තාත්ත විතරක් නොවෙයි ආණ්ඩුවේ තවත් හොරු ආණ්ඩු ඉන්නවා.. රවි කරුණානායකගේ දුව කියයි..

August 7, 2017 at 12:00 pm | lanka C news
තාත්ත විතරක් නොවෙයි ආණ්ඩුවේ තවත් හොරු ආණ්ඩු ඉන්නවා.. රවි කරුණානායකගේ දුව කියයි..

බැඳුම්කර මගඩිය මඟින් රටම විනාශ මුඛයට ඇද දැමීම සම්බන්ධයෙන් රවී කරුණානායක පමණක් නොව මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුවේ සියලුදෙනා වගකිවයුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහත පැවසීය.

ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව රවී කරුණානායකගේ කරපිටින් යවා ඇඟබේරා ගැනීමට ආණ්ඩුවට ඉඩ නොතබන බව පැවසූ රණතුංග මහතා ආණ්ඩුව හොරුන්ට දඬුවම් නොකළහොත් ඉදිරියේ දී පත්වන ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුවක් මඟින් බැඳුම්කරයට සම්බන්ධ සියලුදෙනා අධිකරණය හමුවට දක්කාගෙන යන බවත් කීවේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන මට්ටමේ සම්මන්ත්‍රණයකට බදුල්ල, පස්සර නගරයේ දී 06 වැනි දා සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“හොරු අල්ලන්න ආපු යහපාලන උපාසක මහත්තුරුන්ගෙ හොරකම් ඔන්න දැන් එළිවෙන්න පටන් අරන් තියෙනවා. හොරු අල්ලනව කියපු අයට වඩා හොරු ටිකක් ලෝකෙවත් නැති බව මේ අවුරුදු දෙකහමාරකට කරපු හොරකම්වලින් ඔප්පු වෙලා ඉවරයි. කොටින්ම මේ ඇවිත් ඉන්නෙ කම්බා හොරු ටිකක්.

හොරුන්ගෙත් හොරා තමයි බැඳුම්කර හොරා. බැඳුම්කර වංචාව සිද්ධ වුණේ 2015 පෙබරවාරි මාසයේ. ඒකාබද්ධ විපක්ෂය තමයි මේ වංචාව රටට හෙළි කළේ. යහපාලනය නිසා තමයි බැඳුම්කර කොමිසම පත් කළේ කියලා කටමැත දොඩවන ඇමැතිවරුන් සේරම එදා උත්සාහ කළේ මේ මගඩිය වහන්නයි.

ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාවෙන් බැඳුම්කර වංචාව ගැන කරුණු හෙළිදරව් කෙරුණාම ඒකාබද්ධ විපක්ෂය රවීට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. විශ්වාසභංග යෝජනාවෙන් රවී කරුණානායකව බේරා ගන්න ජනාධිපතිවරයා හිටිහැටියේම අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.

බැඳුම්කර හොරුන් අල්ලන්න සැබෑ වුවමනාවක් තිබුණා නම් ජනාධිපතිවරයාට තිබුණා විශ්වාසභංගය විවාදයට ගන්න ඉඩදෙන්න. ඒ විතරක් නෙමෙයි බැඳුම්කර වංචාව ගැන මුලින්ම හෙළිකරපු ඩිව් ගුණසේකරව ජාතික ලයිස්තුවෙන් කපාහැරියා. එහෙම කළේ ඩිව්ගේ කට වහන්නයි.

ඒ විතරක් නොවෙයි සුනිල් හඳුන්නෙත්තිගේ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ආවාම අර්ජුන් මහේන්ද්‍රන් බේරා ගන්න ෆුට් නෝට් ගහපු අයත් ඉන්නවා. ඒ අයටත් රවීට වගේම ගෙවල් වාසි ලැබුණද කියලා බලන්න ඕනේ. ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂයම කටයුතු කළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ අතවැසියෝ විදියටයි.

හොරු බේරාගන්න අමු අමුවේ කඩේ ගිය අය දැන් අපි මහන්සි වෙලා හොරු අල්ලන කොට ඒකේ වාසිය ගන්න හදනවා. අපි කියන්නේ රවී විතරක් නෙමෙයි බැඳුම්කරයට වගකිවයුතු අනෙක් හොරු ටිකත් අල්ලන්න ඕනේ කියලයි. රවීටත් උඩින් ඉඳගෙන මේ වංචාවට අනුබල දීපු අයත් ඉන්නවා.

