තම නායකයා ප‍්‍රභාකරන්ද.. රනිල්ද..- විජයකලා තීන්දුව ගනී..

July 9, 2018 at 11:20 am | lanka C news
තම නායකයා ප‍්‍රභාකරන්ද.. රනිල්ද..- විජයකලා තීන්දුව ගනී..

විජයකලා මහේෂ්වරන් රට බෙදන, මීනිමරු, නීති විරෝධි කොටි සංවිධානයේ පාලනය හොද යැයි පසුගිය සතියේ දිනක ප්‍රකාශ කරා මෙන් , නැවත වරක් තමන්ගේ නායකයා ප්‍රභාකරන් බව ප්‍රසිද්ධියේ පවසා ඇති නිසා ඉදිරියේදී ඇයගේ නායකයා රනිල් ද ප්‍රභාකරන් ද යන්න තීරණය එතුමිය ළගදීම ගන්න වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලද්දේ,මුල්ලේරියාව ටී.බී.ඉලංගරත්න ක්‍රීඩාංගණයේ පැවැති කොළොන්නාව යෞවන සමාජය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වීමට එක් වෙමින්ය.

විජයකලා මහේෂ්වරන් හිටපු ඇමතිනියට අද වෙනකොට රට බෙදන, මිනීමරු, නීතිවිරෝධී කොටි සංවිධානය නැවත බල ගැන්වීමේ දැඩි උත්සහයක නිරත වෙනවා. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී මුලින්ම හඩ නගලා මගේ මතය ප්‍රකාශ කළා. ඒ නිසා ඇමතිකමෙන් පවා අද වෙනකොට අයින් වෙන්න සිදුවෙලා තියෙනවා.

දැන් නැවත වරක් එතුමිය පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කරලා තියෙනවා එයාගේ නායකයා ප්‍රභාකරන් කියලා. අපි කියන්නේ එයා එක්සත් ජාතික පක්ෂයේ නම් නායකයා වෙන්නේ රනිල් ද ප්‍රභාකරන් ද කියලා තීරණයක් ගන්න වෙනවා. එතුමියට අපේ සාමාජිකයෙක් වෙන්න වටින්නේ නෑ. ඒ නිසා වහාම පක්ෂයේ විනය ක්‍රියාමාර්ගයක් ලෙස සමාජිකත්වයෙනුත් අයින් කරන්න ඕනේ. එතුමිය කියනවානම් ඡන්දය දුන්නේ උතුරේ ජනතාව, ඒ නිසා මන්ත්‍රීධූරය ගලවන්න බෑ කියලා . නමුත් ව්‍යවස්ථා විරෝධි ප්‍රකාශ කරලා තියෙනවානම් , අනිත් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ වලට වගේ දුර්වල තීරණ ගන්නේ නැතිව මේක රට බෙදන ප්‍රකාශයක් නිසා .

සාමාන්‍ය සමාජයේ පොල් ගොඩියක් හොරකම් කරන මනුස්සයෙක් හිරේ දානවා වගේ සලකලා නෙමෙයි. ඊට වඩා බරපතල දෙයක්.ඒ නිසා අධිකරණයට කරුණු වාර්තා කරලා සිර දඩුවම් ලබා දිය යුතුයි. එතකොට මාස 06 කට වඩා සිරගත වුනොත් මන්ත්‍රීධූරය අහෝසි වෙනවා.

ඒ වගේම රංජන් රාමනායක මහතාගේ දූරකතනයෙන් කතා කරපු නිසා තමයි මේ කතාව එළියට ආවේ. නමුත් මේක තව පැත්තක් තියෙනවා ඒ තමයි. අනිත් කෙනාගේ අවසරය නැතිව මාධ්‍ය ඉස්සරහා මේ කරන දෙය මං පෞද්ගලිකව කිසිසේත්ම අනුමත කරන්නේ නෑ . සදාචාර විරෝධී, යැයි වැඩිදුරටත් පැවසීය.

