තවත් බදු සහන වැලක්.. දේශීය ව්‍යාපාරිකයෝ ප‍්‍රිතියෙන්..

December 1, 2018 at 8:40 am | lanka C news
තවත් බදු සහන වැලක්.. දේශීය ව්‍යාපාරිකයෝ ප‍්‍රිතියෙන්..

‘දේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ කටයුත්ත ගැටලුවකින් තොරව නැවත ක්‍රියාත්මක කරනවා’  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී දේශීය ආයෝජකයින් සමඟ පැවැති සාකච්ඡාවේ දී අවධාරණය කළේය.

මේ බව අවධාරණය කළේ පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදන ආයතන හිමියන් හමුවේ දීය.

මෙහිදී වෙළඳ පොළේ පාරිභෝගිකයින්ගේ පරිභෝජනයට ගන්නා කාබනික බීම සහ පළතුරු බීම නිෂ්පාදනයේ දී භාවිතා කරන සීනි සඳහා බද්ද අඩු කරන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙන ලදී.

ඒ අනුව කාබනික බීම වර්ග සඳහා සීනි ග්රූම් 06 දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්රූම් 09 දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.  තවද පළතුරු බීම වර්ග සඳහා සීනි ග්රූම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් ලබාදුනි.

එසේ හෙයින් වෙළඳ පොළේ පැණි බීම දැනට අලෙවි වන මිලට වඩා 30%කින් මිල අඩු කිරීමට හැකි වන බව නිෂ්පාදන ආයතන ප්‍රධානීන් මෙහිදී ප්‍රකාශ කළේය.

පසුගිය රජය බිස්කට් සඳහා සීනි බද්දක් අය කිරීමට සූදානමක් තිබූ බව එම සමාගම් වල නියෝජිතයින් මෙහිදී හෙළි කරන ලදී.  එහෙත් වත්මන් රජය එවැනි සීනි බද්දක් අය කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව ගරු අග්‍රාමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේය.

ජාතික ආර්ථික සභාවේ දී ද මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එකී සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ජාතික ආර්ථික සභාවේ මඟපෙන්වීම හා ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් ලබාදෙන ලද උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය මෙම සහනය ලබාදීමට තීරණය කෙරිණි.

අග්‍රාමාත්‍යතුමා ගත් මෙම තීරණය අනුව පැණි බීම නිෂ්පාදනයට හා බිස්කට් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන හා සේවා සපයන කුඩා ව්‍යාපාරිකයන්ට මෙයින් සහන සැලසෙන බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මේ අවස්ථාවට ජාතික ආර්ථික සභාවේ මහලේකම් ආචාර්ය ලලිත් පී. සමරකෝන් මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්. ආටිගල මහතා ඇතුළුව කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සහ නිෂ්පාදන ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.

– රොහාන් වැලිවිට

35,910 Viewers

13 Comments to “තවත් බදු සහන වැලක්.. දේශීය ව්‍යාපාරිකයෝ ප‍්‍රිතියෙන්..”

  1. Nim says:

    ” HAPPY NEWS , VERY GOOD MAHINDA “

  2. Jagath says:

    Wisha nethi peni rasakaraka prawardanaya kalayuthui. Seeni thamai leda roga resakatama mula !!!

    • Pal says:

      What is needed is to educate people to manage their intake of sugar.
      Not impose tax to limit consumption.

  3. niluk says:

    People start drinking theses unhealthy drinks with this move, Type 2 diabetes is a killer, encouraging business is a good move but letting people to suffer would cost Billions of rupees to treat them at National Health Service, what Mahinda should have asked them to reduce the Sugar levels in their drinks bottles at the same time.

  4. paul says:

    kalin sere deepu badhu sahana tikath thaama kriyathmaka novana rataka aluth sahana mokatada…

  5. citizen says:

    Lankawe business karayonta salakannanam slfp business aanduwak enna oney met unp wage kamkaruwange aandu awilla hariyanne na. Unp eke inne kamkaruwai, duppatma minusu witharai ne. Mey minusunta slfp wage business therenne na ney.

  6. salman says:

    සීනි වෙනුවට විස රසකාරක පෙවූ යහපාලන හරකුන්ට අමාරු ඇති. ඇස්පර්ටෙම් විස sugar free drinks වෙනුවට සීනි බීම හිතකරයි. කාට හෝ සීනි අගුන නම් නොබී ඉන්න​. අපි ඇඟ මහන් සිවෙලා වැඩ කරන අය​. අපට සීනි සහිත බීම ආහාරයක්.

  7. mali says:

    every country is concentrating on reducing sugar level in every product why we need to increase the sugar content instead try to consume low sugar products and encourage people by using mass media for low sugar and low carb diets.Where is this GMOA why you are silent for this ediotic decision. if Mahinda takes idiotic decision the benefit would be for the opponents, so involve in this and advise him about long term consequences of this decision.

  8. mali says:

    Instead encourage people to eat more protein and fat by stopping carbs and sugars eat eggs, fish more and more, stop wasting your money on carbs.You can loose weight and minimise diabetes. we have to change our diet pattern as we are no longer people of farmers who used to work hard 12,14 hours in the chena or paddy field.Rather than encouraging sugary dinks encourge these people to send more and more coconut and king coconut to the market as an alternative.This is the drink of western supermarket which is being sold for high pice and more popular.

  9. ව්‍යාපාරිකයන්ට හොඳයි. පොඩි මිනිහට මොකුත් නෑ!

    • dayas says:

      thappulana dappula badu mila thel mila adu wenawata kemathi nehe.
      robary amila langata ammawa ekkaragena gihin mekata upades ganin.nethnam
      harak wijesooriya..thatta wiyangoda. wal nurs. hoyaagena palayan.

  10. david milibanda says:

    Niluk… reducing sugar levels in our intake is our business and nor Mahindas’.
    Mali……….. We sri lankans are educated enough to know what is good and bad for us. What we should take and what we need to avoid. YOU ARE TALKING NONSENSE. You think rest of sri lankans are idiots?”

Main News