goda lawyer.

    • ඇත්ත says:

      ඔව් මම කිව්වේ විධායක ජනාධිපති ධූරය 2021 දී දින 100ක් ඇතුළත අයින්කරනවා කියලා…ඒ නිසා 2021 දක්වා මට ඉන්න දීපියෝ……

      • sayumi says:

        රට මකබෑ උනත් මොකද
        මට ජනපති පුටුව බදා
        ඉන්න ඇතොත් හොඳටම ඇති
        ජහමනයාට කොකා පපා

        බැඳුම්කරේ හොර හොයන්න
        කෝප් කමිටුවට දුන්නා
        වාර්තාව එන්න නොදී
        කවුන්සලේ විසිරෙව්වා

        ජහමනයාගෙ විරෝධෙ දැන්
        එන්න එන්න වැඩි වෙනවා
        බැරිම තැනදි යට ගහන්න කොමිසමකුත් පත් වෙනවා

        මෙන්න බොලේ මන්කොල්ලේ
        කම්බා හොරුන් එලි වෙනවා
        වාර්තාව පිටවෙනකොට
        උන් ඔක්කොම යට යනවා !

  2. JOY says:

    Sirisena Please resign and go home …Our country need not want you any more please go home

  3. indunil says:

    athahara pasuwa thadin allaganeema……

  4. SARA says:

    There was a hypocrite ,who came to power 2015 ..He forgot who he was and betrayed our war heroes
    .We must never forget why/how our Motherland is free. We must never forget that generation after generation has stood up to fight for freedom BUT Mr. President you did
    We says “NO ” to bad leadership..You are a simple person hides thousand traitors ideas ….Please resign
    GOOD BYE YAHAPALANAYA

  5. Saman Adikari says:

    MS you have leave not 2020 January 8th even before that is possible.
    Your mandate has many broken promises in democratic society
    By your leadership has undermined whole democracy norms and values even first time after 1948>
    You destroy whole country nation and betray people of our land!

  6. අනාචාර්ය විජේසූරිය says:

    අනේ මෙහෙම තන්හාවක්!
    අනේ මෙහෙම ආශාවක්!!
    මැතිඳුනි ලැබේද ඉන් සැනසීමක්???

  7. rathne says:

    Mark time and make time for dictatorship.

  8. Kings says:

    දැන් තමයි රස වැටිල තියෙන්නෙ. චතුරිකා නෝන කියනව ඇති අනේ තාත්තෙ තව ටික කාලයක් ඉමු. මම තවම හම්බ කරන්න පටන් ගත්ත විතරයි කියල. තන්හාය ජායතී ශෝකෝ. හැබැයි රට නැත්තටම නැති වෙනව. අලුත් පරම්පරාව දැනටමත් කතා වෙන්නෙ මේ රට හැර දාල වෙන රටකට යමු කියල. ඇයි මේ රට දිනෙන් දින ප්‍රපාපයටනෙ යන්නෙ. ඉන්න විදේශීය ආයෝජකයො ටිකත් තමන්ගෙ කොටස් විකුනල යනව.

  9. Jonaa'S Brother says:

    ගෙවල පෙරේතයෙක් යකා නටන්නයි යන්නේ, දුම්මල වරමකට ලැස්තිවෙමු.

  10. Rojer says:

    Minister Rajitha said at the time MS is a great leader reduced his term to 5 yrs
    Come out and appologise to people for misleading and cheating
    Or resign whole lot!

  11. W M Fernando says:

    Registrar’s letter inform the bar that it will be listed on 11.01.2016. How can they go back to 2016? That means the letter is not valid. This is way our courts work. For nominations all these are big matters.

  12. චතුරි says:

    අනේ ජනාධිපති තාත්තේ දෙවෙනි පොතත් ලියනකං ඉන්නකෝ,,,

  13. Padmini says:

    jnadipathiwaranyak thiyapan ban, bota thawa awurudu 5 inna puluwan

  14. sirineris says:

    mahatmaya. oba palakayek nowe…. rata wwinasa wela. ranil pissu kelinawa oba bala innawa leave tomorrow UGATHKAMA MADI NISA VISION EKAK GEMBURU BUDDIYAK netha.
    dollor eka 160 una nisa badu mila ihala gos api merenna yanawa. desapalana kalata buddhimathek nowe …. pl leave

Leave a Comment

Main News