මහ බැංකුවේ අධිපති විදියට සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් පත් කරලා මේ වංචාවට ඉඩ හැරියේ කවුද කියන එක හෙළිදරව් විය යුතුයි. ඒ වගේම පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායවරයකුට රුපියල් ලක්ෂ 50 ගාණේ බෙදන්න සල්ලි ආවේ කොහොමද කියන එකත් හෙළිදරව් විය යුතුයි.

බැඳුම්කරයට පමණක් දෙවෙනි වන වංචාවක් මේ ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට විකුණන ගනුදෙනුව පිටිපස්සේ සිදුකරපු බව අපට පැහැදිලියි. ඒ ගැන හොයන්නත් ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි. එතකොට රජයේ ගබඩාවල තිබුණු හාල් බියර් කොම්පැණිකාරයන්ට විකුණපු එක ගැනත් හොයන්න ඕනේ.

මේ සියලු කාරණා ගැන හොයන්න ආණ්ඩුව කටයුතු නොකළොත් මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සර පිහිටුවන අපේ ආණ්ඩුවක් යටතේ මේ සියලු වංචා ගැන හොයන්න කටයුතු කරනවා. ඒ සියලු හොරකම් ගැන හොයලා හොරු සියලුදෙනා වැලිකඩ බන්ධනාගාරයට ගාල් කරනවා.

හොරු විතරක නෙමෙයි හොරුන්ට අනුබල දෙන, හොරකම් දැකලා නොදැක්කා වගේ ඉන්න, හොරු බේරා ගන්න ෆුට් නෝට් ගහන හැමෝටම එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනත් තියෙන විශ්වාසභංග යෝජනාවෙදි කාගෙත් තරාතිරම රටට හෙළිවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේවා, එක්සත් ජාතික පක්ෂයේ වේවා කාටවත් හෘදය සාක්ෂියට එකඟව රවී වෙනුවෙන ඡන්දය පාවිච්චි කරන්න බැහැ. රවීව බේරා ගන්න ඡන්දය දෙන අය ගැන ජනතාව ඊළඟ මැතිවරණයේ දී තීරණයක් ගනියි. හොරුන්ට වඩා භයානක හොර රකින අයයි.

රවී කරුණානායක තමන්ගේ රට විතරක් නෙමෙයි තමන්ගෙ පවුලෙ උදවියත් ලෝකය ඉදිරියේ පාවා දුන්නා. එයාට දැන් මොකුත් මතක නැහැ. කොළඹ සුපිරි නිවාස සංකීර්ණයක පදිංචි වෙලා හිටියට ඒ  ගේ ගත්තේ කොහොමද කියලවත් එයාට මතක නැහැ. ඇමැතිකම් කළේ කොහොමද කියල පුදුම හිතෙනවා.

රවී මහත්තයාගේ දුව කියනවා තාත්තා විතරක් නෙමෙයි තව හොරු ආණ්ඩුවේ ඉන්නවා කියලා. අපි ඒක දන්නවා. රවී කියන්නෙ එක හොරෙක් විතරයි. රවිට නොදෙවෙනි හොරකම් කරපු අය ආණ්ඩුවේ ඉන්න බව රටම දන්නවා. මහින්ද මහත්තයාට හොරා හොරා කිව්ව සේරම හොරු බව දැන් පැහැදිලියි.

සරත් ෆොන්සේකා මහත්තයා කියනවා රවී කියන්නේ වීරෝදාර දේශපාලනඥයෙක්ලු. දැන් පේනවානේ මහින්ද මහත්තයලා නායකත්වය දීලා ෆොන්සේකව යුද්ධයට ඇරියේ නැත්නම් ෆොන්සේකා ඉන්නෙ ඇඳ යට බව. හොරාට හොරා කියන්න කොන්ද පණ නැති මිනිහා කොහොමද කොටියට විරුද්ධව සටන් කරන්නේ?

