තහනම් දැල් වලින් මාළු ඇල්ලූ මෙරට ධීවරයින් 12 ක් මන්නාරමේදී අත්අඩංගුවට..

July 31, 2017 at 2:05 am | lanka C news
තහනම් දැල් වලින් මාළු ඇල්ලූ මෙරට ධීවරයින් 12 ක් මන්නාරමේදී අත්අඩංගුවට..

තහනම් දැල් භාවිතා කරමින් මන්නාරම් වෙඩිතලතිව් මුහුදු තීරයේදී මසුන් ඇල්ලූ මෙරට ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදාව විසින් (29) අත්අඩංගුවට ගෙන ඇත.

උතුරුමැද නාවික විධාන මූලස්ථානය අනුයුක්ත නාවික සෙබලුන් පිරිසක් විසින් වෙඩිතලතිව් මුහුදු තීරයේදී තහනම් දැල් භාවිතා කරමින් රහසිගතව මසුන් ඇල්ලූ ධීවරයින් 12 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින්ට අමතරව ඩිංගි යාත්‍රා 03 ක් , වල්ලම් යාත්‍රාවක් , තහනම් දැල් 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 , වන අතර අත්අඩංගුවට ගත් ධීවරයින් හා උපකරණ වැඩි දුර් නීතිමය පියවර සඳහා වෙඩිතලතිව් ධීවර පරික්ෂක කාර්යලාය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

277 Viewers
Main News