තයිපොන්ගල් සමරන්න අධික වේගයෙන් ගිය සැප රිය දහඅට පට්ටං.. තරුණයින් දෙදෙනෙකු මිය යයි..

January 14, 2018 at 11:20 am | lanka C news
තයිපොන්ගල් සමරන්න අධික වේගයෙන් ගිය සැප රිය දහඅට පට්ටං.. තරුණයින් දෙදෙනෙකු මිය යයි..

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී අද (14) අළුයම සිදු වූ මෝටර් රථයක් අනතුරට ලක් වීමෙන් තරුණයින් දෙදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

අද දිනට යෙදී ඇති තයිපොන්ගල් සැමරුම හේතුවෙන් උත්සව අවස්ථාවකට සහභාගී වී මෙම තරුණයින් දෙදෙනා මෝටර් රථයකින් අධික වේගයෙන් පැමිණ ඇති අතර වව්නියාව මන්නාරම් ප්‍රධාන මාර්ගයේ කුරුමන්කාඩු ප්‍රදේශයේදී අළුයම (12.30 ට පමණ මෝටර් රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව පෙරලී ගොස් විදුලි කනුවක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තුරුණයා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අද (14) උදෑසන මිය ගොස් ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි රමේෂ් නදීෂාන් හා 21 හැවිරිදි රවින්ද්‍රන් ප්‍රභාත් යන තරුණයින් දෙදෙනා වන අතර ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු මේ වන විට වව්නියාව මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,448 Viewers

4 Comments to “තයිපොන්ගල් සමරන්න අධික වේගයෙන් ගිය සැප රිය දහඅට පට්ටං.. තරුණයින් දෙදෙනෙකු මිය යයි..”

  1. somapala says:

    රාජපක්ශ ලගෙ වැඩක් වගෙ නේද පේන්නෙ. තජුඩීන් මතක් වෙනවා නේද

  2. raj says:

    මෙයාලත් රගර් ක්‍රීඩා කාරයොද. එහෙනම් ෂුවර් එකටම රාජපක්ස ලාගෙ වැඩක්මයි මේක

  3. Gama says:

    උතුරු පළාතෙත් මොකද මේ නිතර නිතර ඇක්සිඩන්ට් වලින් මිනිස්සු මැරෙන්නේ. හරිම ශෝචනීයයි.

Main News