ත්‍රස්‌තවාදයෙන් මුදාගත් විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ.. රට ගැන කැක්කුමක් නැති උන් අද රටම විකුණනවා.. – අස්ගිරි මහ නාහිමි..

December 29, 2016 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
ත්‍රස්‌තවාදයෙන් මුදාගත් විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ.. රට ගැන කැක්කුමක් නැති උන් අද රටම විකුණනවා.. – අස්ගිරි මහ නාහිමි..

“අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” යෑයි අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවසූහ.

නව ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව රටේ ජනතාවට නිසි අවබෝධයක්‌ නැති බවත් ත්‍රස්‌තවාදයෙන් මුදාගත් රට යළි විනාශවීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.විදෙස්‌ රටවල වෙසෙන ශ්‍රී ලාංකීකයන් පිරිසක්‌ එක්‌ව ඇතිකරගත් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිත අස්‌ගිරි මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්‌ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.

මෙම අවස්‌ථාවේ අදහස්‌ දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන හරහා බෞද්ධ සංස්‌කෘතියට රටේ භෞමික අඛණ්‌ඩතාවට සිංහල ජාතියට අයහපතක්‌ වෙනවා නම් සෑම පුරවැසියකුම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් එය සෑම

ශ්‍රී ලාංකිකයකුගේම යුතුකමක්‌ හා වගකීමක්‌ බවත් අවධාරණය කළහ. ශ්‍රී ලාංකීය ජාතියක්‌ ලෙස මෙම මාතෘ භූමිය තුළ අපට ඇති ස්‌වාධීනත්වය අහිමි වුවහොත් ලෝකයේ අසරණ ජාතියක්‌ බවට පත්වීමේ ඉඩකඩ ස්‌ථීරවම ඇතිවන බව ද උන්වහන්සේ පැවසූහ.

දේශපාලනයේ යෙදෙන පිරිස්‌ අවස්‌ථාවාදී ලෙස ක්‍රියාකරමින් රටට, ජාතියට අයහපතක්‌ වන විට නිහඬව සිටින තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන බව ද ලේඛකාධිකාරී හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ලේකම් නිහාල් මෙන්ඩිස්‌ මහතා, “දෙමළ ඩයස්‌පෝරාව” ලංකාවට හානිවන පරිදි නොයෙක්‌ ප්‍රකාශ නිකුත් කරනවා. ඊට එරෙහිව නිසි පිළිතුරු ලබාදීම සඳහා අපි ශක්‌තිමත් සංවිධානයක්‌ පිහිටුවා ගත්තා.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය අගයන ඒ වෙනුවෙන් පෙනී සිටින ඕනෑම අයකුට මෙම සංවිධානය හා එක්‌විය හැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

– දිවයින

34,739 Viewers

12 Comments to “ත්‍රස්‌තවාදයෙන් මුදාගත් විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ.. රට ගැන කැක්කුමක් නැති උන් අද රටම විකුණනවා.. – අස්ගිරි මහ නාහිමි..”

  1. nanayakkara says:

    2015 ජනවාරි 08 දින මේ රටේ සිංහල බෞද්ධ 40,00000 ක් අතර ඹබ වහන්සේලාත් සිටියාද? කළගුණ ගැන බණ දෙසන මහා නායක හිමිවරුන් එදා අප සමග සිටියාද? එදා එසේ නොසිට දැන් උදහස් වූවාට පලක් නැත.අනාගත දැක්මක් නොමැති සංඝයන් වහන්සේලාගෙන් ලක්මවට අවැසි නැත.

    • oshi says:

      හැමදාම උඹලා එක්ක ඉන්න කියල නීතියක් තියේද,අවශ්‍යය තැනදි අපි එකතු වෙනවා එච්චරයි

      • සුදු පරවියා says:

        ගෞරවනීය අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්ට අපේ පාදපුර්ව නමස්කාරය ..ස්තුතිය
        අවසරයි අපේ හාමුදුරුවනේ ….
        කියන්න තියන දේ නොබියව සක්කරයට වුනත් කියන ,,රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කරන අභිත හෙළයන් අද අපේ රටට අවශ්‍ය වී ඇත
        හෙළයිනි කෝ උබලගේ පෞඪ ඉතිහාසය කෝ උබලගේ සංස්කෘතිය ඒ සේරම වත්මන් දේශපාලුවෝ ඔවුන්ගේ වාසියට සුළු ජාතීන්ට පාවා දීලා නේද ?
        දැන් මේ රටේ කුමක්ද සිදුවෙන්නේ? බෞද්ධ දර්මය විකුර්තිකරනවා ..කතෝලික පල්ලියේ පෝරුතොට පාදිලි ..ජය පිරිත රිමික්ස් කර ..පාලි භාෂාව විකෘති කර ..තුන් සරණය කිලිටිකර දැන් කතෝලික පල්ලියේ දැන් කියවෙන කතෝලික අෂ්ඨක අපේ මහනායක සංඝයාවහන්සේලා දැනුවත්ද ? අපේ බෞද්ධාගම සර්වාගමික බහුආගමික උමතුව නිසා විනාශවෙමින් පවතී. ඒවාට විරුද්ධව මෙතෙක් කිසිම බෞද්ධයෙක් විරුද්ධව කටයුතු කර තිබෙනවාද ? අපේ ගෞරවනීය සංඝයාවහන්සේලා බුදු දහමට මේ විනාශය ගැන සොයා බලා කටයුතු කල යුතුයි නේද ?සහජීවනය කියමින් බෞද්ධයන්ගේ ඇදිවත් ගලවන තුරු සිංහල බෞද්ධයා බලා සිටිය යුතුද ? මේවා ගැන කතා කිරීම අගම්වාදීද ? ජාතිවාදීද ? නැහැ නේද ?
        අපේ රටේ වරායවල් ජාතික සම්පත් විදේශීය රටවලට වත්මන් රෙජීමය උත්සාහ කරනවා ..නැගෙනහිර විල්පත්තුව විනාශකරමින් ඉස්ලාම් කොළණි ගොඩනගනවා ..රට අහිතකර නව ව්‍යවස්ථා පනත් ගෙනත් රට කෑලි වලට කඩා සුලුජාතින්ට පවරා දීමට කටයුතු කරනවා ….මෙතරම් විනාශයක් අපේ සිංහල බෞද්ධ මව් වෙද්දී ඇයි අපේ ගෞරවනීය මල්වත්තේ -අස්ගිරි මහා නායක හිමිවරු නිහඩ වී සිටින්නේ ? ගෞරවනීය හාමුදුරුවනේ සියලුම සංඝයාවහන්සේලා සමග රට ජාතිය ආගම බේරා ගැනීමට පෙරට වඩින ලෙස යටහත්ව ඉල්ලමි ..මේ අවුරුදු 2600 බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ලෝකයේ සිංහලයා සතු එකම මාතෘ භුමිය නේද ?
        අනගාරික ධර්මපාල තුමා 1926දී කියූ එතුමාගේ ඉතා ප්‍රසිද්ධ වු පහත ප්‍රකාශය දෙස බලමු; මෙය කොතරම් අද දිනටත් අදාල නොවන්නේද?:
        “මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.….
        මහ ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියන දුර්වල කම් නිසා ,ජාතියක් භේද ගින්න වුනොත් එකෙන් ප්‍රයෝජන ගන්නේ අනෙක් සුළු ජාතින්
        එතකොට අනිත් සුලුජාතින් තව තවත් ශක්තිමත් වෙනවා ..ශක්තිමත් වෙනවා විතරක් නොවේ මහජාතියේ ඔළුවට ඇත හෝදන්නත් එනවා ( අද උතුරේ ඊළම් දෙමල ජාතිවාදීන් , නැගෙනහිර අන්තවාදී මුස්ලිම් ජාතිකයින් කරන්නේ එයම නේද ?) සිංහලයා නිහඩව සිටින්නේ මන්ද ?
        “උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි”
        අපේ රට ජාතිය ආගම වෙනුවෙන් කටයුතුකරන බොදුබල සේනා ,රාවනා බලය සිංහ ලේ මහසොන්බලකාය ඇතුළු සියලුම සිංහල දේශහිතෙෂි සංවිධාන වල අපේ ගෞරවනීය ප්‍රණාමය ස්තුතිය
        https://www.facebook.com/TheSword.lk/

  2. fernando says:

    Awasara hamuduruwanay apa sama ekawanwa ekwemu

  3. ss says:

    pba wahanse mewata akamathi wonata thibbatowawe onnanse UNP eke me wada walata kamathiyi nowa ape hamodorowane.