– මිනුර රෂාන්ත

17,307 Viewers

7 Comments to “තම නායකයා ප‍්‍රභාකරන්ද.. රනිල්ද..- විජයකලා තීන්දුව ගනී..”

  1. sinha le says:

    රංජන් රාමනායක මහතා විජයකලා ගේ LTTE ත්‍රස්තවාදය සත්‍යක් බව රටට ඔප්පුකලා ඔහුට අපේ ස්තුතිය
    අධිකරණයට කරුණු වාර්තා කර විජයකලා කොටි ත්‍රස්තවාදිනියට සිර දඩුවම් ලබා දිය යුතුයි.මන්ත්‍රී ධුරය වහාම අහෝසි කරනු .ත්‍රස්තවාදී කාන්තාවක් පාර්ලිමේන්තුවට පැමිණීම ඉතාම අනතුරු දායකයි LTTE යනු දරුණුම ත්‍රස්තවාදීන් ඔවුන් මිනිස් ජිවිත බෝම්බ සමග යොදාගෙන මිනිස් ඝාතනය කරන දරුණුම ත්ර්ස්තවාදින්ය අපේ රටේ පාර්ලිමේන්තුවත් අනතුරේ .. ජනපති ප්‍රේමදාස කොටි විශ්වාස කිරීමේ ප්‍රතිපලය ඔහු කොටින්ගේ බෝම්බයකින් ජිවතය අහිමි වීමයි
    ත්‍රස්තවාදීන් කිසිවිටකත් විශ්වාස නොකරනු

  2. fernando says:

    whoever she selected as her leader no difference since same ideology

  3. කුමාර says:

    මේකිගෙ නායකයා ඔය එකෙත්වත් නොවෙ. මේකිට සල්ලි දීලා ත්‍රස්තවාදි ප්‍රකාශ කියවල, නැවත් කොටි නැගිටිනවා කියල පෙන්නලා 2020 ගෝටාගෙ ප්‍රතිරූපය පුම්බලා නැවත බලය අල්ලන්න හදන රාජපක්ෂ රෙජීමයයි.

    • Lebbe says:

      පල ගොනෝ යන්න හිරිකොතේ කක්කුස්සි හොදන්නේ නැතුව. රාජපක්ෂ නම ඇහෙනකොටත් ඇදගෙන ඉන්න රෙද්දේ හුජ්ජ යන උන් තමයි මේ. මේකී ගන්නේ ඔය කියන දෙකම නෙමෙයි my 3 ගේ නායකත්වය. ඒ තියන සබැදියාව,ලැදියාව නිසා.

    • upul says:

      kumara, namin liyana awajaathakaya amma kenek wadapu ekek nowei.wesa geheniyak pandurakata kakka karapu narumayek,

  4. චතුර says:

    දෙන්නාගේම වෙනසක් නැතිනිසා ප්‍රශ්ණයක් නැහැ.

  5. samantha says:

    I can’t understand what has happened to Srilankan politicians, actually they are not real politicians, they are uneducated stupid idiots and thieves,now a days their biggest topic is Vijayakala,I surprised why these stupids can’ t understand the reality,Vijayakala has said that she wants to bring LTTE again,so what’s wrong with that,if LTTE wants to do politic, they have a right to do that same like other thieves do, we everybody can remember, some years ago what JVP did, nobody has forgotten that, how many innocent people they have killed,but it is finished now and that’s OK ,because they have stopped those malicious actions and have entered to democracy, but it is disgusting to hear when some politicians those who have killed many people while they were in JVP talking against Vijayakala, because Vijayakala has not killed any human,everybody understand even LTTE will come back, they will not be able to do terrorist activities again and they have to do democratic or any other acceptable politic, but not the war, if general public like JVP can come to power therefore same theory for the LTTE as well, so why these idiots are hanging Vijayakala’s tale instead of understanding the noble truth.the reason is they are scumbags.

Main News