හොරු වෙනුවෙන් තමයි දැන් සේරම පෙනී ඉන්නේ. මෙයාලාගේ අලුත්ම තර්කය තමයි චෝදන ඔප්පු වෙනකම් හොරා කියන්න බැහැ කියන එක. එතකොට මහින්දලා, නාමල්ලා, බැසිල්ලා, ගෝඨාභයලා, ප්‍රසන්නලා, වෙල්ගමලා ඔක්කොම හොරු කරන්න දත කන්නේ ඔප්පු වෙලා හින්දද කියලා අහන්න මම කැමැතියි.

අපිට එක නීතියක්. රවීට එක නීතියක්. ඔන්න ඕක තමයි මෙයාලාගේ යහපාලනේ. මේක යහපාලනේ නෙමෙයි වහපාලනේ. දැන් යහපාලනේ කම්බා හොරුන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් අරන්. තවත් යහපාලනේට කඩේ යන අයට ඕනේ නම් දැන් රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලනේ එකතු කරගන්න පුළුවන්.

ඩිලාන් පෙරේරා කිව්වා කොයි පැත්තෙන් සිරීපාදේ කියත් නල්ලතන්නියේ දී හම්බ වෙනවා කියලා. අපි නම් දැන් නල්ලතන්නියට ඇවිත් ඩිලාන් ඇමැතිතුමාලා තාම සිරිකොතේ වළං හෝද හෝද සිරීපාදෙ යන්න සිහින මවනවා. අපිට නම් කියන්න තියෙන්නෙ ඇමැතිතුමෝ දැන් ප්‍රමාද වැඩියි කියලයි. පවුකාරයන්ට සිරීපාදේ යන්න බැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

23,727 Viewers

4 Comments to “තාත්ත විතරක් නොවෙයි ආණ්ඩුවේ තවත් හොරු ආණ්ඩු ඉන්නවා.. රවි කරුණානායකගේ දුව කියයි..”

  1. leel says:

    හොරු අල්ලන්න ආපු තොපිට හොරකන් කරන්න උනා එහෙනම්…තව ටික කාලයකදි තොපිට තොපලාගෙ ස්‍රි මුකයෙන් කියන්න වෙනව මහින්ද හොරෙක් නෙමෙයි කියල…අන්න එදාට ඔය ස්‍රි මුකයෙන් වැසිකිලි යමල්ලා…අදෝමුකයෙන් කැම කාල…..

    ආ තවදෙයක්..මහින්ද හොර්කන් කරපුවාගෙන් රටට පාරවල්, ගුවන්තොටුපොලවල්, වරායවල් හදල දුන්න කියල පෙන්න තියනව….

    තොපේ උන් හොරකන් කරපුවයින් රටට මොනවද කලෙ ? අරක්කු ෆැක්ටරි, පත්තර ෆැක්ටරි ඇරපු එක ඇරෙන්න….

    • asaranaya says:

      ප්‍රසන්න මහත්තයෝ මේ මළහැත්ත හිරගෙවල් වලට දක්කන්න අව්ශ්යය නැත ඒකත් පොදු මිනිහාගෙ වියදමට බැරවෙනවා, මුන්ට කන්න බොන්න දීලා, එකම පිලිතුර ගෝල්ෆේස් පිටියෙ මුහුදු වෙරළට කැදාවාගෙන ගොස් එක ගිනිබටයකින් සන්ග්‍රහා කිරීමයි කලයුත්තේ,
      80 දශකයෙ ලයිබීරියාවෙ ඒ දේ කලා, අගමැති ඇතුලු
      ඇමති මඩුල්ලම ගිනිබටයෙන් සන්ග්‍රහා ලැබ වැල්ලෙ වැළිකැවා

  2. Niru says:

    Yes PM, MS, CR, AP, Kirialle,SB, and many more Cos it is a “big government “

  3. කම්බා හොරු says:

    අපි ඔක්කොම රජ හොරු ඔක්කොම කෙලින්නවා මුළු මැති සබයම හොර දෙටුවෝ තාලයට සින්දුව කියලා අප්පුඩි ගහමු නෙ චදේ දුන්නු අපි. එංගලන්තෙත් ඔහොමයි ඇමෙරිකාවෙත් එහෙමයි. අපිත් එහෙමයි නේද රවී මාමේ?

Main News