  4. sanhindiyadasa says:

    Ane hamuduruwane Narakath hondayi kiyanne me welawata. Rata bedana gamakana awajathayantha erehiwa adawath kala me prakahaya gana api sathutuwemu. Watapathin gahalaa wandinna ena buutha desapaluwnwa elawa damnna. sadu…sadu……

  5. kate says:

    Hamuduruwane, please draw your attention on Hambanthota habour also. Please don’t let that agreement to be signed on 07 January. This is the most valuable asset of our country. We our self can develop the harbor and other relevant industries.

  6. Asoka says:

    බුදුන්ගේ දර්මය වනසන චීවරදාරින්ට විරුද්දව මොනවා හරි කරොත් හොඳයි නේද? රුපියල් බිලියන ගණනක් හිමි ඔබවහන්සේ සතයක්වත් දුප්පත් ජනතාවට වියදම් කරන්නේ නැති එක ගැනත් දුකයි

    • සෝමපාල says:

      අතිපූජ්‍ය අස්ගිරි මහානායක නා හිමියන්ට අපහාස කරන මේ මිත්‍යාදෘෂ්ඨිකයා මොකාද?

      • AVB says:

        ධර්මය දන්නේ නැති අපේ මහානායක , තමන්ට අයිති නැති රටක් ගැන කතා කරනවා . සංස්කෘත වචන භාවිත කරලා බුදු වදන් කියන මේ සාදුල , පාලි භාෂාව ඇත්තටම කිවන්න බැරිය කියා මම විශ්වාස කරනවා.

  7. Champa says:

    අස්ගිරි මහා නායක හාමුදුරුවන්ගේ එඩිතර වචන මුළු රටටම ශක්තියක්. බෞද්ධයන්ට සැනසීමක්. අපේ ඉතිහාසයේ පැරණි සඟරජවරු රට බේරා ගන්නට ඉදිරිපත් වීම සිහි කරවන්නක්.

    රට ජාතිය ආගම වෙනුවෙන් ඔබ වහන්සේගේ කැපවීම මුළු රටම ඉහලින්ම අගය කරනවා. ඔබ වහන්සේ කිව්වා වගේ රණවිරුවෝ දිනා දුන්නු දේශය රැක ගැනීම වෙනුවෙන් ඉදිරියට ඒම හැම සිංහලයෙකුගේම යුතුකම සහ වගකීම.

    රට බෙදා වෙන්කිරීමෙන් බේරා ගන්නට වගේම මහා පරිමාණයෙන් සිද්ධ වෙන රටේ වටිනා සම්පත් පරගැතියන්ට විකිනීමේ ජාවාරම වහා නතර කරවන්නටත් මුළු ජාතියම එකා වගේ නැගී සිටිය යුතුයි.

    රට තුල සිද්ධ වෙන දේ ගැන මනා අවබෝධයක් ඇතුව, රට වෙනුවෙන් ප්‍රබල හඬක් නැගීම වෙනුවෙන් ඔබ වහන්ස්ට මුළු ජාතියේම ප්‍රණාමය හිමි වෙනවා.

  8. රමනී says:

    අපේ මවුබිමට සිරිසේන, රනිල්, චන්ද්‍රිකා තුන්කට්ටුව කරන්ඩ අර අඳින අපරාදයට විරුද්ධව ප්‍රසිද්දියේ හඩ නැගීම පිලිබඳව අස්ගිරි 
    පාර්ශවයේ මහාණායක ස්වාමීන්වහන්සේට අපගේ ගෞරවණීය ප්‍රනාමය!

    නමුත් එම උවදුර තේරුම් ගන්ඩ තිබ්බොටු ගෙඩියක තරම්වත් මොලයක් මල්වතු හාමුදුරුවන්ට නොමැත්තේ අපේ ජාතියේම අවාසනාවටද? 

Main News