‘තමුසෙගෙ තරු ගලවනවා..’ යයි කියමින් ජවිපෙ මන්ත‍්‍රී පොලිස් OICට කමිසයෙන් ඇද තග දමයි..

January 6, 2018 at 1:20 pm | lanka C news
‘තමුසෙගෙ තරු ගලවනවා..’ යයි කියමින් ජවිපෙ මන්ත‍්‍රී පොලිස් OICට කමිසයෙන් ඇද තග දමයි..

තමුසෙ කරපු වැඩේ වැරදියි මම තමුසෙගෙ තරු ගලවනවා යෑයි කියමින් තම කමිසයෙන් ඇද රාජකාරියට බාධා කිරීම නිසා බස්‌නාහිර පළාත් සභාවේ ජනතා විමුක්‌ති පෙරමුණ මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගැනීමට සිදු වූ බව සපුගස්‌කන්ද පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති ඩබ්. ඒ. ලින්ටන් මහතා පැවසීය.

පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතාට පොලිස්‌ ස්‌ථානයේදී පහරදුන් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලින්ටන් මහතා මෙසේ කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ ලින්ටන් මහතා මෙසේ ද කීය.

සොරකමක්‌ සම්බන්ධයෙන් සැකකරුවකු අපි අත්අඩංගුවට ගත්තා. මේ සැකකරුට ඇප දෙන්න කියලා රන්වල මහතා අපෙන් ඉල්ලීමක්‌ කළා. ඔහුට තිබූ චෝදනාවල හැටියට සැකකරුට ඇප දීමට අපට හැකියාවක්‌ නැහැ. සැකකරු මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ පසු බන්ධනාගාර ගත කළා.

පෙරේදා (4 වැනිදා) රාත්‍රියේ මන්ත්‍රීවරයා මගේ කාමරයට ඇවිත් තමුසෙ මහ කැත වැඩක්‌ කළේ යෑයි කියමින් බැණ තර්ජනය කළා. එයා මගේ කමිසයෙන් ඇදලා තමුසෙගෙ තරු ගලවනවා කියලා තර්ජනය කළා යෑයිද ලින්ටන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– Divaina

7,256 Viewers

5 Comments to “‘තමුසෙගෙ තරු ගලවනවා..’ යයි කියමින් ජවිපෙ මන්ත‍්‍රී පොලිස් OICට කමිසයෙන් ඇද තග දමයි..”

  1. Lapays says:

    Kasippu perana. Horakame yana Pala babbunta giya kalak.

  2. Ananda says:

    This is good story for kids.next time he will tell try to rape me and I escaped.sri Lanka baby police

  3. kamalasirikuruwita says:

    දේශපාලුවන්ට වඩා තමන්ලට කොන්දක් තියෙන බව ඔප්පු කල පොලිසියේ මේ ක්‍රියාව අගය කල යුතුයි. නැත්තම් මේ උගත් කමක් හැදියාවක් නැති, නිතර චන්ඩි පාට් දමන ජනතා නියෝජිත කියන නම කෙලසන එවුන්ට මේක හොඳ පාඩමක් වේවා. පොලිස් ලොක්කගේ ඉඳල මෙහෙම කෙලින් වැඩ කරනවා නම් කොච්චර හොඳද.

  4. Susanthika says:

    Sapugaskanda OIC the victim of JVP assault was punished immediately.

    ASP Daluwatta who assaulted a youth in Hambantota is virtually promoted.

    The Yahapalana way of meeting the justice!

  5. Leyon Ma says:

    I have many questions about the JVP. But in this case, I can’t recall my memory about a boasting of a senior Police Officer (Friend?). He said when you assault a suspect when he is in custody and if think he is a difficult fellow, get the Buttons of your own uniform broken get the Uniform torn in to pieces and cause a minor injury to your self again on your own and get admitted to a hospital in making a complain against the suspect. He said all the police are instructed to do so in their training at the PTC. It is to safeguard their own “PRESTIGE”. (Do they have any?) In this case, it is obvious the police has played that dirty trick.

Leave a Comment

Main News